Asia Asset Finance සමාගම  සිය 80 වැනි ශාඛාව විවෘත කරමින්,  53 වැනි සංවත්සරය සමරයි.

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රන් කේන්ද්‍ර කරගත් මූල්‍ය විසඳුම් සපයන්නා වන Asia Asset Finance සමාගම විසින්, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය සනිටුහන් කරමින්, 2023 වසරේ දී  53 වැනි සංවත්සරය සමරනු ලැබීය.  Asia Asset Finance සමාගම ක්‍රමානුකූලව වර්ධනය වෙමින්, පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට සමත් වීම, එම සමාගමේ දශක 5කට වැඩි සාර්ථක ගමන් මග තුළින් පෙන්නුම් කරයි. 

Asia Asset Finance සමාගම සමස්ත දිවයින ම ආවරණය කරමින්, සිය ශාඛා ජාලය 80 ක් දක්වා පුළුල් කර ගැනීමට සමත් වී ඇති අතර, සමාගමේ 53 වන සංවත්සරයට සමගාමීව 2023 සැප්තැම්බර් 23 වන දින, එහි  80 වන ශාඛාව සේරුනුවර දී විවෘත කෙරිණි.  පසුගිය වසර තුළ දී පමණක් නව ශාඛා 15ක් විවෘත කිරීම,  Asia Asset Finance සමාගම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ගැළපෙන  රන් කේන්ද්‍රීය කර ගත් නව මූල්‍ය සේවාවන් හඳුන්වා දීම වෙනුවෙන් කැපවීම පිළිබඳ සාක්ෂියකි.  

සිය ශාඛා ව්‍යාප්තියට සමගාමීව, Asia Asset Finance සමාගම  සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ප්‍රමාණය ද වර්ධනය කර ගැනීමට සමත් වී ඇති අතර, වර්තමානය වන විට  එම සමාගම  600කට අධික වෘත්තිකයින් කණ්ඩායමකගෙන් සමන්විත වේ. ‘ සේවය කිරිම සඳහා සුදුසුම ආයතනයක් (Grate Place to Work)’ ලෙස සහතික දිනා ඇති Asia Asset Financ සමාගම ධනාත්මක මෙන් ම  තෘප්තිමත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා කැප වන අතර, එම සමාගම ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන් සවි බල ගැන්වීම අරමුණු කරමින් විවිධ සේවාවන් ලබා දෙයි. 

ශක්තිමත් විදේශීය මව් සමාගමක් සහිත ශ්‍රී ලංකාවේ එක ම මූල්‍ය සමාගම වන Asia Asset Finance සමාගමේ මව් සමාගම වන ඉන්දියාව පදනම් කරගත් මුතූට් ෆිනෑන්ස්, රුපියල් ට්‍රිලියන 3 කට ආසන්න වත්කම් සහිත ගෝලීය මූල්‍ය සේවා දැවැන්තයෙකු ලෙස හඳුන්වා දිය හැකිය.  

ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගමක් වන Asia Asset Finance  සමාගම 1970 වසරේ දී ආරම්භ කෙරුණු අතර, එදා සිට අද දක්වා විවිධ අභියෝගවලට මුහුණ දෙමින් මෙන් ම සිය ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට විසඳුම් ලබා දෙමින් අද වන විට වර්ධනය වී ඇත.  

සමාගම මෙතෙක් පැමිණි ජයග්‍රාහී ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින්, Asia Asset Finance සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රජිව් ගුණවර්ධන මහතා පැවසුවේ, “අපගේ ගමන් මග විවිධ අභියෝග සඳහා ඔරොත්තු දෙමින්, ක්‍රමානුකූලව වර්ධනය වූ ගමන් මඟක්.  කාන්තාවන් සවි බල ගැන්වීම ඇතුළුව ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙමින්, කාර්යක්ෂම සේවාවක් සහතික කිරීම වෙනුවෙ අපි අපගේ ශාඛා ජාලය 80ක් දක්වා වර්ධනය කර ගැනීමට කටයුතු කළා. සේවය  කිරීමට සුදුසු ම ආයතනයක් ලෙස ඇගයීමට පාත්‍ර වීම අපගේ විශිෂ්ටත්වය පෙන්වන තවත් එක් අවස්ථාවක්. අපගේ මව් සමාගම වන මුතූට් ෆිනෑන්ස් සමඟ ගොඩනඟාගෙන ඇති සබඳතා හරහා දේශීය වෙළෙඳපොළ වෙත විශාල අවස්ථා සහ නව සේවාවන් හඳුන්වා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා. වසර 53 ක අපගේ සාර්ථක ගමන් මඟ තුළින් මේ රටේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා අප ලබා දුන් විශිෂ්ට විසඳුම් සඳහා  සාක්ෂි දරනවා.” යනුවෙනි.

පාරිභෝගික ජනතාවගේ දිනෙන් දින වෙනස් වන මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙන Asia Asset Finance සමාගම, සිය නව නිමැවුම් කළඹ අඛණ්ඩව වැඩිදියුණු කරමින්  තිරසාර වර්ධනයක් කරා ඔවුන් මෙහෙයවයි.

Asia Asset Finance යනු බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් (LFC) ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති සමාගමකි. 1970 වසරේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ Asia Asset Finance  සමාගම  රන් පදනම් කරගත් මූල්‍ය සේවාවන්ට අමතරව ස්ථාවර තැන්පතු, ලීසිං, ක්ෂුද්‍ර උකස්, දේපළ ණය  යන සේවාවන් මෙන් ම  Asia Asset Finance ජංගම දුරකථන යෙදුම (Mobile App)  හරහා ඩිජිටල් මූල්‍ය සේවාවන් රැසක් ද ලබා දෙයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply