දෘෂ්ටිමිතික ක්ෂේත්‍රයේ අනාගත නායකයන් අගයමින් විෂන් කෙයා ඇකඩමිය විසින් සිය ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අති සාර්ථකව පවත්වයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් පවත්වාගෙන යන දෘෂ්ටිමිතිය සහ ශ්‍රවණමිතිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති අග්‍රගණ්‍ය අධ්‍යාපනික ආයතනය වූ විෂන් කෙයා ඇකඩමිය තමන්ගේ සමාරම්භක අධ්‍යාපනික සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය අති සාර්ථකයව පැවැත්වීය. මෙය එම ආයතනයේ අධ්‍යාපනය ලැබූවන් ඇගයීමේ සුවිශේෂී අවස්ථාවක් පමණක් නොව දෘෂ්ටිමිතික සහ ශ්‍රවණමිතික ක්ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාවට වෘත්තීයවේදීන් නිර්මාණය කිරීමේ අනාගතවාදී අරමුණේ අසමසම සංධිස්ථානයක් ද වෙයි.


මෙම අධ්‍යාපනික සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට දෘෂ්ටිමිතික සහ ශ්‍රවණමිතික ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛතම මහාචාර්යවරුන් රැසක් සහභාගී විය. මෙම උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ මානව ජාන අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වූ විද්‍යාජෝති මහාචාර්යය රොහාන් ජයසේකර මහතා සහභාගී වූ අතර විද්‍යාර්ථයින්ට සහ සහභාගීවූවන්ට වඩාත් උචිත සහ නව දැනුම ගොඩනංවාගැනීමේ හැකියාව ලැබෙන අර්ථවත් අයුරින් ප්‍රධාන දේශනය ඒ මහතා විසින් පැවැත්වීය. මීට අමතරව උත්සවයේ සහභාගීවූවන්ගේ ඥාන දීප්තිය උදෙසා නොවත්වා අධ්‍යාපනය ලැබීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්ෂේත්‍රයට අදාළව වෘත්තීය අධ්‍යාපනයක් සහ නිපුණතාවක් ලඟාකර ගැනීමේ වටිනාකම ගැන හරවත් දේශනයක් ආචාර්ය, ඉන්ජිනේරු උදේනි වික්‍රමසිංහ විසින් පැවැත්වීය. 
විෂන් කෙයා ඇකඩමිය ආයතනය විසින් පවත්වන විවිධ පාඨමාලා විශාල සංඛ්‍යාවකින් සමත් වූ සහ විශිෂ්ට සම්මාන ලැබූවන් ඇගයිමටත් පාඨමාලා අවසානයේ සහතික ප්‍රදානය කිරීමටත් මෙම උත්සවය පැවැත් වූ අතර දෘෂ්ටිමිතික ඩිප්ලෝමා පාඨමාලාව, ශ්‍රවණමිතික සහතිකපත්‍ර පාඨමාලාව, දෘෂ්ටිමික ප්‍රතිකාරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සහ දෘෂ්ටිමික සහයක සහතිකපත්‍ර පාඨමාලාව ආදී විෂය කලාප වල කැපවීමෙන් අධ්‍යාපනය ලැබූ සහ ඉහළින් සමත්කම් දැක්වූ පිරිස මෙහිදී ඇගයීමට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකව ප්‍රවර්ධනය උදෙසා මෙම පිරිසගේ දායකත්වය අතිශය වැදගත්වන අතර මෙම උළෙලට සහභාගී වූ සියලු සහතික හා සම්මානලාභීන්ගෙන් සිය වෘත්තීයේ ආචාරධර්ම ආරක්ෂා කරන බවටත් එහි වෘත්තීය තත්ත්වය ඉහළ මට්ටමින් පවත්වාගෙන යන බවටත් දියුරුම් ලබාගැනීම සුවිශේෂී වේ.


මෙම සුවිශේසී අවස්ථාවට සහභාගී වූ විෂන් කෙයා ඇකඩමිය ප්‍රධානී විද්‍යා ජයරත්න මෙසේ සිය අදහස් දැක්වීය, “මෙම සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය අපේ විෂන් කෙයා ඇකඩමියේ සුවිශේෂී සංධිස්ථානයක්. වසර ගණනාවක් මේ ක්ෂේත්‍රය දියුණු කිරීමට අප ගත් වෙහෙස මහන්සියේ මනා පිළිබිඹුවක් වගේම අපේත් මේ පාඨමාලාවේ අධ්‍යාපනය ලැබූ සියලු දෙනාගේත් කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ උත්කර්ෂවත් සහතික ප්‍රදානෝත්සවය සාර්ථක කරගන්න අපට පුලුවන් වුණා. අද අපේ ආයතනයෙන් අධ්‍යාපනය සමාප්ත කළ වෘත්තීයවේදීන් දැනුමේ අගනාකම්, වෘත්තීය ආචාරධාර්මිකබව වගේම අපේ ආයතනයේ නමත් අනාගතයට ගෙනියනවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි විදේශයේ පවා අක්ෂිමිතික සහ ශ්‍රවණමිතික ක්ෂේත්‍රයන්ට සුවිශේෂී වටිනාකමක් එක්කරන්නට මේ සියලුදෙනාටම ශක්තිය තියනවා කියලා මම විශ්වාස කරනවා.”


ශ්‍රී ලංකාවේ දෘෂ්ටිමිතික සහ ශ්‍රවණමිතික ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන්නට අපේක්ෂා කරන්නන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නංවන්නට දැනුම සම්පාදනය කරමින් එම ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය සඳහා විෂන් කෙයා ඇකඩමිය විසින් ඉටුකරන සේවාවේ මනා පිළිබිඹුවක් ලෙස මෙම අධ්‍යාපන සහතිකපත්‍ර ලබාදීමේ සමාරම්භක උළෙල හැඳින්විය හැක. දෘෂ්මිතික සහ ශ්‍රවණමිතික ක්ෂේත්‍රයේ දැනුමෙන් සන්නද්ධ අනාගත පරම්පරාවක් නිර්මාණය කිරීමට සහ එහි වෘත්තීය වපසරිය පු`එල් කිරීමට විෂන් කෙයා ඇකඩමිය නොනවත්වා කැපවීමෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකය ජයග්‍රහණය කරන වෘත්තීයවේදීන් නිර්මාණය එහි අරමුණයි.


2008 වසරේ දී ස්ථාපිත කරන ලද විෂන් කෙයා ඇකඩමියේ අරමුණ වූයේ විෂන් කෙයා ආයතනය තුළ සේවය කරන සේවකයන්ට වෘත්තීය පුහුණුව තම ආයතනය තුළ දීම ලබාදීමයි. නමුත් තම සේවාව තවදුරටත් ව්‍යාප්ත කරමින් දෘෂ්ටිමිතික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් සහ වෘත්තීය අත්දැකීමක් නිර්මාණය කිරීමට ආයතනය තම හැකියාවන් වැඩිදියුණු කළේය. මෙම ආයතනයට ඉහළ දැනුමක් සහ අත්දැකීම් සහිත විශේෂඥ අධ්‍යාපනවේදීන්ගේ කණ්ඩායමක් සිටින අතර ලංකාවේ ප්‍රකට විශ්ව විද්‍යාලවලින් අදාළ ක්ෂේත්‍රයේ නිපුණතාවය සහිත අධ්‍යාපනවේදීන් එකතුකරගනිමින් පාඨමාලා පවත්වාගෙන යයි. තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ පූර්ණ සුපරීක්ෂණය සහිතව දෘෂ්ටිමිතිය සහ ශ්‍රවණමිතියට අදාළව පූර්ණ කාලීන පාඨමාලා 4ක් ආයතනය විසින් පවත්වාගෙන යයි. දෘෂ්ටිමිතකවේදී සහයක සහතිකපත්‍ර පාඨමාලාව, ශ්‍රවණමිතිකවේදී සහතිකපත්‍ර පාඨමාලාව, දෘෂ්ටිතික ප්‍රතිකාර ක්‍රමවේද සහතිකපත්‍ර පාඨමාලාව සහ දෘෂ්ටිකමිතිකවේදී ඩිප්ලෝමා පාඨමාලාව වශයෙන්  පූර්ණ කාලීන පාඨමාලා 4ක් දියතු කර ඇත අතර විෂන් කෙයා ඇකඩමිය ඉන්දියාවේ Association of Schools and Colleges of Optometry India සහ World Council of Optometry යන ආයතනයන් හී පූර්ණ කාලීන සාමාජිකයෙකි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply