සෙලාන් බැංකුවට Daraz Partner Performance සම්මාන උළෙලේදී සම්මානයක්

Share with your friend

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Daraz Partner Performance සම්මාන උළෙලේදී ‘Category Accelerator’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය. තනි කාණ්ඩයක් (උපයෝගීතා බිල්පත් ගෙවීම්) තුළ ගෙවීම් සඳහා භාවිතා කළ යුතු කාඩ්පත් පදනම වශයෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පසුගිය වසරට සාපේක්ෂව 200% ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම වෙනුවෙන් සෙලාන් බැංකුව වෙත මෙම සම්මානය හිමි විය. 

ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවියක් වන Daraz සමග එක්වී ‘Seylan Friday Offer’ නමින් විශේෂ දීමනා වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සෙලාන් බැංකුව මීට පෙර කටයුතු කළේ ය. මෙහිදී සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් Daraz වෙබ් අඩවිය හරහා ජල හා විදුලි බිල්පත් ගෙවූ ගනුදෙනුකරුවන්ට 10% ක වට්ටමක් හිමි විය. මේ සඳහා ගනුදෙනුකරුවන් වෙතින් දැවැන්ත ප්‍රතිචාරයක් හිමි වූ අතර එය සෙලාන් බැංකුවටත් Daraz වෙබ් අඩවියටත් පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් වැඩි කළ සාධකයක් බවට පත් විය. එමෙන්ම එදිනෙදා ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කිරීම කෙතරම් පහසුද යන්න පෙන්වා දෙමින්, දිගින් දිගටම එම ක්‍රම භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් යොමුකරවීම සඳහාද මෙම වැඩසටහන මහඟු කාර්යභාරයක් ඉටුකළේ ය. 

“Daraz වෙතින් මෙවැනි ඇගයීමක් හිමිවීම අපට මහත් සතුටක්. Daraz සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය ආරම්භයේ සිටම ඉතාමත් ඵලදායී හවුල්කාරීත්වයක් බවට පත්වූවා. මෙම ඇගයීම එම හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වේවි. මෙවැනි අර්ථවත් හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම, සෙලාන් බැංකුවේ සාර්ථකත්වයට බලපාන එක් ප්‍රධානතම සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් වෙත වැඩි වැඩියෙන් ප්‍රතිලාභ පිරිනැමීමට අප සෑම විටම උත්සාහ කරනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගමික ද සිල්වා මහතා පැවසී ය. 

‘එදිනෙදා අවශ්‍යතාවන්ට ගැළපෙනම කාඩ්පත’ වශයෙන් සෙලාන් කාඩ්පත්, Daraz හරහා උපයෝගීතා සේවා බිල්පත් ගෙවීමේදී හොඳම වට්ටම් පිරිනමයි. මීට අමතරව තවත් කාණ්ඩ රැසක් සඳහා වසර පුරාම වට්ටම් පිරිනැමීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. 

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply