ෂන් කෙයා නවතම ශාඛාව හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේ විවෘත කරයි

Share with your friend

ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ නවතම ශාඛාව හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කරන ලදී. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා මහතා,  කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා මහතා, ආරාධිත අමුත්තන් ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි විය.


හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ, 02 මහලේ, අංක 15/16 හි පිහිටා ඇති මෙම ශාඛාව වඩාත් ඉඩකඩ සහිතව සකස් කර ඇති අතර ඇස්  කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ අක්ෂි කාච ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවන්ගෙන් සමන්විත වේ. එමෙන්ම පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි  පරීක්ෂණ සේවාද ලබා ගැනීමට හැකි වේ.  විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, පළපුරුදු වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විත වේ.  Ray-Ban, Vogue, Dolce & Gabbana, Prada, Michael Kors, Giorgio Armani  වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මෙම ශාඛාව මඟින් ලබා ගැනීමට හැකි වේ.


වසර 30ක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ගුණාත්මක නිෂ්පාදන සහ ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. ශ්‍රී ලාංකිකයින්ට ඉහළම මට්ටමේ අක්ෂි සත්කාර සේවා විසඳුම් ලබා දීමේ මූලික අරමුණින් ආයතන විසින් සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply