තරුණ ප්‍රජාව සවිබල ගන්වමින්, SYA වැඩසටහන සාර්ථකව පැවැත්වේ

Share with your friend

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මගින් අරමුදල් සැපයෙන, සාමය සඳහා ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP) සහ Global Communities මගින් ක්‍රියාත්මක කෙරෙනසමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන  (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන මේ වන විට  ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වේ.  දිවයින පුරා දිස්ත්‍රික්කය ගණනාවක විසිරී සිටින කාර්යශූර උද්‍යෝගිමත් තරුණ තරුණියන් සවිබල ගන්වමින්, ඔවුන් සතු හැකියාවන් ඔප් නංවමින් මෙම වැඩසටහන පැවැත්වේ.

වයස අවුරුදු 18 -29 ත් අතර තරුණ ප්‍රජාව අතර දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට මෙන්ම නායකත්ව කුසලතා, ප්‍රජා සහභාගිත්වය, තීරණ ගැනීමේ හැකියාව ආදිය වැඩි දියුණු කිරීම පරමාර්ථ කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන SYA වැඩසටහන, වසරක කාලයක් පුරා ක්‍රියාත්මක වන්නකි. වැඩසටහන මඟින් රටෙහි තරුණ ප්‍රජාව තුළින් ම සමාජ සහජීවනය සහ සංහිඳියාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිණිස ඔවුන් සවිබල ගැන්වීම මින් අපේක්ෂිතය. තරුණ ප්‍රජා සහභාගිත්වය, තරුණ නියෝජනය, නායකත්වය සහ  බාහිර බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව ආදී ගුණාංග වැඩි දියුණු වන පරිදි ප්‍රවේසමෙන් තෝරා ගත් මැදිහත්වීම් සහ ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.

 SYA වැඩසටහන, දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි සීමාවාසිකයින් 280 ක් බඳවා ගැනෙන, අදියර තුනකින් යුතුව ක්‍රියාත්මක වන වැඩ සටහනකි. සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරා ගත් සීමාවාසිකයින් 20 ක් පූර්ව-සීමාවාසික පුහුණු කඳවුරකදී පුහුණුව ලබති. ඉන් අනතුරුව සත්කාරක ආයතන වල මාස 4 ක සීමාවාසික පත් කිරීම් සඳහා ඔවුන් බඳවා ගැනෙන අතර විශේෂ තේමා යටතේ ක්‍රියාකාරකම් සිදුකිරීමේ අවස්ථාවද ඔවුන්ට එමගින් උදා කර දේ. ඒ අනුව අම්පාර, අනුරාධපුර, මඩකලපුව, කොළඹ, ගාල්ල, හම්බන්තොට, යාපනය, මහනුවර යන දිස්ත්‍රික්කවලින්ද, කිලිනොච්චිය, මාතර, මොණරාගල, මුලතිව්, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වලින්ද මේ සඳහා තරුණ ප්‍රජාව සහභාගි කර ගැනේ. වැඩසටහන සඳහා SYA  සක්‍රිය සහභාගිත්වය හැරුණු විට අනෙක් ප්‍රධාන කාර්යයක් ලෙසින්, තරුණ උපදේශක මණ්ඩලයක් යටතේ උපදෙස් හා මග  පෙන්වීම් ලබා දීම, වැඩමුළු සංවිධානය කිරීම, සංසද හා ප්‍රතිපත්ති සංවාද ආදිය පැවැත්වීම සිදු කෙරේ.  

සාමය සඳහා වූ ජාත්‍යන්තර තරුණ සන්ධානයේ නිර්මාතෘ හා විධායක අධ්‍යක්ෂ කුමාර් ප්‍රේමකුමාර් මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්විය. 

” මෙම වැඩසටහන මේ තාක් සාර්ථකව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙන්නේ කණ්ඩායමේ සිටින ජවසම්පන්න තරුණ සීමාවාසිකයින්ගේ කැපවීම නිසයි. ඔවුන් සතු වගකීම් සහගත බව, ස්වයං තීරණ ගැනීමේ ශක්තිය අපි දුටුවා. ඒ වගේම, තමන් දැනුවත් වීමේ සහ ප්‍රජාවට සහාය දැක්වීමට ඔවුන් තුළ ඇති කැමැත්ත ඉතාමත් ඉහළයි. මෙම ව්‍යාපෘතිය මගින් අපි රටේ දිස්ත්‍රික්ක මට්ටමේ සංවිධාන, ආයතන හා රාජ්‍ය ආයතන වෙනුවෙන් තරුණ ප්‍රජාවගේ හැකියාවන් හඳුනා ගැනීමට හැකි නව පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. අපි තරුණ ප්‍රජාව හඳුනාගෙන ඔවුන්ට ඇහුම්කන් දීම කළ යුතුයි. ඒ වගේම, ඔවුන් සතු හැකියාවන් මත ඔවුන්ට ප්‍රජාවේ වගකීම් සහගත කොටස්කරුවන් විය හැකි ආකාරය පෙන්වීමටත් අවස්ථාව උදා කරලිය යුතුයි.” 

සීමාවාසික පුහුණු කඳවුරුවලදී සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගත් විසි දෙනෙකු සඳහා විශේෂිත තේමා යටතේ පුහුණුව සැපයේ. එලෙස සෞඛ්‍යය, අධ්‍යාපනය, පරිසරය සහ යුක්තිය ආදී තේමාවන් යටතේ ලැබෙන සීමාවාසික පුහුණුව අවසන් වූ පසු, පැවරුම් ව්‍යාපෘති සිදු කිරීමට නියමිතය. එක් දිස්ත්‍රික්කයකින් එක් ව්‍යාපෘතියක් බැගින් සිදුකිරීමට අපේක්ෂිතය. ව්‍යාපෘතිය සඳහා වන උපදේශක මණ්ඩලය, රජයේ විශේෂඥයින්, සිවිල් සමාජ  සංවිධාන, තරුණ හා ව්‍යාපාරික නායකයින්ගෙන් සැදුම්ලත් 15-20 අතර පිරිසකගෙන් සමන්විත වේ. ඔවුන්ගේ උපදේශන යටතේ මෙම ව්‍යාපෘතියෙහි අවසන් අදියර වෙනුවෙන් තරුණ කුසලතා පුහුණුව සඳහා ඇති බාධක විසඳීමේ අරමුණින්,  රාජ්‍ය ආයතන, සිවිල් සංවිධාන, තරුණ සංගම්, සමාජ ක්‍රියාකාරිකයින්, වෙළෙඳ සංගම්, කාන්තා කණ්ඩායම් සහ ආගමික හා ව්‍යාපාරික නායකයන් අතර සංසද වැඩමුළු උත්සව ප්‍රචාරණ ව්‍යාපාර හා සංවාද ආදිය සංවිධානය කෙරේ. 2013 වසරේ කොළඹ පදනම් කරගනිමින් පිහිටුවා ගැනුණු සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP), තරුණ ප්‍රජාව ගේ හැකියාවන් සවිබල ගන්වමින් ඔවුන් සතු කුසලතා ප්‍රජාවට සහ රටට දායාද කරලීමට අවස්ථාව සලසන තරුණ නායකත්වයෙන් යුත් සංවිධානයකි. එහි අරමුණු අතර, තරුණ නියෝජනය ශක්තිමත් කර සමාජයට සහ රටට බලපාන ගැටලු විසඳීම සඳහා නායකත්ව භූමිකාවන් කරා ඔවුන් යොමු කිරීම කැපී පෙනේ.


Share with your friend