OPPO Future Imaging Technology 2021 වැඩසටහනේදී තාක්ෂණික නවෝත්පාදන රැසක් එළිදකී

Share with your friend

  • RGBW sensor, Continuous Optical Zoom, Five-axis OIS technology සහ නවතම Under-screen කැමරාවක් ඇතුළු විශේෂාංග රැසක්

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපකරණ සන්නාමයක් වන OPPO හි නවතම සොයාගැනීම් එළිදැක්වූ 2021 OPPO Future Imaging Technology Launch වැඩසටහන පසුගියදා අති-සාර්ථක ලෙස පැවැත්විණි. ඡායාරූප තාක්ෂණයට සම්බන්ධ Sensors, Modules, සහ Algorithms සම්බන්ධ වැඩිදියුණු කිරීම් රාශියක් මෙහිදී එළිදක්වන ලදි. RGBW sensor, 85-200mm Continuous Optical Zoom, Five-axis OIS තාක්ෂණය සහ, OPPO සතු දියුණු AI algorithms එකතුවක් සහිත නවතම under-screen කැමරා තාක්ෂණය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. 

ලොව පුරා පාරිභෝගිකයන්ගේ රුචිකත්වයන්ගේ වෙනස් වීම් වලට සමගාමීව නවතම නිෂ්පාදන හඳුන්වා දීම සඳහාතම ගෝලීය පර්යේෂණ හා සංවර්ධන හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමට OPPO සෑම විටම උත්සාහ කරයි. මේ වනවිට OPPO ඉන්දියාව සහ ජපානය යන රටවල් ඇතුළුව රටවල් කිහිපයක පර්යේෂණ ආයතන 6 ක් සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන 5 ක් පිහිටුවා තිබේ. ඉදිරියේදී තව-තවත් නවෝත්පාදනයන් හඳුන්වා දීම සහ ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් සමග අත්වැල් බැඳගැනීම ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට තලයේ නිෂ්පාදන හා සේවාවන් තිළිණ කිරීම ධඡඡධ හි අපේක්ෂාව වී ඇත. 

මෙම නව RGBW සෙන්සරය නිපදවා ඇත්තේ උසස් මට්ටමේ නිෂ්පාදන හා පිරිසැකසුම් තාක්ෂණයන් භාවිතා කරමිනි. OPPO සතු 4-in-1 pixel algorithm මගින් සෙන්සරයේ වර්ණ හැකියාව කැපීපෙනෙන ලෙස වර්ධනය වී ඇත. එමෙන්ම ක්ෂේත්‍රයේ පුරෝගාමී DTI pixel isolation තාක්ෂණය sub-pixel crosstalk අවම කරමින් ඡායාරූප වල තත්ත්වය වැඩිදියුණු කරයි. තවත් හැකියාවන් රැසකින් සමන්විත මෙම සෙන්සරය 2021 වසරේ 4 වන කාර්තුවේ සිට OPPO නිෂ්පාදන වලට වාණිජ මට්ටමින් භාවිතා වනු ඇත. 

OPPO 85-200mm Continuous Optical Zoom තාක්ෂණය වඩාත් හොඳ Zoom හැකියාවක් ලබාදෙන අතර, OPPO Five-axis OIS වඩාත් පැහැදිලි ඡායාරූප ලබාදෙයි. පදනම් ව්‍යුහය දෘඪාංග මට්ටමින් වැඩිදියුණු කර නව 85-200mm Continuous Optical Zoom මොඩියුලය හඳුන්වා දී ඇත. 

තවත් නවොත්පදනය්ක් වන Five-axis OIS, ජයිරස්කෝප් වෙතින් පද්ධති ප්‍රොසෙසරයට චලන දත්ත ලබාදී විශ්ලේෂණය කර, algorithms හරහා අදාළ උප කොටස් වලට වෙන්කිරීමට උපකාරී වෙයි. ඉන් අනතුරුව මෙම දත්ත කාචය සහ ඉමේජ් සෙන්සරය වෙත යොමුකෙරේ. මේවා ක්‍රියාත්මක වන්නේ පිළිවෙළින් ball-bearing මෝටර් සහ shape memory alloys මගිනි. OPPO Five-axis OIS තාක්ෂණය 2022 පළමු කාර්තුවේ සිට වාණිජ මට්ටමින් භාවිතා වනු ඇත. 

Under-screen camera තාක්ෂණය තුළ දර්ශන තිරය සහ කැමරාවේ ප්‍රමිතිය සමබරව පවත්වා ගැනීමට OPPO නිර්මාණය කළ නවතම ම algorithms උපකාරී වේ. අනාගත ස්මාර්ට් දුරකථන සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන under-screen camera ක්‍රමය හඳුන්වා දීමටද OPPO මෙහිදී කටයුතු කළේ ය. විනිවිද පෙනෙන රැහැන් සමග නවතම නිමාවකින් පැමිණෙන මෙය වඩාත් විශිෂ්ට දෘශ්‍ය අත්දැකීමක් ලබාදෙයි.

මීට අමතරව OPPO හි ඇමරිකානු පර්යේෂණ ආයතනය මගින් diffraction reduction, anti-condensation, HDR, සහ AWB සම්බන්ධ AI algorithms එකතුවක් හඳුන්වා දී ඇත. මේ සියල්ල under-screen camera තාක්ෂණය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. ඡායාරූප දහස් ගණනක් ආදර්ශ ලෙස භාවිතා කරමින්  OPPO AI diffraction reduction ආකෘතිය සැලසුම් කර ඇත්තේ, ආලෝක මූලාශ්‍රයේ විවර්තනයන් නිසා ඇතිවන ගැටලු පාලනය කරමින්, වඩාත් පැහැදිලි හා ස්වාභාවික ඡායාරූප ලබාදීමට හැකිවන පරිද්දෙනි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply