ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගමේ TRI-ZEN ව්‍යාපෘතිය කොළඹ නගරයේ විශාලතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය ලෙස වැඩ නිම කරයි!

Share with your friend

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම් ද්විත්වය පසුගිය පෙබරවාරි මස 25 වන දින ඔවුන්ගේ TRI-ZEN ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමේ අවස්ථාව උත්සවාකාරයෙන් සමරන ලදි. කොළඹ නගර මධ්‍යයේ ඇති විශාලතම නිවාස ව්‍යාපෘතිය ලෙස වැජඹෙන නිවාස සංකීර්ණයක් වන මෙය කොළඹ 2, කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇති අතර, නිවාස 897 කින් සමන්විත මෙම  නිවාස සංකීර්ණය නාගරික ජීවිතයට අවශ්‍ය වන අති සුඛෝපභෝගි සියලුම සැප පහසුකම් වලින් සමන්විත වේ. මෙම විශාල ව්‍යාපෘතියේ සාර්ථක නිමාව සැමරීම සඳහා ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් සහ මාධ්‍යයවේදීන රැසක් මෙම විශේෂ අවස්ථාවට සහභාගි විය..

 මෙම සුවිශේෂී උත්සව අවස්ථාව සදහා ඉන්ද්‍රා සිල්වා (ඉන්ද්‍රා ට්‍රේඩර්ස්හි සභාපති), රුශන්ක සිල්වා (ඉන්ද්‍රා ට්‍රේඩර්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ), නයන මාවිල්මඩ (ජෝන් කීල්ස් සමූහයේ දේපළ අංශයේ සභාපති), ඉනෝක පෙරේරා (ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි අංශ ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සභාපති), සහ මාධ්‍යයවේදීන් ඇතුලු අමුත්තන් පිරිසක් මෙම සුවිශේෂි අවස්ථාවට සහභාගී විය. මෙම උත්සවය TRI-ZEN ගොඩනැගිල්ලේ 52 වැනි මහල මත පැවැත් වුණු අතර, නයන මල්විල්මඩ, රුශන්ක සිල්වා සහ නදීම් ශම්ස් යන අයගේ පණිවිඩවලින් උත්සවය සමාරම්භ විය..

ජෝන් කීල්ස් සමූහයේ දේපළ අංශයේ සභාපති නයන මාවිල්මඩ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “TRI-ZEN යනු තවත් එක නිවාස ව්‍යාපෘතියක් නොවේ. එය කොළඹ නගරයේ හදවත තුළ පිහිටා ඇති, කෙනෙකු ජීවත් වන විලාසිතාව වෙනස් කරවන ආකාරයේ ව්‍යාපෘතියකි. 2019 වර්ෂයේ සිටම අපගේ අරමුණ වූයේ, නාගරික ජීවිතය ඉහළතම තලයකට ගෙන යෑමට සහ එය අනාගතවාදී කිරීමටයි. අපගේ එම අරමුණ සැබෑවක් වූ බව අද අපට ආඩම්බරයෙන් යුතුව පැවසිය හැකියි.

කෙසේ නමුත්, මෙම ගමන අප තනිව ආ එකක් නොවේ. TRI-ZEN ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි ගෘහ නිර්මාණකරුවන් සහ ඉංජිනේරුවන් ඇතුළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම දැරූ වෙහෙස හේතු විය.

මේ සැමරුම TRI-ZEN හි සාර්ථකත්වය උදෙසා ය. මෙය දැනටමත් තම නිවස ලෙස හඳුන්වන පිරිසක් මෙහි ජීවත් වේ. කොළඹ අහසේ හැඩය වෙනස් කළ මෙම සුවිසල් ව්‍යාපෘතිය මගින් ඉදිරියටත් නාගරික ජීවන විලාසිතාව අනාගතයේ නව මානයකට රැගෙන යනු ඇත.

ඉන්ද්‍රා ට්‍රේඩර්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ රුශන්ක සිල්වා මීට තවත් අදහසක් එක් කරමින් මෙසේ කියා සිටියේ ය. “අද අප මෙතැනට රැස්ව සිටින්නේ ලාංකේය ඉතිහාසයේ සංධිස්ථානයක් සැමරීම සඳහායි. අද අප නිවාස 897 කින් සමන්විත, TRI-ZEN නිවාස සංකීර්ණය විවෘත කරන්නෙමු.

TRI-ZEN නිර්මාණය වීම ඉතා පහසුවෙන් සිදු වූවක් නොවේ. කොවිඩ් 19 වසංගතය සහ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ නොසැලී මෙම ව්‍යාපෘතිය ඉදිරියටම ගෙන ඒමට ලැබීම ඇත්තෙන්ම සතුටට කාරණාවකි. එහි  ප්‍රතිඵලයක් ලෙස, අද අප කොළඹ නගරයේ හදවත මත පිහිටි විශාලතම නිවාස ව්‍යාපෘතිය ඉදි කොට, එහි නිවාස 500 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් භාර දී අවසන් අවස්ථාවක මෙම සැමරීම සිදු කරන්නෙමු.

මෙම ව්‍යාපෘතිය අපේ ඉතිහාසය හා බැඳී පවතින්නකි. ශ්‍රී ලාංකේය රථ වාහන ක්ෂේත්‍රය තුළ වසර 50 කට වැඩි අතීතයකට උරුමකම් කියනා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සතුව පැවැති මෙම බිම් කොටස ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමග එක්ව මෙතරම් සුවිශාල ව්‍යාපෘතියක් බවට පත් කිරීමට අපට හැකියාව ලැබුණි. මෙය අපගේ සභාපති ඉන්ද්‍රා සිල්වා මැතිතුමාගේ ද අරමුණ යථාර්ථයක් බවට පත් කිරීමකි.

TRI-ZEN හි ඉතාමත් සාධාරණ මිල ගණන්වලට කාමර එකේ, දෙකේ සහ තුනේ නිවාස ඒකක පිහිටා ඇති අතර, එය අප ලැබූ සාර්ථකත්වයක් ලෙස සලකන්නෙමු. මෙම අවස්ථාවේදී මා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතාට සහ TRI-ZEN ව්‍යාපෘතියේ කණ්ඩායමට මගේ ස්තුතිය පිරි නැමීමට කැමැත්තෙමි. ඔබේ දැනුම, සහය සහ මග පෙන්වීම අපට විශාල රුකුලක් විය.

අවසාන වශයෙන්, මෙවැනි විශාල සැලැස්මක් යථාර්ථයක් බවට පත් කර ගැනීම වෙනුවෙන් ඉන්ද්‍රා සිල්වා මහතාට සුබ පැතීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නෙමි.”

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි විකුණුම් සහ අලෙවිකරණ අංශයේ ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති නදීම් ශම්ස් මහතා මෙසේ තම අදහස් ප්‍රකාශ කර සිටියේ ය. “කොළඹ නගරය තුළ  TRI-ZEN නිවාස සංකීර්ණයේ සුවිශේෂී පිහිටීම සහ නවීනතම තාක්ෂණය නිසා මෙය නාගරික ජීවිතය සඳහා වඩාත් ගැළපෙනම ස්ථානයක් ලෙස නම් කෙරෙනු ඇත. පවුලේ සෑම අයෙකුටම අවශ්‍ය විනෝදාස්වාද අංගවලින් සමන්විත මෙහි සිනමා ශාලාවක්, ක්‍රීඩා කාමරයක්, පිහිනුම් තටාක දෙකක්, කාය වර්ධන මධ්‍යස්ථාන දෙකක්,  ඉහළ මහලේ පිහිටි බැඩ්මින්ටන් අංගනයක් සහ මීටර්500 ක ඇවිදින මං තීරුවක් ආදී පහසුකම් වලින් සමන්විත වේ. ඊට අමතරව මෙහි ලොන්ඩ්‍රි සේවාවක් සහ නිවාස පිරිසිදු කිරීමේ සේවාවක් ද සහිතයි.

TRI-ZEN හි පිහිටීමේ වැදගත්කම එහි මූලිකම ප්‍රතිලාභයකි. එහි සිට කොළඹ නගරයේ පිහිටි හොඳම හෝටල්වලට, රෙස්ටෝරන්ට්වලට, කැෆේවලට, සුපිරි වෙළඳසැල්වලට සහ සිනමා ශාලාවලට මිනිත්තු කිහිපයකින් යා හැකිය.

TRI-ZEN නිවාස සංකීර්ණයේ න සුවිශේෂී සැකැස්ම එහි කැපී පෙනෙන ලක්ෂණය‍‍‍‍යි. එය කාමර 1, 2 සහ 3 යන සියලුම ආකාරයේ නිවාස වලින් සමන්විත වේ.. ඒ වගේම TRI-ZEN යනු කොළඹ නගරයේ හොඳම සාධාරණ මිල ගණන් ලබා දෙන නිවාස සංකීර්ණයකි.

TRI-ZEN යනු කොළඹ 2, කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇති නිවාස 897 කින් යුතු නිවාස සංකීර්ණයකි. මෙය අනාගත ලෝකය වෙනුවෙන්ම සැකසූ නවීන තාක්ෂණයෙන් නිමවා ඇත.


Share with your friend