Kaspersky ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන්හි සයිබර් ආරක්ෂාව වෙනුවෙන් නවතම ‘Kaspersky Next’ හඳුන්වා දෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි සුරක්ෂිතතාව වෙනුවෙන් සිය ප්‍රමුඛතම නව නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next’ හඳුන්වා දීමට ‘Kaspersky Next’ පසුගියදා කටයුතු කරන ලදී. XDR (Extended Detection and Response) හි සුපැහැදිලි බව හා අති ප්‍රභල මෙවලම් සමඟින් EDR (Endpoint Detection and Response) හි වේගය හා විනිවිදභාවය එක් කළ ශක්තිමත් ආරක්ෂාවක් ව්‍යාපාර දත්ත වෙත සැපයීමට ඒ තුළින් හැකියාව උදා වේ. ඒ නිසාම තම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ගැලපෙන නිෂ්පාදන ස්ථරයක් තෝරා ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන් හට උදා වීමද මෙහි ඇති විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

දිනෙන් දින අලුත් වන සයිබර් තර්ජනයන් මධ්‍යයේ ව්‍යාපාර සමාගම්වලට විශ්වාසවන්ත, ඵලදායී සයිබර් ආරක්ෂණ විසඳුමක් අත්‍යාවශ්‍ය වේ. Enterprise Strategy Group හි නවතම XDR සහ SOC වාර්තාවන් පෙන්වා දෙන්නේ ඉහළ මට්ටමේ සයිබර් තර්ජනයන් හඳුනා ගැනීමට හා ඒවා විමර්ශනය කිරීමට හැකි තොරතුරු ආරක්ෂණ මෙවලම් සොයා ගැනීම වෙනුවෙන් ව්‍යාපාර සමාගම් නිරන්තරයෙන් උනන්දු වන බවයි. ව්‍යාපාර සමාගම්හි එම අවශ්‍යතාව මනාව අවබෝධ කරගත් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම නව්‍ය හා තාක්ෂණික සේවා සපයන Kaspersky ඊට විසඳුම් සැපයීමට කටයුතු කර ඇත්තේ විශ්වාසදායී සයිබර් ආරක්ෂණ සැලසුමක් ව්‍යාපාර සමාගම් වෙත තිළිණ කරමිනි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Kaspersky හි අග්නිදිග ආසියාවේ සාමාන්‍යාධිකාරී Yeo Siang Tiong මහතා “සයිබර් ආරක්ෂණ විසඳුම් සලසන්නකු ලෙස අප විසින් අද දිනයේදී හඳුන්වා දුන් ආයතනික නිෂ්පාදනයන්හි අති නවීන XDR විසඳුම වන Kaspersky Next අපගේ පරිවර්තනීය ගමනෙහි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරන බව සඳහන් කළ හැකියි. මෙම නවතම නිෂ්පාදනය තුළින් ශ්‍රී ලංකාවේ ඕනෑම පරිමාණයක ව්‍යාපාර හා සංවිධානයන් සඳහා සංකීර්ණ EDR සහ XDR විසඳුම් වඩාත් පහසුවෙන් ලබා දීමට අපට හැකියාව උදා වනවා. සෑම පාරිභෝගිකයිකු වෙතම අසමසම සේවාවක් තුළින් උපරිම ආරක්ෂාවක් ලබා දීමට අරමුණු කොට ගෙන සිටින අප  සයිබර් ආරක්ෂණයේ නවකයින්ට මෙන්ම SOC කණ්ඩායමකින් සුසැදි ආයතනයන් වෙත ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ලබා දීමට මේ තුළින් කටයුතු කර තිබෙනවා. අපගේ අරමුණ වන්නේ ව්‍යාපාර ආයතන හා සංවිධානයන්හි සයිබර් ආරක්ෂණ අවශ්‍යතා සපුරාලන කාර්යක්ෂම හා විශ්වාසදායී තොරතුරු ආරක්ෂණ පද්ධතියක් ගොඩනැඟීම සඳහා ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා දීමයි.” යනුවෙන් පවසා සිටින ලදී.

2023 වසරේදී Kaspersky නිෂ්පාදනයන් විසින් මෙරට Kaspersky Security Network භාවිත කරන්නන්ගේ පරිගණක තුල දේශීය සිදු වීම් මිලියන 15ක් පමණ අනාවරණය කර ගැනීමට සමත් විය. මෙම කාලය තුළ ශ්‍රී ලාංකේය පරිශීලකයින්ගෙන් 46.7%ක පිරිසක් දේශීය වශයෙන් සයිබර් තර්ජනයන්ට මුහුණ දී තිබීමද විශේෂත්වයකි.

පරිශීලකයින්ගේ පරිගණක හෝ ඒවාට සම්බන්ධ කළ හැකි (flash drives, කැමරා මෙමරි කාඩ්, ජංගම දුරකතන, external hard drives) වැනි උපාංගයන්හි මෙන්ම වෙනත් පරිගණකයකින් විවෘත කළ නොහැකි ආකාරයේ ගොනු ලෙස සයිබර් බලපෑම් එල්ල විය හැකි දේ අන්තර්ගත විය හැකි බව මෙම සංඛ්‍යාලේඛන තුළින් පෙන්වා දෙයි.

මීට අමතරව මෙරට KSN භාවිත කරන්නන්ගේ පරිගණකයන්හි අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වන විවිධ සයිබර් තර්ජනයන් මිලියන 9.3ක් අනාවරණය කර ගැනීමටද Kaspersky සමත් විය. සමස්තයක් ලෙස ගත් කළ මෙම වෙබ් තර්ජනයන් මඟින් පරිශීලකයින්ගෙන් 39.5%ක් ඉලක්ක කොට ගෙන ඇති බව පැහැදිලි වේ.

Kaspersky Next ලෙස හඳුන්වනු ලබන්නේ AI මඟින් බල ගන්වනු ලබන ප්‍රභල robust endpoint protection සහිත නවතම සයිබර් ආරක්ෂණ නිෂ්පාදන පෙළකි. ඒ තුළින් EPP (Endpoint Protection Platform) ඉක්මවමින් ඕනෑම ප්‍රමාණයක හා කර්මාන්තයක පාරිභෝගිකයින් වෙනුවෙන් EDR සහ XDR ලබා දීම සිදු වේ. වඩාත් දියුණු හා ඵලදායී සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන EDR සහ XDR පූර්ණ විනිවිදභාවය, පාලනය, වේගවත් ප්‍රතිචාර දැක්වීම හා ක්‍රියාකාරී සයිබර් තර්ජනයන් හසුකර ගැනීම හරහා වර්තමානයේ බහුලව මුහුණ දෙන නවීන සයිබර් ප්‍රහාරයන්ට ඔරොත්තු දීමේ හැකියාව ව්‍යාපාරයන් වෙත ලබා දෙයි.

එසේම cloud සහ සඳහා ඉඩ හසර විවර කරන deployment-agnostic ලෙසද Kaspersky Next හඳුන්වා දිය හැකිය. මූලික සයිබර් ආරක්ෂණ පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් පද්ධතියක් තුළින් සමාගම්වලට එය කළමනාකරණය කිරීමේ හැකියාව නිසා Kaspersky Next භාවිතය ඉතා පහසු වනු ඇත.

මේ තුළින් ඉතා වැදගත් සයිබර් ආරක්ෂණ ක්‍රියාකාරකම් සකස් කර ගැනීමට මෙන්ම ransomware, malware සහ දත්ත විනාශ කිරීම් ව්‍යාපාරික ඊ මේල් හරහා යටිතල පහසුකම් වෙත ළඟා වීම වැළැක්වීම සැපයුම් දාම ප්‍රහාර, විනාශ කිරීම් හා වෙනත් දුර්වලතා වැනි ව්‍යාපාරයන් විසින් බහුලව මුහුණ දෙන තර්ජනයන්ට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් සැපයීමට හැකියාව උදා වේ.

Kaspersky Next ස්ථර 3ක් යටතේ හඳුන්වා දී ඇත.

Kaspersky Next EDR Foundations විසින් ව්‍යාපාරික ක්‍රියාවලියට හානි කිරීමට ප්‍රථම සයිබර් තර්ජන හඳුනා ගනිමින් ඒවා උදාසීනත්වයට පත් කර අන්තර්ජාල ආරක්ෂාව සැලසීම මෙහිදී සිදු වේ. සමාගම්වලට ඔවුන්ගේ අවශ්‍යතාවන් පරිදි ගැළපෙන ආකාරයෙන් භාවිත කළ හැකිය.

තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තොරතුරු ආරක්ෂාව සලසන සමාගම් සඳහා නිර්දේශිතය.

ආරක්ෂණය සඳහා අත්‍යවශ්‍ය EDR ක්‍රියාකාරීත්වය, මනා පාලනය, පැච් කළමනාකරණය සහ cloud ආරක්ෂාව සළසනු ලබන අවම සම්පත් භාවිතයෙන්, ඉක්මණින්  ව්‍යාපාරයන් හට ප්‍රහාර මඟ හැරීමට Kaspersky Next EDR Optimum අවකාශ සපයනු ලබයි.

කුඩා තොරතුරු ආරක්ෂක කණ්ඩායම් සහිත සමාගම් සඳහා වඩාත් සුදුසු වේ.

ආයතනයක හෝ සංවිධානයක තොරතුරු තාක්ෂණ යටිකල පහසුකම් හරහා විවිධ මුලාශ්‍ර මඟින් දත්ත එකතු කිරීම, විශ්ලේෂණය කිරීම, තර්ජනයන් හඳුනා ගැනීම සහ ස්වයංක්‍රීය ප්‍රතිචාරයන් ලබා දීම වෙනුවෙන් ඒ මොහොතේ ඇති විය හැකි අවදානකම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම මෙහිදී සිදු වේ.

පළපුරුදු සයිබර් ආරක්ෂක කණ්ඩායම් හෝ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථාන සහිත ආයතනයන් වෙත නිර්දේශ කර ඇත.

Kaspersky හි නවතම සයිබර් අපරාධ වාර්තාවන් පිළිබඳ දැන ගැනීමට Securelist.com වෙත පිවිසෙන්න  


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply