හේලීස්හි 11 වන Chairman’s Awards හිදී විශිෂ්ටයින් හා නවෝත්පාදකයින් සම්මානයෙන් පිදුම් ලබයි

Share with your friend

හේලීස් සමූහයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන Chairman’s Awards විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප්‍රබෝධමත් ජයග්‍රහණ අගය කිරීම උදෙසා 11 වන වරටත් පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ මෙම උච්චතම ඇගයීම් අවස්ථාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 24ක සේවකයින් 192 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි. 

“අපගේ වටිනාම වස්තුව වන අපගේ සාමාජිකයින්ගේ දැඩි උනන්දුව සහ ආශාව හේතුවෙන් අප සමඟ කටයුතු කරන විවිධ පාර්ශවකරුවන් සඳහා වටිනාකමක් ලබා දීමට හැකි වී ඇත. සමූහයේ උන්නතිය වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන ඔවුන්ගේ කැපවීම හා උත්සාහය හේතුවෙන් මෙවර සම්මාන ප්‍රදානයේදී කර්මාන්ත අභියෝග, නවෝත්පාදන, පාරිසරික වගකීම් හා සුවිශේෂී සේවා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අසමසම විසඳුම් හා ඒ වෙනුවෙන් වූ ඔවුන්ගේ අප්‍රතිහත ප්‍රයත්නයන් ඇගයීමට ලක් කිරීමට අපි කටයුතු කළෙමු.” යනුවෙන් හේලීස් සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පවසයි. 

මෙහිදී සමස්ත විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන දිනා ගනු ලැබුවේ හේලීස් සමූහයේ සැලසුම් හා ප්‍රවාහන අංශය වන Advantis කණ්ඩායමයි. ඔවුන් විසින් ගින්නෙන් විපතට පත් යාත්‍රාවකින් විශේෂ භාණ්ඩ ආරක්ෂිතව ඉවත් කරමින් සිදු කළ සුවිශේෂී මුදා ගැනීම වෙනුවෙන් එම සම්මානය දිනා ගත් අතර ඒ තුළින් ආරක්ෂාව හා පාරිභෝගික සේවාව වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට ඔවුන් සමත් විය. විශේෂයෙන් මානව ආරක්ෂාව හා මුහුදු බත් වූ භාණ්ඩ නැවත ආරක්ෂා සහිතව ලබා ගැනීම වෙනුවෙන් වෘත්තීයට එහා ගිය කැපවීමක් ඉටු කළ Advantis කණ්ඩායම නව්‍ය මෙහෙයුම් තුළින් ව්‍යවසනකාරී තත්වයන් වළක්වා ගැනීමටත් සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලාංකේය ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කරන ලදී. 

සුවිශේෂී නායකත්වය, නවෝත්පාදනය හා සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවෙමින් මෙරට ඉන්ධන අර්බුදයේදී එවන් වූ ජාතික ගැටළුවක් විසඳීම වෙනුවෙන් ඩීසල් සඳහා විකල්පයක් ලෙස Marine Gas Oil සපයනු ලැබූ Advantis Bunkering කණ්ඩායම සේවා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන උළෙලේ පාරිසරික, සමාජීය හා පරිපාලන කාණ්ඩයේ සම්මානය දිනා ගනු ලැබුවේ Dipped Products PLC කණ්ඩායමයි. පරිසරය වෙනුවෙන් වන සිය පාරිසරික කැපවීම ප්‍රදර්ශනය කරමින් තෙත් බිම් ඉදි කිරීම හරහා නවතම මහා පරිමාණ අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා අපජල කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කළ Dipped Products PLC නිෂ්පාදන ධාරිතාව දිනකට අත්වැසුම් 80,000කින් ඉහළ නැංවීමට ද සමත් විය. ඉහළ පාරිසරික ප්‍රමිතීන් සපුරාලීමට පමණක් නොව ජල සංරක්ෂණය හා තිරසාර නිෂ්පාදන භාවිතයන් සඳහාද මෙම වැඩසටහන ඉතා වැදගත් විය.

ශ්‍රී ලංකාවේ වගා කරන ලද ගර්කින් ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය සහ යුරෝපා රටවලට  අපනයනය කිරීමේදී 25 වසරක් තිස්සේ මුහුණ දුන් ප්‍රබල අභියෝගයක් වූයේ කොමඩු මැස්සන්ය. එම උවදුර පාලන කිරීම සඳහා Sterile Insect Technique (SIT) භාවිත කරමින් සාර්ථකත්වයක් සනිටුහන් කළ හේලීස් ඇග්‍රිකල්චර්හ අනුබද්ධ HJS Condiments සම්මාන උළෙලේ නවෝත්පාදන කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස සම්මාන දිනා ගන්නා ලදී. සාම්ප්‍රදායික පලිබෝධ පාලනය වෙනුවෙන් යොදා ගත් විකල්පයක් වන මෙම තාක්ෂණය හේතුවෙන් සිය කුඩා වතු හිමියන් අතර ද ආර්ථික තිරසාරබවක් ඇති කිරීමට මේ තුළින් අවස්ථාව උදා වීම විශේෂත්වයකි.

ඡායාරූපය 1 – කණ්ඩායම විසින් සමස්ත විශිෂ්ටත්වය උදෙසා වූ සම්මානය හේලීස් සමූහයේ සභාපති හා ප්රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා (දකුණේ සිට තුන්වැන්නා) අතින් ලබා ගත් අවස්ථාව

ඡායාරූපය 2 – Advantis Bunkering කණ්ඩායම විසින් සේවා විශිෂ්ටත්ව අංශය සඳහා වන සම්මානය හිමිකර ගනිමින් 

ඡායාරූපය 3 – හේලීස් ඇග්රිකල්චර් කණ්ඩායම විසින් නව්යකරණ අංශය සඳහා වූ සම්මානය හිමිකරගත් අවස්ථාව 

ඡායාරූපය 4 – DPL කණ්ඩායම විසින් පාරිසරික, සමාජ හා පරිපාලන අංශය සඳහා වූ සම්මානය දිනා ගනිමින් 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply