Mayo Clinic සමඟ එක් වෙයි
- ඇඳන් 1000ක බහු-සුපිරි විශේෂ රෝහල් සහ වෛද්‍ය විද්‍යාල මුම්බායි සහ අහමදාබාද් හි ඉදිකෙරේ.
- තාක්ෂණික විශේෂඥතා සහය සඳහා ලොව විශාලතම ඒකාබද්ධ ලාභ නොලබන වෛද්‍ය කණ්ඩායම් පුහුණු මධ්‍යස්ථානය වන Mayo Clinic එක් වෙයි.
අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා, Adani Health City (AHC) නමින් ඒකාබද්ධ සෞඛ්‍ය මණ්ඩපයක් දියත් කරන බව නිවේදනය කර ඇති අතර, එය සමූහයේ ලාභ නොලබන සෞඛ්‍ය සේවා අංශය හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
![](https://eyeviewsl.com/wp-content/uploads/2025/02/Adani-Mayo-Clinic-1-1-1024x576.jpeg)
ගෞතම් අදානිගේ सेवा साधना है, सेवा प्रार्थना है और सेवा ही परमात्मा है (සේවය වෙනුවෙන් උපරිමයෙන් කැපවීම) යන සමාජ දර්ශනයට අනුව යමින්, ඉන්දියාවේ සියලුම සමාජ ස්ථරවල ජනතාවට දැරිය හැකි, ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දීම සඳහා වන පිරිවැය සම්පූර්ණයෙන් දරන්නට අදානි පවුල ඉදිරිපත් වී ඇත. අහමදාබාද් සහ මුම්බායි හි මෙම ඒකාබද්ධ සෞඛ්‍ය මණ්ඩප දෙක ඉදිකිරීම සඳහා අදානි පවුල විසින් රුපියල් කෝටි 6,000කට වඩා පරිත්‍යාග කිරීමට නියමිතය. ඉන්දියාව පුරා මහ නගර සහ කුඩා නගරවල එවැනි ඒකාබද්ධ අදානි සෞඛ්‍ය නගර ඉදිකිරීමට ද ගෞතම් අදානි විසින් සැලසුම් කර ඇත.
මෙම ඒකාබද්ධ AHC මණ්ඩප සෑම එකකම ඇඳන් 1,000කින් යුත් බහු-සුපිරි-විශේෂ රෝහල්, උපාධි අපේක්ෂකයින් 150 දෙනෙකු වාර්ෂිකව බඳවා ගන්නා වෛද්‍ය විද්‍යාල, නේවාසිකයින් 80+ක් සහ සාමාජිකයින් 40+ක්, මධ්‍ය මට්ටමේ සත්කාර ඒකක සහ මාරුකිරීමේ සහාය මධ්‍යස්ථාන ඇතුළු අති නවීන පර්යේෂණ පහසුකම් රැසක් ඇතුළත් වේ. AHC සේවා ජාලය මඟින් සියලු සමාජ-ආර්ථික පසුබිම්වල ජනතාවට සේවය සැපයීම ඉලක්ක කරන අතර, අනාගත වෛද්‍යවරුන් පුහුණු කිරීම සහ සායනික පර්යේෂණ, කෘත්‍රිම බුද්ධිය සහ ජෛව වෛද්‍ය තොරතුරු විද්‍යාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි ද විශේෂ අවධානය යොමු කරයි.
මෙම ආයතනවල ආයතනික අරමුණු සහ සායනික භාවිතයන් පිළිබඳ උපායමාර්ගික උපදෙස් ලබා දීම සඳහා අදානි සමූහය ඇමරිකා එක්සත් ජනපදයේ Mayo Clinic ගෝලීය උපදේශන සේවාව (Mayo Clinic) සමඟ සම්බන්ධ වී සිටියි. Mayo Clinic ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණය මෙන්ම සෞඛ්‍ය සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් තාක්ෂණය ඒකාබද්ධ කිරීම පිළිබඳ විශේෂඥ මග පෙන්වීමක් ද ලබා දීමට නියමිතය.
“වසර දෙකකට පෙර, මගේ 60වන උපන්දිනයේදී, මගේ පවුලේ අය සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 60,000ක් මට තෑග්ගක් ලෙස ප්‍රදානය කළා. මේ ලැබුණු මුදලින් ඇරඹෙන පළමු ප්‍රධාන ව්‍යාපෘතිය වන්නේ, අදානි සෞඛ්‍ය නගර ව්‍යාපෘතියයි. එය ඉන්දියානු සමාජයේ සෑම කොටසකම ජනතාවට දැරිය හැකි, ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සපයමින් දිගු ගමනක් යනු ඇතැයි මට විශ්වාසයි. ලොව විශාලතම ඒකාබද්ධ ලාභ නොලබන වෛද්‍ය කණ්ඩායම් ප්‍රතිකාර ක්‍රමය වන Mayo Clinic සමඟ අප ඇති කරගත් හවුල්කාරිත්වය, සංකීර්ණ රෝග සත්කාර සහ වෛද්‍ය නවෝත්පාදනයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉන්දියාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට උපකාරී වනු ඇතැයි මා විශ්වාස කරනවා.” යනුවෙන් අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා පැවසීය.
Mayo Clinic ලොව ඕනෑම තැනක සිටින ස්වාධීන සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා සිය පුළුල් විශේෂඥතාව ලබා දෙන ආයතනයක් වන අතර, මෙම වැඩසටහන මඟින් සේවාදායකයින්ට ඔවුන්ටම සුවිශේෂී අයුරින් නිවැරදි විශේෂඥයන් වෙතින් නිවැරදි පිළිතුරු ලබා ගැනීමට සහය සැලසීමට සැලසුම් කර ඇත.
අදානි සමූහය ගැන බිඳක්
ඉන්දියාවේ අහමදාබාද් හි මූලස්ථානය පිහිටා අදානි සමූහය, භාණ්ඩ ප්‍රවාහන (වරාය, ගුවන්තොටුපළ, සැපයුම්, නැව්ගත කිරීම සහ දුම්රිය), සම්පත්, බලශක්ති උත්පාදනය සහ බෙදාහැරීම, පුනර්ජනනීය බලශක්තිය, ගෑස් සහ යටිතල පහසුකම්, කෘෂි (පාරිභෝගික ද්‍රව්‍ය, පරිභෝජනයට ගන්නා තෙල්, ආහාර නිෂ්පාදන, ශීත ගබඩා සහ ධාන්‍ය ගබඩා), දේපළ වෙළඳාම්, පොදු ප්‍රවාහන යටිතල පහසුකම්, පාරිභෝගික මූල්‍ය සහ ආරක්ෂක ඇතුළු තවත් අංශ රැසක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, ඉන්දියාවේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරවල විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන සමූහය වේ. අදානි සමූහයේ සාර්ථකත්වයට සහ නායකත්වයටත් බලපෑ, තිරසර සංවර්ධනයට මඟ පෙන්වූ දර්ශනය වූයේ ‘ජාතිය ගොඩනැගීම’ සහ ‘යහගුණ සමඟ වර්ධනය’ සමූහයේ මුඛ්‍ය ප්‍රතිපත්තිය බවට පත් කරගැනීමයි. තිරසරභාවය, විවිධත්වය සහ බෙදාගත් වටිනාකම් පිළිබඳ මූලධර්ම මත පදනම් වූ අදානි සමූහයේ ආයතනික සමාජ වගකීම් පිළිබඳ වැඩසටහන් හරහා පරිසරය ආරක්ෂා කිරීමටත්, ප්‍රජාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් සමූහය නිරන්තරයෙන් කැපවී සිටී.
වැඩිදුර තොරතුරු www.adani.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.