ඔලිම්පික් යන අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රිස්බ්‍රෝ සුභපැතුම් පිරිනමයි

Share with your friend

මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිය සුභාශිංෂණ පිරිනැමීය. 2020 වසරේදී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කෝවිඞ් 19 වසංගතයේ ව්‍යාප්තිය සමග 2021 වසර දක්වා කල් දැමූ අතර මෙම තරගාවලිය ජූලි 23 වද දින සිට අගෝස්තු 8 වන දින දක්වා පැවැත්වීමට සියලූ කටයුතු මේ වන විට සූදානම් ව ඇත. ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම සඳහා මෙවර ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩිකාවන් 5 ක් සහ ක‍්‍රීඩකයින් 4 දෙනෙක් සුදුසුකම් ලබා ඇත. අනාගතයේදී ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග‍්‍රහන අත්කර දීමේ හැකියාවක් සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනාගනිමින් ඔවුන් වෙත ක‍්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ සමූහය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් දියත් කළ NOCSLCRYSBRO Next Champ වැඩසටහන යටතේ ක‍්‍රීඩා ශිෂ්‍යත්ව ලාභිනියක වන මිල්කා ගෙහානි ද සිල්වා ක‍්‍රීඩිකාව ද මෙවර ඔලිම්පික් වරම් දිනා ගැනීම විශේෂත්වයකි. 

NOCSLCRYSBRO Next Champ වැඩසටහන මගින් තෝරා ගන්නා ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 අතරට එක් වූ මිල්කා ද සිල්වා රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරන අතර මෙම ඉසව්වෙන් ඔලිම්පික් ඉසව්වක් නියේජනය කරන පළමු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩාවන්නේ ද ඇයයි. ජාත්‍යන්තර ජයග‍්‍රහන රැසක් දිනා ඇති මිල්කා මෙවර ඔලිම්පික් තරගාවලියේ විශිෂ්ටතම ක‍්‍රීඩිකාවන් 10 අතරට පැමිණෙනු ඇති බව ක‍්‍රීඩා විචාරකයින් මත පළ කරයි. පළමු වරට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකදී අශ්වාරෝහක ඉසව්ව සඳහා ඉදිරිපත් වන මැටිල්ඩා කාල්සන් ක‍්‍රීඩිකාව ද ප‍්‍රබල අභියෝගයක් සෙසු ක‍්‍රීඩිකාවන්ට ලබා දෙනු ඇති බව පැවසේ. ජූඩෝ ක‍්‍රීඩාවෙන් 2016 රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් කිලෝග‍්‍රෑම් 73 බර පංතිය යටතේ තරග වැදුනු චාමර නුවන් ධර්මවර්ධන එම තරගාවලියේ ලොව විශිෂ්ටතම ක‍්‍රීඩකයින් 16 දෙනා අතරට පැමිනීමට සමත් විය. මෙවර එම බර පංතියෙන් තවත් ඉදිරියට පැමිණීම චාමරගේ අපේක්ෂාවයි. ජවන හා පිටිය ඉසව් නියෝජනය කරමින් යුපුන් අබේකොන් මීටර් 100 ඉසව්ව සඳහාත් නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීම තරගය සඳහා ද ඉදිරිපත් වනු ඇත. පිහිණුම් ක‍්‍රීඩා වෙනුවෙන් මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර් මීටර් 100 සමනළ ආර ඉසව්වවෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ජයග‍්‍රහන රැසක් ලද ටෙහානි එගොඩවෙල වායු රයිෆල් 0.117 ඉසව්වෙන් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරන අතර නිලූක කරුණාරත්න බැට්මින්ටන් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. 

2020 ටෝකියෝ ඔලිම්පික් නියෝජනය කරන ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සුභපැතුම් එක් කරමින් අදහස් දැක්වූ ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමොරෙස් සෙලර් මහතා ‘‘ ඔලිම්පික් උළෙල ලෝකයේ විශාලතම ක‍්‍රීඩා උළෙල බැවින් එය නියෝජනය කිරීම පවා පහසු කරුණක් නොවේ. ඒ සඳහා වන පරිසාධන මට්ටමට ළ`ගා වීමත් අභියෝගයක් එබැවින් එම අභියෝගය ජයගත් ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ උණුසම් සුභාශිංෂණ පිරිනමනවා. මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමට පළමු වරට ජිම්නාස්ටික් ඉසව්වෙන් ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබූ මිල්කා ද සිලවා ක‍්‍රීඩිකාව NOCSLCRYSBRO Next Champ වැඩසටහන යටතේ ක‍්‍රීඩා ශිෂ්‍යත්ව ලාභිනියක වීම මෙරව ඔලිම්පික් උළෙල අපට අමරණීය සිහිවටනයක් ගෙන එනවා. මිල්කා වැනි ජාත්‍යන්තර ජයග‍්‍රහන හිමිකර ගත හැකි 20 දෙනෙකු ජාත්‍යන්තර ජයග‍්‍රහයක් රටට අත්පත් කර දෙන තුරු ඔවුන් සමග රැඳී සිටිමින් ඔවුන්ට අවශ්‍ය පුහුණු පහසුකම්, පෝෂණය ඇතුළු අවශ්‍යතාවන් සපුරා ලීමට NOCSLCRYSBRO Next Champ වැඩසටහන විශාල ජාතික මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. මේ පියවර තවත් ඉදිරියට ගෙන යමින් මෙම වැඩසටහනේම දිගුවක් ලෙස නිර්මාණය කළ Next Olympic Hope වැඩසටහන මගින් මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත ලංකාවේ සහ විදෙස් ගතව සිටින පරිත්‍යාගශීලී ලාංකිකයින්ගේ ආධාර ලබා ගැනීමේ වැඩසටහන ද මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා’’ යනුවෙන් පැවසීය.    

ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated& තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.  


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply