මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 75කට අධික විශ්වසනීය නාමයක් ලෙස, ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා එකම නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW), Yamaha යතුරුපැදි සහ ස්කූටර් නැවතත් ශ්‍රී ලංකා වෙළඳපල වෙත නිකුත් කිරීම සාඩම්බරයෙන් නිවේදනය කළේය. 2025 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආනයන තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයෙන් පසුව, ශ්‍රී ලංකාව තුළ Yamaha හි පස් වසරක විරාමය අවසන් කරමින් මෙම දීර්ඝකාලීන අපේක්ෂිත නැවත දියත් කිරීම සිදු විය.


මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා,AMW විසින් 2025 ජුනි 14 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් (Cinnamon Lakeside Colombo) හිදී හඳුන්වාදීමේ සුවිශේෂී උළෙලක් පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, Yamaha හි නවතම යතුරුපැදි සහ ස්කූටර් පෙළ, ක්‍රියාකාරීත්වය, විලාසිතා සහ නවෝත්පාදනය සඳහා සන්නාමයේ වන කැපවීම නිසැකව ම ප්‍රකාශනය වන අද්විතීය විලාසිතා තේමාවක් සහිත සැමරුමක් ඔස්සේ එළිදක්වන ලදි. නිෂ්පාදනයක් හඳුන්වාදීමට වඩා, මෙම උළෙල ඔස්සේ Yamaha තුළ වන විශ්වාසය සහ දක්ෂතාවය අණූන ආගමනය සනිටුහන් කෙරිණි.
ශ්‍රී ලාංකික ධාවකයින් රැසකට උචිත පරිදි මනාව සකස් කෙරුණු මෙම නව මාදිලි පරාසයට, ප්‍රමුඛ පෙළේ සුවිශේෂතා සහ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් යතුරුපැදි සහ ස්කූටර් යන කාණ්ඩ ද්විත්වයම ඇතුළත් විය. වටිනාකම සහ බහුකාර්යතාව යන ද්විත්වයම ඉල්ලා සිටින පාරිභෝගිකයින් සඳහා සකස් කරන ලද, ලීටරයකට කිලෝමීටර 71ක ආකර්ෂණීය ධාවනයක් ලබා දෙන Yamaha RayZR 125 සඳහා මූලික අවධානයක් යොමු විය. මෙම මාදිලි පාරිභෝගික ප්‍රතිපෝෂණ සහ වෙළඳපල ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් හඳුන්වා දුන් අතර, එමඟින් Yamaha හි නිෂ්පාදන සැලසුම් කිරීමේ දී පාරිභෝගික-ප්‍රමුඛ ප්‍රවේශය නැවත තහවුරු විය.
එනමුත් Yamaha ආගමනය යතුරුපැදි පමණක් ම නොව එහි ධාවකයන් පිළිබඳ ද සුවිශේෂී වූවකි. තාක්ෂණික සුවිශේෂාංග කෙරෙහි පමණක් අවධානය යොමු කෙරෙන උපායශීලී යතුරුපැදි දැන්වීම් ප්‍රචලිත වූ වෙළඳපලක, Yamaha වඩා වෙනස් වූ මානවීය පසුබිමක් කෙරෙහි අවධානය යොමු කරයි. “Built to Ride” යන තේමාව මූලික කරගත් නවමු ප්‍රයත්නය, සංචාරය පමණක් ම අරමුණු කොට නොගත් ජීවමාන දිවියක් ළඟා කොට ගැනීමේ පරමාර්ථයෙන් යුත් ලාංකීය යතුරුපැදිකරුවන්ගේ ශක්තිය, ආශාව සහ අනන්‍යතාව පිළිබිඹු කරයි. මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය නිෂ්පාදනය කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නක් නොව සැබෑ ජීවන අත්දැකීම් ද මූලික කොටගත්තකි. මන්ද, යතුරුපැදි එහි ධාවකයන් හැඩනොගස්වන අතරම ඒවාට මනා අර්ථයක් සහ අරමුණක් ලබා දෙන්නේ යතුරුපැදි ධාවකයින් බව Yamaha විශ්වාස කරන බැවිනි.
“Yamaha සිය ගනුදෙනුකාර ප්‍රජාව වෙත නවෝත්පාදනය, උද්දීපනය සහ අසමසම ධාවන අත්දැකීමක් නිරතුරුව ම සපයයි. අපගේ මෙම ආගමනය නව මාදිලි හඳුන්වාදීමක් පමණක් නොව, ලාංකීය යතුරුපැදි ධාවකයින්ගේ ගමන ප්‍රතිඅර්ථ ගැන්වීමකි. මෙම නව්‍ය මුහුණුවරකින් යුත් පෙර කිසිවෙක් නොදුටු ආකාරයේ නැවත හඳුන්වාදීමේ උළෙල සමඟින්, අපි දේශීය ද්වි රෝද රථ අවකාශයේ නව මානයක් සනිටුහන් කරන්නෙමු,” යනුවෙන් AMW හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre Bonthuys සිය අදහස් දැක්වී ය.
විශ්වසනීයත්වය, සේවා විශිෂ්ටත්වය සහ තාක්ෂණික විශේෂඥතාවයේ සංයෝජනයක් වූ AMW, Yamaha නැවත වෙළඳපළ වෙත පිවිසීම කෙරෙහි මහඟු පිටිවහලක් විය. ගුණාත්මක සේවාවක් සහ කුසලතා සංවර්ධනය උදෙසා එහි කැපවීම ශක්තිමත් කරමින් AMW මෑතක දී Sri Lanka Technician Grand Prix 2024 පවත්වන ලදි. සෑම ධාවකයෙකුම වාහනයක් පමණක් ම නොව සොඳුරු අත්දැකීමක් භුක්ති විඳින බව සහතික කරමින් Yamaha හි ගෝලීය දැක්ම වන “Kando” – සුවිශේෂී වටිනාකමක් සහ කාර්ය සාධනයක් පිළිබඳ අත්දැකීම් මඟින් ඇති කරනු ලබන තෘප්තිය සහ උද්යෝගය මෙම නැවත දියත් කිරීම තුළ ප්‍රමුඛස්ථානයේ පවතී.
Yamaha නැවත කරළියට පැමිණීම ශ්‍රී ලංකාව තුළ සංචලන පසුබිම නවමු මානයකට රැගෙන යනු ඇත. ක්‍රියාකාරීත්වය, විශ්වසනීයත්වය සහ ආකර්ෂණය පිළිබඳ අසමසම ආශාවෙන් බල ගැන්වෙන මෙන්ම සැබවින්ම ධාවනය කිරීම උදෙසා අසීමිත ඇල්මක් දක්වන පිරිස් සඳහා නිර්මාණය කෙරුණු නවමු පරිච්ඡේදයක් වැළඳ ගැනීම උදෙසා AMW විසින් සියලුම යතුරුපැදි ලෝලීන්ට සහ නව ධාවකයින්ට ඇරයුම් කරනු ලැබේ.