ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂර්‍ණය ආහාර අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගමේ ජනප්‍රියතම සන්නාමයක් වන “ප්‍රීමා සන්රයිස්” අනුග්‍රාහක දායකත්වය යටතේ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කළ 2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2024 දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී අති සාර්ථක ලෙස පවත්වනු ලැබීය. ශ්‍රී ලාංකීය දක්ෂ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් රටටම හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණ සහිතව “ප්‍රීමා සන්රයිස්” සන්නාමය විසින් ජාතික ගොල්ෆ් ක්‍රීඩා ඉසව් අතර කැපී පෙනෙන, ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය දායකත්වය ලබාදී ඇත. “ප්‍රීමා සන්රයිස්” සන්නාමය විසින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත මෙවර සිය අනුග්‍රාහකත්වය එක් කරනු ලැබුවේ අඛණ්ඩව 16 වැනි වසරට වීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකීය කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116 කගේ දස්කම් රටටම විදහා දැක්වූ 2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය, ගොල්ෆ් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින බවට කදිම උදාහරණයක් විය.

Mr. Sajith Gunaratne – General Manager of Ceylon Agro Industries Ltd., Prima Group Sri Lanka, Dharshana De Silva – Assistant Group General Manager and Deputy General Manager of Prima Ceylon Ltd., Prima Group Sri Lanka, Ranil Pieris – President of Sri Lanka Golf, and Ong Jhon Seon – General Manager of Prima Ceylon Ltd., Prima Group Sri Lanka, presenting trophies to Jevahn Sathasivam and Kaya Daluwatta – Winners of Boys and Girls Gold Divisions of the SL Junior Open Golf Championship 2024
ප්‍රේක්ෂකාගාරය විස්මයට පත් කළ තරගාවලියේ වඩාත්ම තරගකාරී ඉසව්ව ලෙස ස්වර්ණමය කාණ්ඩයේ (Gold Division) වයස අවුරුදු 15 ත් 18+ ත් අතර බාලක තරග කැපීපෙනින. 213 ක අවම පහර සංඛ්‍යාවකින් ලකුණු රැස්කොට තරගය නිමා කළ ජෙවාන් සතාසිවම් එම කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වූයේ දෙවැනියා වූ ආදිත්‍ය වීරසිංහ ක්‍රීඩකයා වාර්තා කළ 214 සංඛ්‍යාවට වඩා එක් පිති පහරක් අඩුවෙන් වැය කරමිනි. තෙවැනි ස්ථානයට පත් වූ රෙෂාන් අල්ගම පහර 219 කින් තරගය නිමා කළේය.
වයස අවුරුදු 13 ත් 18+ ත් අතර ස්වර්ණ හා රජත කාණ්ඩවල (Gold/Silver Divisions) බාලිකා තරගවල ජයාග්‍රාහිකාව වූ කායා දළුවත්ත පහර 212 කදී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් වූයේ පහර 277 කදී තරගය නිමා කළ දෙවැනි ස්ථානයට පත් වූ අනුමි කරුණාතිලක ක්‍රීඩිකාවට වඩා පහර 65 ක් අඩුවෙන් වාර්තා කරමිනි. පහර 278 ක් හරහා තෙවැනි ස්ථානය හිමිකරගැනීමට ධනුෂි වනසිංහ සමත් වූවාය.

Mr. Sajith Gunaratne – General Manager of Ceylon Agro Industries Ltd., Prima Group Sri Lanka, Dharshana De Silva – Assistant Group General Manager and Deputy General Manager of Prima Ceylon Ltd., Prima Group Sri Lanka, Ranil Pieris – President of Sri Lanka Golf, and Ong Jhon Seon – General Manager of Prima Ceylon Ltd., Prima Group Sri Lanka, presenting trophies to Kaiyan Johnpilla – Silver Division Boys Winner, Javahn Sathasivam – SL Junior Open Boys Winner, Revann Amarasinghe – Bronze Division Boys Winner, Kaya Daluwatte – SL Junior Open Girls Winner, Jaeden Sathasivam – Copper Division Boys Winner
වයස 13 ත් 14+ ත් අතර බාලක රිදී කාණ්ඩයේ (Silver Division) ජය පහර 221 කදී තරගය නිමා කළ කයියන් ජෝන්පිල්ලේ හිමිකරගත් අතර තේජස් රසිත්කාන්ත් පහර 223 කදී දෙවැනි ස්ථානය හිමිකරගත්තේය. සෙනාල් නිම්සිත් ක්‍රීඩකයා පහර 234 ක් හරහා තෙවැනි ස්ථානය ආරක්ෂා කරගන්නට සමත් විය.
ලෝකඩ (Bronze Division)කාණ්ඩයේ වයස 11 ත් 12+ ත් අතර බාලක තරග ඉසව්වේ ජය රෙවාන් අමරසිංහ (පහර 163) හිමිකරගත් අතර ලවිඳු ප්‍රේමරත්න දෙවැනි ස්ථානයත් (පහර 164) දිව්‍යයේෂ් සිල්වා තෙවැනි ස්ථානයත් (පහර 195) හිමිකරගත්තේය.
ලෝකඩ (Bronze Division)කාණ්ඩයේ වයස 11 ත් 12+ ත් අතර බාලිකා තරග ඉසව්වේ ජය ගෙනුලි වීරකෝන් (පහර 200) දිනාගත් අතර විහාරා හේරත් දෙවැනි ස්ථානය (පහර 211) දිනාගත්තාය. පහර 277 කදී තරගය නිමා කොට තෙවැනි ස්ථානය හිමිකරගන්නට හෙසඳි ගයන්සා මීපාවල ක්‍රීඩිකාව සමත් විය.
වයස අවුරුදු 10 සහ 10 න් පහල Copper Division තරග කාණ්ඩයේ ජය ජේඩන් සතාසිවම් (පහර 98) දිනාගත් අතර දෙවැනි ස්ථානය යුවාන් රසිත්කාන්ත් (පහර 99) සහ තෙවැනි ස්ථානය ජයිත් ගුරුගේ (පහර 119) ක්‍රීඩකයන් විසින් දිනාගන්නා ලදී.
ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රීමා සන්රයිස් අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව නගාසිටුවීමට 16 වසරකට අධික කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් හා මහත් ඕනෑකමකින් සහයෝගය ලබාදුන් අපට මෙවරත් ශ්‍රීලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට දායකවන්නට අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයට පළමුව ස්තූතිවන්ත වෙනවා. ජාතික මට්ටමේ කනිෂ්ඨ ගොල්ෆ් ශූරයන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන දැවැන්ත තරග ඉසව්වක කොටස්කරුවන් බවට පත්වන්නට හැකිවීම අප ලැබූ මහත් ගෞරවයක්.” යැයි පැවසීය.