නවීන තාක්ෂණයෙන් ඉහළටම ගිය ලංකාවේ ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160

Share with your friend

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇති බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය මෙරට තාක්‍ෂණික වශයෙන් වඩාත් දියුණු ක්‍රීඩා යතුරුපැදිය ලෙස ඉහළ පාරිභෝගික ආකර්ශනයක් දිනා ගෙන ඇත. මෙහි ඇති පෙරළිකාර කාර්ය සාධනය, කැපී පෙනෙන පෙනුම සහ ධාවකයා කේන්ද්‍ර කරගත් අසමසම විශේෂාංග සමඟ ක්‍රීඩා යතුරු පැදි සඳහා නව අර්ථයක් පල්සර් N160 විසින් සපයයි. බජාජ් පල්සර් මෝටර් සයිකල් ආසියාවේ සිට ලතින් ඇමරිකාව දක්වා පමණක් නොව වර්තමානය වන විට ශ්‍රී ලංකාවේද ඉහළ අලෙවියක් වාර්තා වී ඇති අතර එහි ගෝලීය අලෙවිය මිලියන 20 පසු කර ඇත.

දියුණු තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙම මෝටර් සයිකලයේ ආරක්ෂිත බව සහ පාලනය තවදුරටත් ඉහළ නංවමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට 160cc කාණ්ඩයේ පළමු dual channel anti lock තිරිංග පද්ධතියක් පල්සර් N160 සඳහා හඳුන්වා දී ඇත. 300mm ඉදිරිපස සහ 230mm පසුපස disc එකකින් මෙම පද්ධතිය සමන්විත වේ. මෙමඟින් මෝටර් සයිකලය නැවැත්වීම සඳහා ඉහළ බලයක් සපයන අතර හදිසි නැවතුම්, අනපේක්ෂිත රථවාහන හෝ අභියෝගාත්මක මාර්ගවලදී විශ්වසනීය ධාවනයක්  සහතික කරයි.

වැසි සහිත තත්ත්වයක, මාර්ග‍යේ සහ මාර්ගයෙන් පිටත යන එකිනෙකට වෙනස් ධාවන ක්‍රම ත්‍රිත්වයකින් N160 Premium හි බහුකාර්ය හැකියාවන් ඉහළ නංවා ඇත.එම  විවිධ පරිසරයන් සඳහා වඩාත් යහපත්  ධාවන අත්දැකීමක් ලබා දීම සඳහා throttle response සහ ABS intrusion level අවශ්‍යතාවය අනුව සකසා ගැනීමේ හැකියාව ද එක් එක් මාදිලියට ලබා දී තිබේ.

ධාවකයා වෙත ඉහළ තාක්ෂණික පහසුකම් පිරිනමමින්  Bluetooth සම්බන්ධතාවය ද සහිත දියුණු මෙන්ම පරිපූර්ණ ඩිජිටල් උපාංග පෙළක්ද මෙහි අන්තර්ගත කර ඇත.මෙහි ඇති කොන්සෝලය (console) මඟින් ක්ෂණික සහ ගමනට අනුකූලව  සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය, පවතින ඉන්ධන ප්‍රමාණයට අනුව ගමන් කළ හැකි දුර, ගමනාන්තය සඳහා පියවරෙන් පියවර මග පෙන්වීම, දුරකථන ඇමතුම් සහ පණිවිඩ වැනි ජංගම දැනුම්දීම් ආදී බොහෝ කරුණු පැහැදිලිව දර්ශනය කරනු ලැබේ.

රාත්‍රී ධාවනය සඳහා මනා ආලෝකයක් මෙහි අන්තර්ගත වන ද්විත්ව ක්‍රියාකාරී LED projector headlamp මඟින් ලබා දෙන අතර එය  Daytime signature LED  ආලෝකයෙන් ද සමන්විත වේ. පසුපස පිහිටා ඇති LED tail lamp සුවිශේෂී දිලිසෙන රටාවන් සමඟ මෝටර් සයිකලයේ පෙනුම සහ අලංකාරවත් බව වැඩි දියුණු කරයි.

මෝටර් සයිකලය සඳහා ඉහළ සුවපහසුවක් සහ පාලනයක් ලබා දීම වෙනුවෙන් suspension system එක නිර්මාණය කර ඇත. N160 Premium යතුරුපැදියේ  ෂැම්පේන්-රන්  වර්ණයේ 37mm upside-down front forks සවිකර ඇති අතර මූලික මාදිලියේ telescopic front suspension පද්ධතියක් ද තිබේ. මෙම මෝටර් සයිකල් මාදිලි ද්විත්වයේම ඇති අවශ්‍යතාව අනුව සකස් කළ හැකි Nitrox monoshock මඟින් නගරබද මාර්ගයන්හි සහ මහා මාර්ගවල සමබර ගමනක් සහතික කරයි. එමෙන්ම මෙහි ඇති anti-skid ද්විත්ව ආසනය මඟින් දිගු මෙන්ම කෙටි ගමන් සඳහාද සුවපහසු අත්දැකීමක් ධාවකයාට පිරිනමයි. ප්‍රායෝගිකත්වය කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් USB ආරෝපණ හැකියාවද මෙම මෝටර් සයිකලයට එකතු කර ඇති අතර එය ගමන අතරතුර ධාවකයන්ගේ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම කෙරෙහි ඉවහල් වේ. අඟල් 17ක alloy wheels රෝද මත සවි කර ඇති පුළුල් tubeless ටයර් හරහා අමතර කාර්ය සාධනයක් ලබා දෙමින් පළල් පසුපස ටයරයක් සඳහා අවකාශය සැකසෙන පරිදි swingarm නිර්මාණය කර ඇත.

මෙම මෝටර් සයිකලයේ ඇති ක්‍රීඩාශීලි ආකර්ශනීය පෙනුමට අමතරව හදිසි නැවතුම් සහ තියුණු හැරවීම්වල දී වැඩි සමබරතාවයක් මෙන්ම කාර්යක්ෂම ධාවනයක් සහතික කිරීම සඳහා underbelly මෝටර් සයිකලයේ ගුරුත්ව කේන්ද්‍රයේ ස්ථාන ගත කර තිබේ.

සුවිශේෂී ද්විත්ව වර්ණ ලෝහමය නිමාව සහ එකිනෙකට වෙනස් වර්ණ සංයෝජනකින් නිර්මිත ඉන්ධන ටැංකිය සහ extended shrouds මඟින් මෝටර් සයිකල්යේ ස්පෝර්ට්ස් පෙනුම ඉස්මතු  කරයි. Pearl Metallic White, Racing Red, Polar Sky Blue සහ Brooklyn Black ආදී වර්ණ හතරකින් නිර්මාණය කර ඇති මෙම මෝටර් සයිකලය ධාවකයන්ගේ රුචිකත්වය අනුව ගැළපෙන වර්ණයකින් තෝරා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව 500,000කට අධික ප්‍රමාණයක් මේවන විට පල්සර් කෙරෙහි සිය විශ්වාසය තබා ඇති අතර බලය, ආරක්ෂාව, නවීන විලාසිතාව සහ දෛනික ජීවිතයේ පහසුව සොයන සැමට පල්සර් යනු පරිපූර්ණ සහ කදිම තේරීමකී. බජාජ් පල්සර් N160 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය ලෙස අඛණ්ඩව සිය ස්ථාවරත්වය මෙරට වෙළෙඳපොළ තුළ අත්පත් කර ගෙන තිබේ.

දිවයින පුරා විහිදුණු සියලුම DPMC ප්‍රදර්ශනාගාරවලින් සහ 240කට අධික සේල්ස් ඩීලර්වරුන් වෙතින් පල්සර් N160 මෝටර් සයිකල් මිලදී ගත හැකිය. DPMC හි අසමසම අලෙවියෙන් පසු සේවාවද මෙම මෝටර් සයිකලය සඳහා හිමිවන අතර ඉහළ කාර්ය සාධනය, නව්‍ය ආරක්ෂණ තාක්ෂණය සහ දෛනික ප්‍රායෝගිකත්වය සමඟ ධාවකයන් වෙත විශිෂ්ට අත්දැකීමක් මෙමඟින් පිරිනමයි.පල්සර් මෝටර් සයිකල් පිළිබද වැඩිදුර තොරතුරු www.dpmco.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 4700600 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.


Share with your friend