රට පුරා අධ්‍යාපනික මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අදානි පදනම, පෞද්ගලික K-12 අධ්‍යාපනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන GEMS අධ්‍යාපනය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත. අදානි පවුලෙන් පිරිනමන ලද ඉන්දියානු රු. කෝටි 2,000ක මූලික පරිත්‍යාගය සහ මෙම හවුල්කාරිත්වය තුළින් සමාජයේ සෑම ස්ථරයකම ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දැරිය හැකි මිලකට ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉගෙනුම් යටිතල පහසුකම් ලබා දීමට මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රමුඛතාව දෙනු ඇත. මෙම පදනම ඉන්දියාවේ විශාලතම යටිතල පහසුකම් සපයන සමාගම් සමූහය වන අදානි සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය නියෝජනය කරනු ලබන ව්‍යාපෘතියකි.

ගෞතම් අදානි සභාපතිතුමාන්ගේ සමාජ දර්ශනය වන “සේවය වෙනුවෙන් උපරිමයෙන් කැපවීම” යන සංකල්පයට අනුව, මෙම සහයෝගීතාවය ඉගැන්වීමේ දක්ෂතා වර්ධනය කිරීම කෙරෙහි අවදානය යොමු කරමින් ඉහළ ප්‍රමිතියේ පර්යේෂණ ආයතන බිහි කිරීමට අවශ්‍ය නවෝත්පාදනය හා ශක්‍යතා වර්ධන වැඩසටහන් සඳහා සහය ලබා දෙනු ඇත.
පළමු ‘Adani GEMS School of Excellence’ පාසැල 2025-26 අධ්‍යයන වර්ෂයේදී ලක්නව් හි පිහිටුවනු ලැබීමට නියමිතය. ඉදිරි වසර තුන තුළ, K-12 වර්ගයේ පාසැල් අවම වශයෙන් 20ක් ඉන්දියාවේ ප්‍රධාන මහා නගර වෙත හඳුන්වාදීමට නියමිත අතර, පසුව දෙවැනි මට්ටමේ සිට සිව්වන මට්ටම දක්වා නගරවල ද එම පාසල් පිහිටුවනු ඇත. මෙම පාසල්වල, ආසනවලින් 30%ක් CBSE විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හදාරන, අඩු ආදායම්ලාභී හා සුදුසුකම් ඇති දරුවන්ට නොමිලේ පිරිනැමීමට නියමිතය. අදානි සමූහය ඉන්දියාව තුළ උසුලන පුළුල් ව්‍යාප්තිය හා විශාල යටිතල පහසුකම් සේවාවන් මෙන්ම GEMS හි අධ්‍යාපනික විශේෂඥ දැනුම ද උපයෝගී කරගනිමින්, මෙම සහයෝගීතාවය තුළින් ඉන්දියාව පුරා සිසුන් සඳහා පුළුල් කළ හැකි (Scalable) හා දැරිය හැකි මුදලකට තිරසර අධ්‍යාපන ආකෘතියක් සැකසීමට අදානි සමූහය අපේක්ෂා කරයි.
“මෙම මුලපිරීම ලෝකයේ හොඳම අධ්‍යාපන වරමක් අඩු වියදමකින් හා පුළුල් ප්‍රවේශයකින් විවර කරදීම උදෙසා වන අපගේ කැපවීම පිළිබිඹු කරනවා,” අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා පැවසීය. “GEMS Education සමඟ අපගේ සහයෝගීතාවය හරහා ලොව හොඳම භාවිතාවන් හා නවෝත්පාදන ඩිජිටල් ඉගැන්වීම් ක්‍රම අනුගමනය කිරීමෙන්, ඊළඟ පරපුරේ වෙනසක් කළ හැකි පිරිස, ඉන්දියාව තුළ සමාජයීය වගකීම් සහිත නායකයින් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි.”
“අපේ දැක්ම නම්, සෑම විටම, සෑම ශිෂ්‍යයෙකුටම ඔවුන්ගේ සමාජ ආර්ථික පසුබිම නොතකා ගුණාත්මක අධ්‍යාපනයක් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදා කරදීමයි,” GEMS Education නිර්මාතෘ හා සභාපති සනී වර්කී මහතා පැවසීය. “අදානි පදනම සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය අපගේ ප්‍රවේශය හා බලපෑම ව්‍යාප්ත කිරීමට අපව තවත් දිරිමත් කරනවා වගේම, ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිසුන්ට හා ගුරුවරුන්ට අපගේ ගෝලීය අධ්‍යාපනික විශේෂඥ දැනුම පිරිනමන්නටත් උපකාරී වනවා.”
ජාතියක් පරිවර්තනය කිරීම සඳහා එහි තරුණ පරපුර ගොඩනැගීමට කැපවීමෙන් හා නිරන්තරයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව මෙම සහයෝගීතාවයේ විශ්වාසයයි. මෙම සබඳතාවය තුළින් ඉහළ නිපුණතාවයකින් යුතු හා වටිනාකම් මත පදනම් වූ දක්ෂයන්ගේ සංචිතයක් ගොඩනැගීමේ ඉලක්කය කරා ගමන් කිරීමට උපකාරී වනු ඇත. Adani-GEMS Schools ගෝලීය විෂය නිර්දේශ හා ඉන්දියානු අධ්‍යයන මණ්ඩලවල හොඳම අංග ඒකාබද්ධ කිරීම තුළින් වඩාත් ඵලදායී අධ්‍යාපනයක් පිරිනැමීමට බලාපොරොත්තු වේ.
අදානි පදනම ගැන බිඳක්
1996 සිට අදානි සමූහයේ සමාජ සුබසාධන සහ සංවර්ධන අංශය ලෙස අදානි පදනම කටයුතු කරනු ලබන අතර, ඉන්දියාව පුරා තිරසර ප්‍රතිඵල සඳහා උපායමාර්ගික සමාජීය ආයෝජන සඳහා ක්‍රියාකාරීව කැපවී සිටියි. එය අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පෝෂණය, තිරසාර ජීවනෝපායන්, දේශගුණික ක්‍රියාකාරකම් සහ ප්‍රජා සංවර්ධනය යන මූලික ක්ෂේත්‍ර ඉලක්ක කරමින් ළමුන්, කාන්තාවන්, තරුණයින් සහ අව-වරප්‍රසාදිත ප්‍රජාවන්ගේ ජීවිත සවිබල ගැන්වීම වෙනුවෙන් කටයුතු කරයි. පදනමේ උපායමාර්ග ජාතික ප්‍රමුඛතා සහ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සමඟ ද ඒකාබද්ධ වේ. අදානි පදනම දැනට ප්‍රාන්ත 19ක් පුරා ගම්මාන 6,769ක ක්‍රියාත්මක වන අතර එය මිලියන 9.1ක ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇති කරන්නට සමත්ව ඇත.
GEMS Education ගැන බිඳක්
වසර 60 කට පෙර ආරම්භ කරන ලද GEMS Education, පෞද්ගලික K-12 අධ්‍යාපනයේ විශ්වාසදායක ගෝලීය ප්‍රමුඛයෙකු බවට පත්ව ඇති අතර, එහි ශිෂ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශය සහ අධ්‍යාපනික විශිෂ්ටත්වය සඳහා කැපවීම යන කරුණු සඳහා ප්‍රසිද්ධියක් උසුලන අධ්‍යාපන ආයතනයකි. ගුණාත්මක අධ්‍යාපනය සැමට ප්‍රවේශ විය හැකි දෙයක් බවට පත් කිරීමේ මෙහෙවර සමඟින්, GEMS Education සිසුන්ගේ සිට ජීවිත කාලය පුරාම අධ්‍යාපනය හදාරනන්න්, විචාරශීලී චින්තකයින් සහ ගෝලීය පුරවැසියන් වීමට සවිබලය ලබා දෙයි. රටවල් අටක් පුරා K-12 පෞද්ගලික පාසල් ජාලයක් සමඟින්, GEMS Education ජාතීන් 176කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන සිසුන් 1,70,000කට අධික සංඛ්‍යාවකට උසස් තත්ත්වයේ පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙයි. පසුගිය වසර 5 තුළ, GEMS සිසුන් ඇමරිකා එක්සත් ජනපදයේ Ivy League විශ්වවිද්‍යාල 8 ඇතුළුව රටවල් 53ක විශ්වවිද්‍යාල 1050කට අධික සංඛ්‍යාවක් විසින් පිළිගෙන ඇත.