AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයේ දී මහාචාර්ය අජිත් ද සිල්වාගෙන් ශිෂ්‍යත්වලාභීන්ට අනගි උපදෙස් රැසක්

Share with your friend

AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය අඛණ්ඩ 29 වන වසරටත් ඉතා උත්සවශ්‍රීයෙන් කොළඹ ලේක්සයිඩ් හොටලයේ දී නොබෝදා පවත්වන ලදී.  සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25ස් දෙනෙක් මෙම ශිෂ්‍යත්වයට හිමිකම් ලබයි.   මෙවර උත්සවයේ දී  2016 වසරේ 5හේ හපනුන් ඇගයුමට ලක් වූ අතර එහිදී ඔවුනට හිමි ප්‍රථම ශිෂ්‍යත්ව ප්‍රතිලාභය ප්‍රදානය කරන ලදී.T  1994 වසරේ සිට මේ දක්වා මෙරට දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය අගයමින් ක්‍රියාත්මක මෙම AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනෙහි විශේෂත්වය වන්නේ ඒ සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දෙමව්පියන් AIA ඉන්ෂුවරන්ස් හි රක්ෂණ හිමියන් වීම අත්‍යවශ්‍ය කරුණක් නොවීමත් එය දරුවන්ගේ දක්ෂතාවය මත පමණක් පදනම් වීමත්ය.  මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මෙරට බිහි වූ  විශිෂ්ට ගණයේ විද්වතෙකු වන මහාචාර්ය අජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර ඔහු ශිෂ්‍යත්වලාභීන්  අමතමින් ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක කරගැනීම වෙනුවෙන් අනුගමනය කල හැකි අගනා ඔවදන් රාශියක් ලබාදෙන ලදී. 

AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ප්‍රදාන උත්සවය ඔස්සේ, ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සවිබල ගන්වමින් ඔවුනගේ උසස් අධ්‍යාපනයට අත්වැලක් සපයමින් ජාතියේ අනාගතය වෙනුවෙන් AIA දක්වන කැපවීම මනාව පිළිබිඹු වේ. මෙම උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ විද්වත් මහාචාර්ය අජිත් ද අල්විස් මහතා උත්සව සභාව අමතමින් අගනා කථාවක් කර සිටියේය.  ඔහු කියා සිටියේ අප දැනට පසුකරමින් සිටින්නා වූ අද්විතීය කාලපරිච්ඦේදය කාර්මික විප්ලවයන් 4ක් සනිටුහන් කරන බවයි.  ඒවා නමින්, නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය  සහ ස්නායු තාක්ෂණය වෙයි (nanotechnology, biotechnology, information technology and neurotechnology). මේ අයුරුන් ලෝකයේ සිදුවන ප්‍රගතිය අතරතුර ගෝලීය උෂ්ණත්වය යන ඉතා අවදානම් සහිත තත්ත්වයට ද අපට මුහුණ දීමට සිදුව ඇති බවත් එම තත්ත්වයන් ඇති වීමට හේතු වූ ක්‍රියාකලාපයන්ට වගකිව යුත්තන් ඒවායේ වගකීම් භාර ගත යුතු අතර ඒවායින් අත්මිදීම සඳහා තිරසාර වූ ක්‍රියාවන් ඇතිකරමින් ඒවා අනුගමනය කල යුතු බවද ඔහු කියා සිටියේය.   ඔහු තවදුරටත් කියා සිටියේ හුදෙක්  අධ්‍යාපන ජයග්‍රහණ පස්සේ ගමන් නොකොට තමන්ගේ අධ්‍යන කටයුතු සැබෑම පරමාර්ථයක් සහ ඒ පිලිබඳ ලැදිකමකින් යුතුව සිදුකරන ලෙසයි.  පොත් කියවීමෙන් දැනුමෙන් සන්නද්ධ වන ලෙස සිසුන් උනන්දු කල ඔහු, අන් අයගේ ජීවින තත්ත්තවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සමාජයට අර්ථාන්විත ලෙස දායකත්වයක් සපයන ආකාරයේ වැඩ කටයුතු කරන ලෙසත් සැබෑම ආත්ම තෘප්තිය ලැබෙන්නේ තම රට ජාතිය වෙනුවෙන් ධනාත්මක බලපෑමක් සිදු කිරීමට හැකි වූ විටදී බවත් ශිෂ්‍යත්වලාභීන්ට කියා සිටියේය.

සිය උසස් අධ්‍යාපන මෙන්ම අනාගත වෘත්තීමය සිහින මල්පල ගන්වා ගැනීම වෙනුවෙන් AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් ලැබෙන පන්නරය පිළිබඳව ශිෂ්‍යත්වලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් උත්සව අවස්ථාවේ දී සමාගම වෙත ඔවුන්ගේ හදපිරි ස්තුතිය පලකරන ලදී.  උසස් පෙළට සමත් වීමෙන් පසු 750 කට අධික ශිෂ්‍යත්වලාභීන් පිරිසක් මෙම ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබා ඇති අතර 550 කට අධික සිසු සිසුවියන් පිරිසක් දැනටමත් ප්‍රතිලාභ ලෙස මාසික දීමනාව ලබමින් සිටින අතර ඉන් ඇතැමෙක් උසස් අධ්‍යාපනය නිමකර විවිධ වෘත්තීන්ගේ නියැලමින් ද සිටියි.   මෙම AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ඔස්සේ, වෛද්‍ය, නීති, ඉංජිනේරු වැනි විවිධ ක්ෂේත්‍රයන් හී අනාගත නායකයන් වීමට අපේක්ෂාවෙන් සිටින අපේම දක්ෂ දූදරුවන්හට සිය මංපෙත් විවර කරගැනීමට තවදුරටත් අත්වැල සපයනු ඇත.


මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයේ දී මහාචාර්ය අජිත් ද අල්විස් මහතාගේ ලබා දුන් ඔවදන්,  ශිෂ්‍යත්වලාභී දූ දරුවන්  සැම දෙනාව විශිෂ්ටත්වය කරා ගමන් කරමින් අප සමාජය වෙත අර්ථාන්විත දායකත්වයක් සැපයීම ධෛර්යමත් කරන ලදී.  AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන අප රටේ දක්ෂ දරුවන්ට දායකත්වය සපයමින් ඔවුන්ව සවිබල ගැන්වීමට අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් අත්පත් කර දීමටද සහය වෙනු ඇත.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply