සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමේ 

Share with your friend

සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන Swipe & Win දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් සිංගප්පූරුව වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගන්නා ලද්දේ අයි. සී. පී. කුමාර මහතා විසිනි. වසර අවසානය දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මසකට එක් ජයග්‍රාහකයකු බැගින් බිහි වේ. මින් ඉදිරියට නොවැම්බර් දක්වා මාලදිවයින වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දෙක බැගින් පිරිනැමීමටත්, දෙසැම්බර් මාසයේදී සිංගප්පූරුව බලා යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දෙකක් පිරිනැමීමටත් සැලසුම් කර තිබේ. මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට සෙලාන් කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ තම කාඩ්පත් භාවිතයෙන් රු. 5,000 හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනුවක් සිදුකිරීම පමණි. 

ඡායාරූපය (වමේ සිට): සෙලාන් කාඩ්පත් සන්නාම කළමනාකාරිනී බවන්ති ආරියරත්න, Halo Flights.LK විකිණුම් ප්‍රධානී ඉස්මයිල් නසීර්, මෙවර දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා වූ අයි. සී. පී. කුමාර, සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න, කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ සහ කාඩ්පත් කළමනාකරු (අලෙවි) රොෂාන් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply