උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන සිමෙන්ති සැපයුම්කරු ලෙස කටයුතු කරන INSEE සිමෙන්ති, මෙරට බලශක්ති හ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි

Share with your friend

INSEE සිමෙන්ති යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන අතර, සංස්ථා හා මහවැලි මැරීන් සිමෙන්ති වැනි සුප්‍රසිද්ධ මෙන් ම ජනප්‍රියතම සිමෙන්ති වෙළෙඳනාම දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන සමාගම වේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක්ව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින්, හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්කවල අක්කර දහස් ගණනක ගොවිබිම් සඳහා වාරි යටිතල පහසුකම් ලබා දීමේ සහ නව ජල විදුලි බලාගාරයක් මෙරටට දායාද කිරීමේ අරමුණින්, ඌව පළාත තුළ ක්‍රියාත්මක කරන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සිමෙන්ති සපයන්නා ලෙස කටයුතු කරනනේ INSEE සිමෙන්ති සමාගමයි.  ඉරාන කොන්ත්‍රාත්කරුවෙකු වන FARAB සමාගම විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා  INSEE සිමෙන්ති සමාගම මේ වන විට Rapid Flow සහ සංස්ථා සිමෙන්ති මෙට්‍රික් ටොන් 85,000කට අධික ප්‍රමාණයක් සපයා ඇත.

මෙම ව්‍යාපෘතියේ  වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින්, INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ  මහතා පැවසුවේ මෙවන් අදහසකි.  “උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සමස්ත ශ්‍රී ලංකාවටම ප්‍රථිලාභ ලබා දෙන සුවිශේෂී ව්‍යාපෘතියක්.  එමගින් පුනර්ජනනීය විදුලි බලාගාරයක් ඉදි කිරීමට වගේ ම, කෘෂිකාර්මික ඉඩම් විශාල ප්‍රමාණයකට අවශ්‍ය ජලපහසුකම් ලබා දීමටත් නියමිත යි. පශ්චාත් වසංගත සමය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙම ව්‍යාපෘතිය ශක්තියක් වනු ඇති බව පැවසුවොත් මා නිවැරදි යි. INSEE සිමෙන්ති සමාගම “ජීවිතය ගොඩනගන” කියන සංකල්පය මූලික කරගත් සමාගමක්. මෙවැනි සුවිසල් ව්‍යාපෘතියක සිමෙන්ති සැපයුම්කරුවා විදියට කටයුතු කිරීමට ලැබීම ඇත්තවශයෙන් ම  අපට මහත් ආඩම්බරයක්. ඒ වගේ ම මෙමගින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම සඳහා දායක වීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය අවසන් වන තෙක් අපගේ සහයෝගය උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන බව අවධාරණය කිරීමට කැමතියි. ඒ වගේ ම  ජාතික සංවර්ධනය වෙනුවෙන් රජය ගනුලබන දූරදර්ශී තීරණ සඳහා සුබ පැතීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.” 

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, උමා ඔය ජලවිදුලි බලාගාර සංකීර්ණය ලෙසින් ද හැඳින්වෙන අතර, එය උමා ඔය හරහා වේලි දෙකකින්, වැලිමඩ ප්‍රදේශයේ අතු ගංගාවකින්, ට්‍රාන්ස් බේසින් හැරවුම් උමං මාර්ගයකින් සහ120MW ධාරිතාවක් සහිත භූගත ජල විදුලි බලාගාරයකින් සමන්විත ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 5000 කට ආසන්න භූමි ප්‍රදේශයක වගාවන් සඳහා ජලය සැපයීමට සහ වෙනත් ජල අවශ්‍යතා සපුරාලීම සඳහා 145MCM ක  ජලය හරවා යැවීමට අපේක්ෂා කෙරෙයි. මෙහි ඉදි වන විදුලි බලාගාරය මගින් අපේක්ෂිත වාර්ෂික බලශක්ති නිෂ්පාදනය GWh 290 ක් වන අතර, එම බලාගාරය 22.7km, 132kV සම්ප්‍රේෂණ මාර්ගයක් හරහා බදුල්ල ග්‍රිඩ් උපපොළ හා සම්බන්ධ කිරීමට නියමිත ය. උමා ඔය ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 529ක් වන අතර, එහි සමස්ත ව්‍යාපෘති පිරිවැයෙන් 85%ක් ඉරානයේ  අපනයන හා සංවර්ධන බැංකුව හරහා ණය මුදලක් ලෙස ලබා දීමට ඉරාන රජය කටයුතු කරයි.

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම  INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත  සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති LMD සඟරාව මගින් වඩාත් ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත කර ඇති අතර, එම සමාගම ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply