අගනා බැංකොක් සවාරියක් පිරිනමමින් ජනශක්ති ලයිෆ් විශිෂ්ටයන් අගයයි

Share with your friend

ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, දස්කම් පෑ සිය සේවකයන් හට බැංකොක් සවාරියක් සඳහා අවස්ථාව ලබා දුණි.  ඒ අනුව,75ක ට වැඩි පිරිසක් වෙත එම සුවිශේෂී අත්දැකීම විඳින්නට අවස්ථාව සලසමින්, ඔවුන් විසින් සමාගම වෙත ලබා දුන් කැපී පෙනෙන දායකත්වය ඇගයුමට ලක් කෙරිණ.      

ජනශක්ති ලයිෆ් හි දස්කම් පෑ අය හට පිරිනමන ලද මේ අගනා අවස්ථාව හරහා සියලු පහසුකම් සහිතව සුන්දර බැංකොක් නගරයේ ඔවුන් දින හතරක් ගත කළහ.  තායිලන්තයේ සුවිශේෂී පන්සල් දැක බලා ගනිමින්, ආකර්ෂණීය බැංකොක් නගරයේ චාරිකා කරමින්, සුප්‍රසිද්ධ Dream World  සහ Snow Town වෙතින් අපූරු අත්දැකීම් ලැබීමේ අවස්ථාව ද ඔවුන්ට හිමි විය.  සංස්කෘතික මෙන්ම විනෝදාස්වාද කටයුතු වල යෙදීමේ හැකියාව ලැබෙන අයුරින් මෙම චාරිකාව සැලසුම් කර තිබීම ද විශේෂත්වයකි.    


සේවා ස්ථානය තුළ ඉහළ කාර්යසාධනයක් පෙන්වීම හා කණ්ඩායම් එකමුතු භාවය පවත්වා ගැනීම වෙත වැඩි අවධානයක් යොමු කරන්නට ජනශක්ති ලයිෆ් නිරන්තරයෙන්ම උනන්දු වේ.  ඒ අනුව, මෙම සවාරිය සූදානම් කෙරුණේ, උසස් දස්කම් පෑ අය ඇගයුමට ලක් කිරීමට පමණක් නොව, කණ්ඩායම් එකමුතු භාවය තව තවත් දැඩි කිරීමේ අරමුණින් ද යුතුව ය.  එකම අරමුණකින් යුතු කණ්ඩායම අතර නව එක්සත් භාවයක් ඇති කිරීමට මෙම සවාරිය හේතු වූ බව නිසැකය.  උසස් දස්කම් පෑ අයත් සමග කළමනාකාරිත්වයේ ජ්‍යෙෂ්ඨයින් ද මෙම සවාරියට එක් වූ නිසා, එකිනෙකා අතර සහයෝගීතාව තව තවත් වැඩි වූ අයුරු ද පෙනුණි.  

“අප ආයතනයේ සාර්ථකත්වයට අපේ කණ්ඩායමේ කාර්යශූර දායකත්වය බෙහෙවින් බලපාන බව අප දැඩිව විශ්වාස කරනවා.  ආයතනයේ ඉදිරි ගමනෙහි පැවැත්මට ද ඔවුන්ගේ කාර්යභාරය ඉතා වැදගත් වෙනවා.  ඒ නිසාම, ඔවුන් ඉටු කරන අගනා මෙහෙවර නිසි ඇගයුමට ලක් කරමින්,  ඔවුන් බලගැන්වීමටත් ඔවුන්ගේ දක්ෂතා ඇගයීමටත් අප කැප වී සිටිනවා.” යනුවෙන් ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, රවී ලියනගේ මහතා අදහස් පළ කළේ ය.

“ජීවිත නඟාසිටුවීම සහ සිහින බලගැන්වීම” සිය ආයතනික අරමුණු කරගත් ජනශක්ති ලයිෆ් නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ, සදාචාරාත්මකව සහ විනිවිද භාවයෙන් යුතුව සිය පාර්ශ්වකරුවන් සියලුදෙනා වෙත ම ඉහළ වටිනාකම් පිරිනැමීමටයි.  ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් රක්ෂකයකු විසින් ඉටු කළ යුතු වැදගත්ම කාර්යභාරය, ඔවුන්ගේ ජීවිත වල සෑම අදියරකට ම ගැළපෙන, නවතම හා වඩාත් ප්‍රායෝගික රක්ෂණ විසඳුම් සහ සේවාවන් පිරිනැමීමයි.  එම අරමුණ සිත් හි තබාගෙන, ජනශක්ති ලයිෆ් අතිශයින්ම ගැළපෙන වටපිටාවකින් යුතු සේවා ස්ථානයක් සිය සේවක කණ්ඩායම වෙත පිරිනමන්නේ, සේවකයන්ගේ කාර්යශූර දායකත්වය ආයතනයේ සාර්ථකත්වයටත් ගනුදෙනුකරුවන්ගේ යහපැවැත්මටත් එක සේ වැදගත් වන බැවිනි.  

වසර 29ක කාලයක් තුළ ජනශක්ති ඉන්ෂුවරන්ස් PLC, රක්ෂණ කර්මාන්තය තුළ ඉමහත් පෙරළියක් ඇති කළ ප්‍රබලයකු බවට පත් ව ඇත.  දිවයින පුරා පිහිටි ශාඛා 79ක ජාලය හරහා, විවිධ වයස් කාණ්ඩ වලට අයත් සියලු ජනතාවට සුවිශේෂී රක්ෂණ විසඳුම් වෙත පහසුවෙන් පිවිසීමේ නිරන්තර හැකියාව සලසා ඇත.  


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply