එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලයේ SUSTAINASUMMIT සමුළුවේදී, තිරසාර ආහාර පද්ධති සම්බන්ධයෙන් U.S. Soy හි කාර්යභාරය අවධාරණය කෙරේ.
දකුණු ආසියාව පුරාම සිටින ප්‍රගතිශීලී නායකයින් සහ U.S. Soy ගොවීන් ඒකාරාශි කරමින්, U.S. Soybean අපනයන කවුන්සිලය (U.S. Soybean Export Council) විසින් සත්කාරකත්වය දරන ලද, SUSTAINASUMMIT සමුළුව මේ සතියේ කොළඹදී පැවැත්විණි. “වර්තමානය වෙන කවරදාටත් වඩා” යන තේමාවෙන් යුතුව පැවති මෙම සමුළුව, වගකීමෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතය කෙරෙහි අවධානය යොමු කළ සමුළුවකි. සිය ව්‍යාපාරික කටයුතුවලදී තිරසාරත්ව භාවිතයන් ඒකාබද්ධ කිරීමට ආසියානු කලාපයේ ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීමද එහිදී සිදුකෙරිණි.

මෙම සමුළුවේදි දකුණු ආසියා කලාපයේ ව්‍යාපාරික ප්‍රජාවේ අවධානයට බඳුන් කෙරුණු තිරසාරත්වය හුදු ප්‍රවණතාවයකින් ඔබ්බට ගිය ව්‍යාපාර අවශ්‍යතාවයකි. එමගින් පාරිසරික අත්වන වශයෙන් අත්කර ගත හැකි වාසියද, ව්‍යාපාරික වශයෙන් අත්කර ගත හැකි වාසියද සුළුපටු නොවේ. එමෙන්ම තිරසර ව්‍යාපාරික භාවිතයන්, මුල්‍ය වශයෙන්ද හිතකර වන අතර, PwC මගින් සිදුකරනු ලැබූ පාරිභෝගික සමීක්ෂණයකින් හෙළිවුණේ, තිරසාර නිෂ්පාදන හෝ තිරසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් කළ නිෂ්පාදන සඳහා 9.7% ක ප්‍රතිශතයකින් ඉහළ මිලක් ගෙවීමට පාරිභෝගිකයින් කැමැත්තෙන් සිටින බවයි.[1] මෙවැනි වෙළෙඳ පොළ වෙනස්කම් මගින් පැහැදිළි වන්නේ, තිරසාරත්වය ව්‍යාපාරික පැවැත්ම සමග ස්ථිරසාර වශයෙන් බැඳී පවතින බවයි. ව්‍යාපාර, තිරසර වෙනස්කම්වලට සාර්ථකව අනුවර්තනය වීම මගින් එහි වෙළෙඳ පොළ කොටස ඉහළ යාමට මෙන්ම, අනාගත අවදානම් අවම වීමටද ඉවහල් වන අතර, සන්නාමයට අඛණ්ඩ පාරිභෝගික ප්‍රසාදයද හිමි වේ.
“තිරසාර බව සහතික කළ U.S. Soy, සත්ව ආහාර නිෂ්පාදනවල සිට සෝයා ආහාර දක්වා තිරසාර ආහාර අමුද්‍රව්‍යවලට පාරිභෝගිකයින්ගේ වර්ධනය වන අවශ්‍යතාවන් සපුරාලීම සම්බන්ධ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකියි” යනුවෙන් USSEC හි ප්‍රධාන විධායක නිලධාරී ජිම් සටර් මහතා පැවසීය. “U.S. Soy තෝරා ගැනීමෙන්, අපගේ පාරිභෝගිකයින්ට වෙළෙඳ පොළ තුළ අඛණ්ඩ විශ්වසාය ගොඩනගා ගන්නා අතරෙහි, තරඟකාරී වාසි අත්කර ගත හැකියි.”
ව්‍යාපාරික කටයුතුවලදී තිරසාරත්වය අදවන විට ප්‍රවණතාවක් බවට පත්ව ඇතත්, U.S. Soy ගොවීන්, දශක ගණනාවක් තිස්සේ නිවැරදි තිරසාර පිළිවෙත්වලට අනුගතව කටයුතු කර තිබෙන්නේ තිරසාරත්වයේ පුරෝගාමීන් ලෙසිනි. නිවැරදි කෘෂිවගාවන්, සෂ්‍ය මාරු ක්‍රම සහ ජල කළමනාකරණය ආදිය මගින් පාංශු ඛාදය අඩුකරමින්, පසෙහි ගුණාත්මක බව වැඩි කිරිමට ඔවුහු කටයුතු කර තිබේ.
“අපි සැමවිටම අඛණ්ඩ ප්‍රගතිය සඳහා කටයුතු කරනවා.” යනුවෙන් U.S. Soy ගොවියෙකු සහ එක්සත් සෝයාබෝංචි මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෝයි බෝඩ්‍රෝ මහතාද අදහස් දැක්විය. “හෙට දින ලෝකය හැඩ ගැස්වෙන්නේ, අද අප ගන්නා ක්‍රියාමාර්ගවලට අනුවයි. පාරිභෝගිකයින් U.S. Soy තෝරා ගනිද්දී, තිරසාර ක්‍රමවේද ඔස්සේ අපගේ ගොවිපොළවල වගා කර, ඔවුන්ගේ කෑම මේසයට එන සෝයා බෝංචිවල වටිනාකම ඔවුන් හඳුනා ගන්නවා.”
වර්තමානය වන විට පාරිභෝගිකයින්ගේ භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධ තිරණ සඳහා තිරසාරත්වය පදනම කරගන්නා බැවින්, මිලදී ගැනීම සම්බන්ධ ප්‍රධාන තීරණ මෙහෙයවන බැවින්, තිරසාරත්වය සම්බන්ධ ‘Sustainable U.S. Soy’ ලේබලය ඇති නිෂ්පදාන, සමාගම්වලට තරඟකාරී වාසි අත්කර දේ. ආහාර සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා U.S. Soy භාවිත කරන නිෂ්පාදකයින්ගෙන් අවම වශයෙන් 60% ක ප්‍රමාණයක්, Fed with Sustainable U.S. Soy’ සහතික ලේබලය, ඔවුන්ගේ නිෂ්පාදන ඇසුරුම්වල භාවිත කිරීමට සුදුසුකම් ලබයි. මෙම ලේබලය සඳහා සුදුසුකම් ලැබීමට 90% ක තිරසාර ක්‍රමවේද අනුව වගා කළ නියම සෝයා අඩංගු විය යුතුය.
තම ව්‍යාපාරයේ ප්‍රගතිය සඳහා මෙම ලේබලය මගින් ඇතිකරන ධනාත්මක බලපෑම පිළිබඳව අදහස් දක්වමින් New Anthoney’s හි ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා මෙසේ පැවසීය: “තිරසාර ක්‍රමවේද අනුව නිෂ්පාදන කටයුතු කරන සමාගම්වලට පාරිභෝගිකයින් වැඩි කැමැත්තක් දක්වනවා. ‘Fed with Sustainable U.S. Soy’ සහතික ලේබලය සමගින් අපි වෙළෙඳ පොළ වර්ධනය වන වේගයට වඩා වේගයකින් අපගේ වෙළෙඳ පොළ කොටස වැඩිකර ගනිමින් සිටිනවා.”
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ U.S. Soy දකුණු ආසියානු කලාපය තුළ, සබඳතා වර්ධනය කරගන්නා අතරෙහි නවෝත්පාදනයන් මෙහෙයවමින්, ක්ෂේත්‍රය තුළ කුසලතාවන් ඉහළ නංවමින් කටයුතු කරමින් සිටී.