ජපානයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගමක්වන Terra Motors සමාගම විද්‍යුත් ත්‍රීරෝද රථයක් සමඟින් මෙරට වෙළෙඳපොළට පිවිසෙන බව පසුගියදා නිවේදනය කළේය. කියෝරෝ (Kyoro) ලෙසින් නම්කර ඇති මෙම විද්‍යුත් ත්‍රීරෝද රථය මගී ගමනාගමනය මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට ද ගැලපෙන ලෙස නිමවා තිබේ.

පැයට කි.මී. 55කට වැඩි උපරිම වේගයක් සහිත මෙම ත්‍රීරෝද රථයට, එක්වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පසු කි.මී. 200ක් දක්වා ධාවනය කළ හැක. කිලෝ වොට් 11.7 ධාරිතාවක් එහි බැටරියක් සතු අතර වේග දෙකේ ගියර් කට්ටලය මගින් පහසුවෙන් කඳු තරණය කිරීමට සමත්ය. එමෙන්ම පැය හතරකදී බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කළ හැකි බැවින් අඩු මෙහෙයුම් වියදමක් සමඟින් ත්‍රීරෝද රථය මගින් ආදායම් ඉපැයීමේ කාලය වැඩිකරගැනීමට ද අවස්ථාව තිබේ.
Kyoro යනු විශේෂයෙන්ම ආසියානු සහ අප්‍රිකානු කලාපය තුළ තිරසර, පිරිමැසුම්දායී සහ උසස් ප්‍රමිතියේ ප්‍රවාහන විසඳුම් හඳුන්වාදීමට Terra Motors සමාගම විසින් ගනු ලැබූ උත්සාහය මල්ඵලගැන්වීමක් ලෙස පෙන්වාදිය හැක. මෙම වර්ධනීය ගමන්මඟේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස Kyoro වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම් නියෝජිතයින් පත්කිරීමට ද සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ තරුණ රැකියා වියුක්තිය සියයට 20කට ආසන්න ය. එවන් පසුබිමක, තරුණ රියැදුරන්ට, ව්‍යවසායකයින්ට මෙන්ම කුඩා ව්‍යාපාර හිමියන්ට ද විශාල ප්‍රතිලාභයක් Kyoro මගින් හිමිවේ. දැවැන්ත ත්‍රීරෝද රථ වෙළෙඳපොලක් පවතින ඉන්දියාව තුළදී ද Kyoro හි ප්රතිලාභ මේ වනවිට හොඳින් පෙන්නුම් කරතිබේ.

පිරිමැසුම්දායීබව, කාර්යක්ෂමතාව සහ ගතිකත්වය සමඟින් Kyoro ත්‍රීරෝද රථය ශ්‍රී ලංකාවේ ද විවිධ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් කදිම විසඳුමක් බවට පත්වනු නිසැක ය. සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙස ද, භාණ්ඩ ප්‍රවාහන රථයක් ලෙස ද, විද්‍යුත් වාණිජ අංශයේ ප්‍රවාහන විසඳුමක් ලෙස ද නාගරික සහ වාණිජ ප්‍රවාහනයට Kyoro දැවැන්ත දායකත්වයක් සපයනු ඇත.
″ජපන් සමාගමක් ලෙස අප සතු නවීන තාක්ෂණය සහ විශ්වසනීය ඉංජිනේරුවේදය තුළින් නිර්මාණය කළ Kyoro ත්‍රීරෝද රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම ගැන අපි මහත් සතුටට පත්වෙනවා. ආසියාවේ තිරසර ප්‍රවාහන කර්මාන්තය ප්‍රතිනිර්මාණය කිරීමේදී, ශ්‍රී ලංකාව එහි සුවිශේෂී වෙළෙඳපොළක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා. Kyoro ත්‍රීරෝද රථය එළිදැක්වීමත්, දේශීය හවුල්කරුවන් සමඟ එක්වීමත් තුළින් අපි, රැකියා උත්පාදනයටත්, ඉන්ධන මත රඳාපැවැත්ම අඩුකිරීමටත්, පිරිසිදු සහ කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් බිහිකිරීමටත් අපේක්ෂා කරනවා″, යනුවෙන් Terra Motors සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ගෝ සුසුකි මහතා ප්‍රකාශ කළේය.
Terra Motors සමාගම ශ්‍රී ලංකාවට පිවිසීම තුළින් එහි පුළුල් ගෝලීය වර්ධන සැලැස්ම ද පිළිබිඹු වේ. දේශීය බෙදාහැරීම් නියෝජිතයින් සමඟ සහයෝගීතවන්ට එළඹීම හරහා විශ්වසනීය අධි වේගී විද්‍යුත් ත්‍රීරෝද රථ සන්නාමයක් ලෙස මෙරට ස්ථාපිත වීමට Kyoro අපේක්ෂා කරයි. එමෙන්ම මෙය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ ව්‍යාපාර සබඳතා වර්ධනයේ ද පිළිබිඹුවකි. Terra Motors සමාගම ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ඇරඹීමත් සමඟ දෙරට අතර තාක්ෂණික, ආයෝජන සහ තිරසර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වෙමින් නව අවස්ථා බිහිවනු ඇති බව සමාගමේ විශ්වාසයයි. ව්‍යාපාර විමසීම් හෝ බෙදාහැරීම් නියෝජිත අවස්ථා පිළිබඳ තොරතුරු විමසීමට ev.auto@terramotors.co.jp ඊමේල් ලිපිනය හෝ +91 91477 52921 වට්ස්ඇප් අංකය භාවිතකළ හැක.