නිව් ඇන්තනීස් සමූහය, Healthy Living Expo 2025 ප්‍රදර්ශනයට එක්වෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදකයෙකුවන නිව් ඇන්තනීස් සමූහය, ආචාරධාර්මික ගොවිපොළ මෙහෙයුම් පිළිබඳ තම පූර්වගාමී ප්‍රවේශය පසුගියදා පැවැති Living Expo 2025 හිදී ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබුණි. 14 වැනි වරටත් සංවිධානය කෙරුණු Medicare ජාත්‍යන්තර සුවසේවා ප්‍රදර්ශනයේ ප්‍රධාන අංගයක් වූ  Living Expo 2025, ඉකුත් පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 2 වැනිදා දක්වා කොළඹ BMICH හිදී පැවැත්වුණි

ආසියානු සුවතා සංසදය (Asia Wellness Forum) මගින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයට, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශකත්වය මෙන්ම විශේෂඥ වෛද්‍ය සංගම් රැසක සහයෝගය ද හිමිව තිබුණි. එහිදී, තිරසරත්වය, ආහාර සුරක්ෂිතතාව සහ පරිසර හිතකාමී ලෙස මාංශ ආහාර නිෂ්පාදනය කිරීමට සිය කැපවීම පෙන්නුම් කිරීමට මෙන්ම වගකීම් සහගත කෘෂි ව්‍යාපාරකරණයේ පෙරගමන්කරුවෙකු ලෙස තම ප්‍රවේශය තහවුරු කිරීමට ද නිව් ඇන්තනීස් සමූහයට අවස්ථාව උදාවිය.  

රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදන පිළිබඳ පාරිභෝගිකයින් දැනුවත් කරන අයුරු

තව ද, සෞඛ්‍ය සම්පන්නබව පිළිබඳ දැඩි සැළකිල්ලක් දක්වන වර්තමාන පාරිභෝගිකයින් මෙන්ම, කර්මාන්ත නායකයින්, නීති සම්පාදකයින් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට මෙම ප්‍රදර්ශනය කදිම වේදිකාවක් සපයනු ලැබීය. ප්‍රතිජීවක භාවිතයෙන් තොර, පෝෂක බහුල සහ පාරිසරික තිරසරබවින් යුත් මාංශ ආහාර නිෂ්පාදනය වෙනුවෙන් නිව් ඇන්තනීස් සතු සැලසුම් ද එහිදී ඉදිරිපත් කෙරුණි.

″හුදෙක් ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කිරීමෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත් අප ලබාදෙන දායකත්වය, අපගේ තිරසර මාංශ ආහාර නිෂ්පාදන, ආහාර සුරක්ෂිතතා සහ නවෝත්පාදන ප්‍රවේශය තුළින් මනාව පැහැදිලි වෙනවා″, යනුවෙන් නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේය. ″අපි කුකුළු මස් නිෂ්පාදනයෙන් එහාට ගොස්, මහජන සෞඛ්‍යයට සහ පරිසර තිරසරභාවයට ධනාත්මක බලපෑමක් සිදුකරමින් ගෝලීය ප්‍රමිතියේ වගකීම් සහගත ගොවිපොළ ආහාර නිෂ්පාදනය කිරීමට අප සතු හැකියාව අප මෙහිදී පෙන්නුම් කළා″, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Healthy Living Expo 2025 ප්‍රදර්ශනයේ නිව් ඇන්තනීස් ප්‍රදර්ශන පරිශ්‍රය දැකබලාගැනීමට එක්වුණු පිරිස

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සියයට සියයක්ම ස්වභාවිකව දිරාපත්වන ඇසුරුමක් හඳුන්වා දුන් (හරිතහරි කුකුළු මස්) නිව් ඇන්තනීස් සමූහය, පුනර්ජනනීය ශාකමය අමුද්‍රව්‍ය භාවිතයට ගැනීමේදී පුරෝගාමියෙකු විය. නෙදර්ලන්තයේ Control Union මගින් හරිතාගාර වායු විමෝචනය පිළිබඳ සහතිකලත් මෙරට එකම මාංශ ආහාර නිෂ්පාදකයා වීම ද නිව් ඇන්තනීස්හි විශේෂත්වයකි.

මීට අමතරව, දකුණු ආසියානු කලාපයේ සහ උප සහරා අප්‍රිකානු කලාපයේ “Fed with Sustainable U.S. Soy” ලේබලය හිමිකරගත් පළමු සමාගම වන්නේත් නිව් ඇන්තනීස් සමූහය වීම කැපීපෙනේ. එම ලේබලය මගින් ගොවිපොළ සතුන්ගේ ආහාර වෙනුවෙන් තිරසර සහ පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කළ සෝයා භාවිතයට ගැනෙන බව සහතික කෙරේ.

ඉකුත් වසරේදී ජාත්‍යන්තර FSSC 22000 සහතිකය දිනාගත් පළමු සමාගම බවට පත්වූ නිව් ඇන්තනීස් සමූහය, එමගින් ආහාර සුරක්ෂිතතාව හා ප්‍රමිතිය මෙන්ම සත්ත්ව සුබසාධනය වෙනුවෙන් තම කැපවීම පිළිබිඹු කරයි. ඊට අමතරව GMP, HACCP, ISO 22000 සහ දෙස් විදෙස් හලාල් සහතික ද සමාගම සතු ය. මේ වසර මුලදී අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර නිෂ්පාදන කාණ්ඩය යටතේ ‘හොඳම අපනයනකරු‘ ලෙස සම්මාන දිනාගැනීමට ද නිව් ඇන්තනීස් සමත්විය.

Living Expo 2025 ප්‍රදර්ශනයට එක්වීම හරහා ආචාරධාර්මික ගොවිපොළකරණය, පාරිසරික වගකීම්සහගතබව, පාරිභෝගික සුවතාව පිළිබඳ දක්වන අවධානය ඇතුළු Medicare ජාත්‍යන්තර සුවතා ප්‍රදර්ශනයේ තේමා රැසකට අදාළව තම කැපවීම විදහා දැක්වීමට නිව් ඇන්තනීස් සමූහයට අවකාශය උදාවිය.


Share with your friend