හමීඩියා සිය “Hameedia Wedding : The Global Groom” මංගල විලාසිතා එකතුව එළිදක්වයි

Share with your friend

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය නවතම මංගල ඇඳුම් විලාසිතා පෙළ “Hameedia Wedding: The Global Groom” නාමය යටතේ එළි දක්වයි. විවාහ මංගල්‍යයකදී සම්ප්‍රදායිකව මනාලියගේ ඇඳුම් විලාසිතා පිළිබඳව කාගේත් වැඩි අවධානයක් යොමුවන අතර, මනාලයාගේ ඇඳුම් විලාසිතා පිළිබඳව වැඩි අවධානයක් යොමුනොවේ. අප සමාජයේ මුල් බැසගෙන ඇති මෙම ගැටලුවට වඩාත් විචිත්‍රවත් පිළිතුරක් සපයමින් මනාල ඇඳුම් විලාසිතා අවශ්‍යතාවය සපුරාගැනීමේ අවකාශය ලබාදීමට හමීඩියා ඉදිරිපත් වේ. මෙහිදී තමන්ගේ ජීවිතයේ සුවිශේෂී මොහොතේදී මනා පෞරුෂත්වයකින් යුතුව හොඳම ඇඳුම් විලාසිතාව තෝරාගැනීමේ අවස්ථාව මනාලයාට උදාකරදීම හමීඩියා ආයතනයෙහි අරමුණ වී ඇත.

  
වෙරළක පවත්වන විවාහ මංගල්‍යයක්, එළිමහනේ පවත්වන උත්සවයක්, ගෘහස්ථ උත්සවයක් යනාදී වශයෙන් ඕනෑම තැනක පවත්වනු ලබන උත්සවයකට, එය සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර වලින් සමන්විත වූ මංගල උළෙලක් ද සිංහල, හින්දු, කතෝලික හා මුස්ලිම් ආදී ඕනෑම ජාතියකට අයත් උළෙලක් වුවද ඒ විවාහ මංගල උළෙලේ අගය තවත් වැඩි වන්නට අවශ්‍ය වන නිවැරදි මනාල මංගල ඇඳුම් නිර්මාණය කිරීමට හමීඩියා ආයතනයට හැකියාව තිබේ. බටහිර ඇඳුම් විලාසිතාවක්, ශ්‍රී ලාංකික ජාතිකත්වය මතුවන නූතන ජාතික ඇඳුම් විලාසිතාවන් හැඩවැඩ පිරුණු උසස් තත්ත්වයේ ඉන්දියානු විලාසිතාවක්, ජෝද්පූර් මංගල ඇඳුමක්, සල්වාර් ඇඳුමක් හෝ වෙනත් ඕනෑම මංගල ඇඳුම් විලාසිතාවක් අවශ්‍ය පරිදි මසා නිමකරගැනීම සඳහා උසස් තත්ත්වයේ විවිධ මාදිලියේ රෙදි පිළි වර්ග 300ක් පමණ හමීඩියා සතුව ඇත. එමෙන්ම Albini, Thomas Mason, Loro Piana, DORMEUIL, Ermenegildo Zegna, VBC සහ Tessitura Monti ආදී ලොව ප්‍රචලිත සන්නාමයන්ගේ රෙදි පිළි වර්ග මෙන්ම ඉතාලිය, යුරෝපය සහ ආසියානු රටවල මංගල ඇඳුම් විලාසිතා සඳහාම නිපදවන සුවිශේෂී රෙදි පිළි වර්ග මෙම හමීඩියා එකතුවේ ඇත.  


හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ පිරිමි ඇඳුම් නිර්මාණයේ සහතිකලත් විශේෂඥ (USA),  ෆවුසුල් හමීඩ් මහතා මෙහිදී සිය අදහස් දැක්වීය. “විවාහ මංගල උත්සවයකදී මනාලිය මෙන්ම මනාලයාත් එක හා සමානව කැපීපේන්න අවශ්‍යයයි කියලා අපි විශ්වාස කරනවා. තමන්ගේ ජීවිතයේ සුවිශේෂී දවසේදී මනාලයාට තම පෞරුෂත්වය හොඳින් පෙන්විය හැකි සහ විවාහ උත්සවයේ තේමාවට හරියටම ගැළපෙන මංගල ඇඳුමක් නිර්මාණය කරදීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉහළට ගෙන යාම අපේ අරමුණයි. ඔබගේ විවාහ මංගල උත්සවයේ ඇඳුම් විලාසිතාව පිළිබඳ ඔබගේ දැක්ම අපට සරලව පැහැදිළි කරන්න, එය යථාර්තයක් කරමින් ඔබට ගැළපෙන මනාල මංගල ඇඳුම අපි නිර්මාණය කරදෙන අපූරුව අත්විඳින්න. ජීවිතයේ සුවිශේෂී දවසේදී අපත් සමඟ එක්වී ඔබගේ පෙනුම සහ අභිමානය ඉහළින්ම සහතික කරගන්න.”


අලුතින් හඳුන්වා දෙන මෙම මංගල ඇඳුම් විලාසිතා පෙළෙහි ඔබට ලබාදෙන සුවිශේෂීම විශේෂාංගය වන්නේ, තමන්ගේ අවශ්‍යතාවය මුහුණට මුහුණ මුණගැසී සාධනීය ලෙස වර්ධනය කරගත හැකි, ෆවුසුල් හමීඩ් මහතා විසින්ම නායකත්වය දෙන විශේෂඥ කණ්ඩායමක උපදේශන සේවාවයි. මනාලයාට තමන් කැමති වේලාවක් වෙන්කරගැනීම හරහා තමන්ටම පෞද්ගලිකව විශේෂඥ විලාසිතා උපදෙස් ලබාදෙන VIP විශේෂඥ සේවාව ලබාගත හැක. නිමි ඇඳුමක් හෝ ඔබගේම ශරීර මිනුමට මසා නිමකළ ඇඳුමක් හෝ මෙම ඕනෑම අවස්ථාවකදී මනාලයාට වඩාත්ම ගැළපෙන ඔහුගේ පෞරුෂත්වය හා උත්සවයේ අගය ඉහළ නැංවෙන හොඳම මංගල ඇඳුම් නිර්මාණය හමීඩියා ආයතනය සහතික වේ.

  
වසර 75ක් පුරා ශ්‍රී ලාංකික මනාලයන් අතර පිරිමි මංගල ඇඳුම් පිළිබඳ විශ්වාසනීය ආයතනයක් වන හමීඩියා ආයතනය ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂීම දිනයේදී ඔවුන්ට මනාව ගැළපෙන මංගල ඇඳුම නිර්මාණය කරදීමට සහාය වී තිබේ. මනාලයන්ගේ සෑම ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවක්ම නිවැරදිව සපුරාලමින් මනමාලයාට නිවැරදිව ගැළපෙන ඇඳුම් පැළඳුම් උපාංග සියල්ලම හරියටම නිර්මාණය කරදෙමින් පුද්ගල විලාසිතා සහ පෞරුෂත්වය ඉහළ නැංවීම පිළිබඳ විශේෂඥතාව හමීඩියා සතුවේ.

  
+94 76 865 2468 මෙම දුරකථන අංකය අමතා විවාහ අපේක්ෂිත ඕනෑම පිරිමි පුද්ගලයකුට තමන්ගේ සුවිශේෂී දිනයේදී තමන්ට නිවැරදිව ගැළපෙන මංගල ඇඳුම තෝරාගැනීමේ විශේෂඥ සහාය සේවාව ලබාගත හැක.


Share with your friend