අනාගත නායකයන් සවිබල ගැන්වීම වෙනුවෙන් Hemas Consumer Brands (HCB) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය (USJ) අවබෝධතා ගිවිසුමක් අරඹයි

Share with your friend

මෙරට ප්‍රමුඛ සන්නාමයක් වන Hemas Consumer Brands (HCB) විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (USJ) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. රැකියා සඳහා පමණක් නොව, ජාතික සංවර්ධනය සහ තිරසාර වර්ධනය නිර්මාණය කරන අර්ථවත් වෘත්තීන් සඳහා ද සිසුන් සූදානම් කිරීම මෙහි මූලික අරමුණ වේ.  ජාතික සංවර්ධන ඉලක්කවලට අනුකූලව සිසුන් පෙළගස්වමින්  රැකියා නියුක්තිය සඳහා ද දායකත්වය මේ තුළින් ලබා දෙන අතර  මෙම හවුල්කාරිත්වය හරහා අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ සනාථ කරන ලද වාර්තා සහිත විශ්වසනීය ආයතන ද්විත්වයක් ඒකාබද්ධ කෙරේ. මෙමඟින් කර්මාන්තය සහ ශාස්ත්‍රීය කටයුතු එකට යා කරන අතර එය මෙරට මීළඟ පරම්පරාවේ වෘත්තිකයන් ,නවෝත්පාදනයන් සහ නායකයන් සඳහා නව අවස්ථාවන් විවර කිරීම කෙරෙහි බෙහෙවින් උපකාරී වේ.මෙම අවබෝධතා ගිවිසුම මඟින් සමාජීය වගකීම සහ අනාගතය පිළිබඳ පුළුල් චින්තනයක් සහිත සමාගමක් ලෙස Hemas Consumer Brands (HCB) නවෝත්පාදනය කෙරෙහි දක්වන අඛණ්ඩ කැපවීම සහ ඔවුන්ගේ දැවැන්ත කාර්යභාරය ද මැනවින් අවධාරණය කරයි.

විශ්වවිද්‍යාල සිසුන්ට දැනුම බෙදාගැනීම, කුසලතා සංවර්ධනය සහ ප්‍රායෝගික කර්මාන්ත ආදී අංශ ගණනාවක් ඔස්සේ ප්‍රතිලාභ රැසක්  ලබා ගැනීමට හැකියාව ලැබීම මෙම අද්විතීය සහයෝගීතාවයේ සුවිශේෂීත්වය වේ.එමෙන්ම කර්මාන්තයේ සැබෑ මාර්ගයන්ට ප්‍රවේශ වෙමින් සීමාවාසික පුහුණුව, ව්‍යාපෘති, උපදේශකත්වය සහ කර්මාන්තයේ හොඳම භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික  අත්දැකීම් ලබා ගැනීමට මේ ඔස්සේ අවස්ථාව සැලසෙනු ඇත.  ආයතනික හවුල්කාරිත්වයන් ඔස්සේ ජාතික කුසලතාවයන් සවිමත් කිරීමට මෙන්ම රටේ ආර්ථික ප්‍රගතිය ඉහළ නැංවීම පිළිබඳ මෙමඟින් කදිම ආදර්ශයක් සපයයි.ශ්‍රී ලාංකිකයන් මිලියන සංඛ්‍යාවක් වෙත විශ්වසනීය මෙන්ම අසමසම ගෘහස්ථ සන්නාම පෙළක් පිරිනමමින් ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථක මෙන්ම ගෞරවණීය සමාගමක් ලෙස Hemas Consumer Brands (HCB) ගොඩනැගී ඇත.දේශීයව වර්ධනය වූ ව්‍යවසායකයෙකු ලෙස HCB සතු දේශීය අවබෝධය, නවෝත්පාදනය, අලෙවිකරණය සහ විකුණුම් විශිෂ්ටත්ව මැනවින් පිළිබිඹු වේ.පාරිභෝගිකයා පිළිබඳ පවතින ගැඹුරු අවබෝධය , නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය සහ ලාංකික ජීවන රටාවට ගැළපෙන නිර්මාණාත්මක ව්‍යාපාර ඔස්සේ මෙරට වෙළෙඳපලේ සන්නාම කාණ්ඩයන්හි ප්‍රමුඛස්ථානය දිනා ගැනීමට Hemas Consumer Brands (HCB) සමත් වී තිබේ.එබැවින් විශ්වවිද්‍යාලවල සිටින මීළඟ පරපුරේ ආයතනික නායකයන්ට අවශ්‍යය දැනුම ලබාගැනීම සඳහා මෙය කදිම තෝතැන්නක් වනු ඇත. එපමණක් නොව ආයතන හුදෙක් ලාභය මත පදනම් ව කටයුතු කිරීම යන මතය වෙනස් දිශානතියකට යොමු කරමින් අනාගත නායකයන් සහ තිරසාර වර්ධනය වෙනුවෙන් ද ක්‍රියාකාරී ආයෝජකයන් ලෙස ආයතන ලබා දෙන දායකයත්වය කෙරෙහි HCB හි මෙම මුලපිරීම මනා නිදසුනක් වනු ඇත.


Share with your friend