සොෆ්ට්ලොජික් ලයිෆ් ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙයි

Share with your friend

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා යළිත අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමට ලක් වූයේ ලෝකයේ රක්ෂණ වෘත්තිකයින් සඳහා වූ ප‍්‍රධානතම අන්තර්ජාතික සංගමය වන Million Dollar Round Table (MDRT) විසින් තෝරා ගන්නා ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙමිනි. 2020 වසරේ සුවිශේෂී කාර්යසාධනය පමණක් සලකා බැලීම තුළින් MDRT සාමාජිකයන් 170ක් බිහි කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් මෙම සමාගම් 100 අතර ගෞරවයය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයේ පූර්ණ ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීමට සමත් ඉහළ මට්ටමේ වෘත්තීයමය රක්ෂණ උපදේශකයන් බිහිකිරීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන අඛණ්ඩ කැපවීම අන්තර්ජාතිකව හිමිකර ගනු ලැබූ මෙම ඇගයීම තුළින්  මනාව පිිළිබිඹු  වේ.

ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා ව්‍යාපාරයන්හි විශිෂ්ටත්වයේ ඉහළම ප‍්‍රමිතිය ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති MDRT සුදුසුකම ලබාගැනීම සඳහා, සියලු සාමාජිකයින් යාවත්කාලීන වූ වෘත්තීයමය දැනුමෙන් පරිපූර්ණ වීම, නිසි ලෙස වෘත්තීයමය ආචාරධර්ම පිළිපැදීම, සහ විශිෂ්ට ගණයේ පාරිභෝගික සේවාවක් ලබාදීම යනාදියෙන් සමන්විය යුතුයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘ශ‍්‍රී ලංකාවේ ලාබාලතම මෙන්ම දේශීය ජීවිත රක්ෂණ සන්නාමයක් ලෙස ලොව හොඳම සමාගම් 100 අතරට එක් වෙමින් ගෞරවයට පත් වීමට ලැබීම අප ලද ඉහළම විශිෂ්ටත්වයක් ලෙස සඳහන් කළ හැකියි. MDRT යනු සේවා දායකයින් සඳහා සේවා සැපයීමේදී ආචාර ධර්ම පිළිපැදීම හා වෘත්තීයමය දැනුවත් භාවය පිළිබඳ ඉහළම ගෝලීය ප‍්‍රමිතියයි. ජීවිත රක්ෂණයන් වෙනුවෙන් අවම ඉල්ලුමක් ජනනය වන ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ඉහළ වෘත්තීයමයභාවයක් පවත්වා ගැනීමෙන් අපගේ පාරිභෝගිකයින්ට ඉහළම පෙළේ රක්ෂණ විසඳුම් ලබා දීමට අපි  නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා. අපගේ සාර්ථකත්වයේ සුවිසල් ශක්තිය වන්නේ අපගෙ ලයිෆ් ඇඩ්වයිසර් කණ්ඩායම වන අතර, ඉහළ පුහුණුව, උසස් තාක්ෂණික මග පෙන්වීම තුළින් ඔවුන්ගේ වෘත්තීය දියුණුව සඳහා අප ආයතනයේ කැපවීම මෙම අන්තර්ජාතික ඇගයීම තුලින් මනාව පිළිබිඹු වන බව මා විශ්වාස කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ඉහළ රක්ෂණ ප‍්‍රමිතීන් සාක්ෂාත් කරගැනීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් හි දැඩි කැපවීමද මින් හොඳින්ම පැහැදිලි වන බව මේ මොහොතේ සඳහන් කළ හැකියි යනුවෙන් පැවසීය.

ශ‍්‍රී ලංකාව පුරා මිලියන් 1.5කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් වෙත සිය විශිෂ්ට ගණයේ රක්ෂණ සේවාවන් සළසනු ලබන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට තරගකාරී රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ඉහළම ස්ථානයක් හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ඉහළ වෘත්තීය ප‍්‍රමිතීන් හේතුවෙනි. සියලූ රක්ෂණ උපදේශකන් විසින් එකම විධිමත් විකුණුම් ප‍්‍රවේශයක් අනුගමනය කරන බව සහතික කිරීම වෙනුවෙන් ඔවුන් තම උපදේශකයන් සඳහා අඛණ්ඩ පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. මෙම විධිමත් විකුණුම් ප‍්‍රවේශය හරහා ගනුදෙනුකරුවන් සමග ස්ථාවර වෘත්තීයමය මට්ටමේ සේවා සබදතාවක් පවත්වා ගැනීම සහ ඩිජිටල් මාධ්‍යන් හරහා විශිෂ්ට සේවාවක් ලබාදීමට මග පෙන්වීමද සිදු කරයිි. එමෙන්ම ඒ තුළින් ක්ෂේත‍්‍රයේ සිටින කාලය තුළ උපදේශකයන් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම වෙනුවෙන් කාර්තුමය වශයෙන් ඇගයීම් සිදු කරනු ලබන අතර අභියෝග සාර්ථකව ජයගැනීම සඳහා නවක උපදේශකයින් වෙත මග පෙන්වීම හා උපදේශනය සඳහා පළපුරුදු විකුණුම් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යෙදවීමද සිදු කරනු ලබයි. පවතින වසංගත තත්වය හමුවේ ගෝලීය වශයෙන් නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමඟ ගනුදෙනුකරුවන් හට සේවා ස්ථානයට නොපැමිණ අවම ලියකියවිලි භාවිතය තුළින් සියලූ සේවාවන් සපුරා ගත හැකි ආකාරයේ ආකර්ෂණීය ඒකාබද්ධ ඩිජිටල් සේවාවක් හඳුන්වා දුන් ප‍්‍රමුඛ ආයතන අතරට එක් වීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. ගනුදෙනුවේ ආරම්භයේ සිට අවසානය දක්වා වඩාත් කාර්යක්ෂම හා නිවැරදි  ආකාරයෙන් විකුණුම් සිදු කිරීම වෙනුවෙන් සහාය වීම පිණිස උපදේශකයන්ට පහසුකම් සපයනු ලබන ඩිජිටල් විකුණුම් වේදිකාවක් වන Future Advisor සේවාව මීට ඇතුළත් වේ.

එක් දින හිමිකම් ගෙවීමේ ක‍්‍රියාවලිය,තැපැල් හා ජංගම රක්ෂණ විසඳුම් ඇතුලූ තවත් බොහෝ රක්ෂණ සේවාවන් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ශ‍්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇත්තේ ජීවිත රක්ෂණ කර්මාන්තයේ සම්මතයන්ද අභිබවා යමිනි. මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ බොහෝ නවෝත්පාදනයන්හි ප‍්‍රමුඛත්වය ගෙන ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ජාත්‍යන්තර වශයෙන්ද ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව හා යහ පැවැත්ම වෙනුවෙන් ඉහළ සේවාවක් ලබා දීමට කටයුතු කර ඇත්තේ වගකිව යුතු ආයතනයක කාර්යභාරය මනාව හදුනාගනිමිනි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply