ප්‍රයිම් සමූහය අඛණ්ඩව සිව්වන වරටත් LMD වඩාත් ගෞරවනීය ව්‍යාපාර නාමාවලිය අතරට

Share with your friend

දේපළ හා මූල්‍ය ක්ෂේත්‍රයන්ගේ විවිධ අංශ කරා විහිද ගිය ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින් ප්‍රයිම් සමූහය LMD සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය සඳහා 2021 වසරේදී ද අඛණ්ඩව සිව්වන වරටත් එක් වීමට සමත් විය. 

දේශීය දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මූල්‍ය ශක්තියෙන් ඉදිරියෙන්ම සිටින ප්‍රයිම් සමූහය මෙම නාමාවලියේ “දේපළ වෙළෙඳ ක්ෂේත්‍ර” ජයග්‍රහනය (Real Estate Sector Winner)   හිමි ව තිබේ. දේපල වෙළෙඳ ක්ෂේත්‍රයේ නායකත්වය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය තුළ ආයතන 134ක් අතුරින් 66 වන ස්ථානය ප්‍රයිම් සමූහයට හිමි ව තිබේ. 

මෙම ජයග්‍රහනය පිළිබඳව අදහස් දක්වන ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා “LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලියට අඛණ්ඩව සිව්වන වරටත්  ඇතුලත් වීම පිළිබඳව මා බෙහෙවින් සතුටට පත් වන අතර මෙම නාමාවලියට ඇතුලත් වන මෙරට දැවැන්ත ව්‍යාපාරික ආයතන හා සසඳා බලන විට මෙය පහසු කටයුත්තක් නොවන බවද අවධාරණය කළ යුතුයි. මෙම ජයග්‍රහනය පසුපස සිටින ප්‍රධානතම බලවේගය වූ අපගේ දැඩි කැපවීමකින් කටයුතු කරන සේවක මඩුල්ල වෙත මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කරන්නේ මෙරට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රයිම් නාමය අංක එකේ ස්ථානයට ඔසවා තැබීම සඳහා ඔවුන් ලබා දුන් අඛණ්ඩ දායකත්වය වෙනුවෙනිග 

අප හා එක්වන පාරිභෝගිකයින්ට මෙන්ම කොටස්කරුවන්ටද උපරිම ප්‍රතිලාභ හිමි කර  දෙමින්, ලොව පිළිගත් ප්‍රශස්ත මට්ටමේ ජීවන අත්දැකීම් සහිත උසස් තත්ත්වයේ සමාජ රටාවන්ට අවස්ථාව සලසා දීමේ අරමුණ පෙරදැරිව, මනා සමබරතාවයකින් හා ගුණාත්මක වටිනාකම් සමඟ ඉදිරියට යාම, 26 වසරක අපගේ සාර්ථක හා අභිමානවත් ගමන් මඟට ඍජුව බලපෑ බව දැක්විය හැකියි.  

කෝවිඩ් වසංගතය හමුවේ මුහුණ දී සිටින නව අභියෝග තුළ වුවද,  අප සතු අත් නොහළ උත්සාහය හා ධෛර්යය තුලින් එකී අභියෝගන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය කරා  යා හැකි බව සනාථ කිරීමට LMD සඟරාව මඟින් ලද මෙම ඇගයීම මනා නිදසුනක් වන බවට කිසිදු සැකයක් නැහැ” යනුවෙන් පැවසීය. 

වසර 26කට ආසන්න සිය ආයතනික ගමන්මග තුල මෙරට දේපළ වෙළෙදාමේ අභිවෘද්ධිය  නව ප්‍රමිතිකරණයෙන්  හඳුන්වදෙමින් ප්‍රයිම් සමූහය දේපළ වෙළෙදාම්  ක්ෂේත්‍රයේ ප්‍රගමනයේ  ප්‍රධානතම බලවේගය බවට පත් ව සිටී. විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසකින් සැදුම්ලත් ප්‍රයිම් සමූහය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත සමාගම් වන Prime Lands Residencies PLC, Prime Finance PLC සහ HNB Finance PLC යන සමාගම් අයත් වන අතර Prime Homes Australia සහ Bhoomi Realty යන සමාගම්ද  අයත් වේ.

සුඛෝපභෝගී සහාධිපත්‍ය දේපළ සංවර්ධනයට (Condominium Property Arm)  වෙන් වූ Prime Lands Residencies PLC සමාගම 2020රැ21 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් හිමිකර ගනිමින් රුපියල් බිලියන 7.7ක පිරිවැටුමක් අත්පත් කර ගැනීමට සමත් ව සිටී. මෙම පිරිවැටුම 2019රැ20 මූල්‍ය වර්ෂය සමග සසඳන විට 35්‍ර ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි. 2021 වසරේ ජූනි මාසයේදී කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි වෙමින් සමාගම විසින් සිදු කළ මූලික කොටස් නිකුතුවේදී රුපියල් බිලියන 1.95ක ප්‍රාග්ධනයක් අපේක්ෂා කළ අතර එම අපේක්ෂිත අගය අභිබවා යමින් කොටස් ඉල්ලුම්කරුවන් 2323ක් රුපියල් බිලියන 2.25ක වටිනාකමකින් කොටස් මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කරන ලදි. එමෙන්ම මහජන කොටස් නිකුතුව ඇරඹූ දිනයේම ඒ සඳහා අධිදායකත්වයක් පැවතීමෙන් ප්‍රයිම් සමූහයේ මූල්‍ය ශක්තිය පිළිබඳව අයෝජකයින් තුළ පවැති විශ්වාසය මැනවින් පිළිබිඹු විය.

ප්‍රයිම් සමූහයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය වූ මීගමුවේ Prime Amber Skye දියත් කිරීම සඳහා මෙරට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ පැවති පළමු virtual property ප්‍රවේශයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ද සමත් විය. සයුර අභියස මීගමුව වෙරෙළ තීරයට නුදුරින් ඉදිවන Prime Amber Skye සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය පාරිභෝගිකයින්වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරම්භක දිනයේදී සමස්ත ව්‍යාපෘතියෙන් 30%ක වාර්තාගත අළෙවියක් මෙම virtual property ප්‍රවේශය හරහා තහවුරු කර ගැනීමට ප්‍රයිම් සමූහයට හැකි විය.

ප්‍රයිම් සමූහය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක සිය නිවාස හා දේපල ව්‍යාපෘති දියත් කර ඇති අතර මේ දක්වා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දියත් කළ සහාධිපත්ය  නිවාස ව්‍යාපෘති 42න් 36ක් සම්පූර්ණ කර පාරිභෝගිකයින්ට භාර දී ඇත. ශ්‍රි ලංකාවේ සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපාතීන් වැඩි සංඛ්‍යාවක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූවද කොළඹ නගරයෙන් බැහැරව සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතින් ඇරඹීමේ ගෞරවය ද හිමි වන්නේ ප්‍රයිම් සමූහයටයි. 

වසර 26ක් පුරා පාරිභෝගික විශ්වාසය උපරිම වශයෙන් හිමිකර ගෙන සිටින ප්‍රයිම් සමූහය මෙරට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ අංක එකේ සමාගම් සමූහය බවට පත් ව සිටී. affordable luxury සංකල්පය පළමු වරට හඳුන්වාදෙමින් කොළඹින් බැහැරව සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස වටිනාකමට සරිලන මිලකට ලබා දීමටද ප්‍රයිම් සමූහය පියවර ගන්නා ලදි. මේ වන විට ප්‍රයිම් සමුහයේ පාරිභෝගික පදනම 300,000කට ආසන්න ව පවතී. ලාභ ලැබීමේ අරමුණෙන් ඔබ්බට ගිය සමාජීය වගකීම  ඉටු කිරීමට සක්‍රීයව බැඳුණු ප්‍රයිම් සමූහය විවිධ ප්‍රවේශයන් ඔස්සේ කෝවිඩ් වසංගතයට මුහුණ දුන් ජනතාව සවිබල ගැන්විම සඳහාද සිය දායකත්වය ලබා දීමට සමත් විය.

පසුගිය වසරේදී මෙරට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ජාත්‍යන්තර Moody’s ආයෝජන සේවාව හා අනුබද්ධිත ICRA Lanka ණය ශ්‍රේණිගතකරණයේ  “[SL]A- (Stable)” ණය ශ්‍රේණිය හිමිකර ගනිමින් සිය මූල්‍ය ස්ථාවරත්වය මැනවින් පිළිබිඹු කිරීමට ප්‍රයිම් සමූහය සමත් වූ අතර මේ වන විට දිවයින පුරා ඉඩම් ව්‍යාපෘති 4000ක් පමණ සහ තනි නිවාස ව්‍යාපෘති 30ක් පමණ ක්‍රියාත්මක කර ඇත. 

වාර්ෂිකව ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ව්‍යාපාර නාමාවලියල මාසිකව ප්‍රකාශයට පත් කරන LMD සඟරාව සහ නීල්සන්ස් සමීක්ෂණ ආයතනය එක්ව ප්‍රකාශයට පත් කරන අතර විවිධ ක්ෂේත්‍රයන් 12ක් ආවරණය කරන පරිද්දෙන් තෝරා ගත් ව්‍යාපාරික ආයතන කළමනාකාරවරුන් සහ ආයතනික ප්‍රධානීන් ගෙන් සමන්විත නියැදියක් තෝරා ගනිමින් එම ආයතනයන්හි මූල්‍ය කාර්යසාධනය, ගුණාත්මක බව, කළමනාකරණ මණ්ඩල විශිෂ්ටත්වය, අවංකබව, නවෝත්පාදන, වෙළෙඳපොළ අවශ්‍යතා අනුව සිදු කරන වෙනස්කම්, ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම්, ආයතනික දැක්ම සහ රට පිළිබඳව ඇති වගකීම යන නිර්ණායකයන් ඇගයීමට ලක් කෙරේ.  


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply