Ceyline Group අනුබද්ධිත සමාගමක් වන Califolink Logistics සමාගම භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයේ සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයෙහි (Colombo West International Terminal – CWIT) අභ්‍යන්තර පර්යන්ත ප්‍රවාහන (Inter Terminal Trucking – ITT) කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙම පියවරත් සමග, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ප්‍රවාහන සේවා සැපයුම් සමාගමක් ලෙසින් Califolink Logistics හි පුරෝගාමි නායකත්වය තවදුරටත් තහවුරු කෙරේ.

Califolink සමාගම, කොළඹ වරායේ CWIT පර්යන්තයේ සිය ITT මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ, එහි මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම අයුරින් ඉහළ නැංවීමේ අරමුණෙන් යුතුවය. ඒ අනුව ආනයන හා අපනයන සමාගම් සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවාවන් සැපයිම සම්බන්ධයෙන් සමාගමේ විශේෂඥභාවය තවදුරට පුළුල් කරමින්, එහි අභිවෘද්ධිය සනිටුහන් කරන වැදගත් සන්ධිස්ථානයකටද මෙම පියවර ඔස්සේ එළඹීමට Califolink සමත් වෙයි. ට්‍රක් රථ 10 කින් සමන්විත බලඇණියකින් මුල්වරට තම මෙහෙයුම් ආරම්භ කළ සමාගම, දැන් මෙම සනිධිස්ථානය සනිටුහන් කිරීමෙන් අනතුරුව, ඉදිරියේදී තම ට්‍රක් රථ බලඇණියද පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.

තම සමාගමේ මෙහෙයුම් පුළුල් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අදහස් දක්වමින්, Califolink Logistics හි සාමාන්‍යාධිකාරී, නිමල් විජේසිංහ මහතා මෙසේ පැවසීය. “අපගේ නිෂ්පාදන සහ සේවා පරාසය පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස, කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය සමග එක්ව අභ්‍යන්තර පර්යන්ත ප්‍රවාහන (ITT) මෙහෙයුම් ආරම්භ කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් ලෙස අපි සලකනවා. මෙය, අපගේ සේවාවන් පුළුල් කරමින්, විවිධ අංශ කරා ව්‍යාප්ත වීමට ඉවහල් වන වැදගත් සන්ධිස්ථානයක්. කොළඹ වරායෙහි ඉදිරි දියුණුවට දායක වන ප්රමුඛ පෙළේ පාර්ශ්වකරුවෙකු වීමට අප තුළ ඇති අධිෂ්ඨානය පිළිබඳවත් මෙය කදිම සාක්ෂියක්.”
මෙම ක්‍රමවේදයෙහි වැදගත්කම අවධාරණය කරමින්, Ceyline Group හි කළමනාකාර අධ්යක්ෂ, චතුර ලකිඳු මහතාද අදහස් දැක්විය. “CWIT හි ස්වයංක්‍රීය දොඹකර සවි කිරීමට පෙර, ඒවායේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට අපගේ බත්තල් යාත්‍රාවක් (‘Cey-Synergy’) කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයට ලබාදීමට අපට හැකි වුණා. ඊට අමතරව, ගබඩා බහාලුම් මෙන්ම සමීක්ෂණ සේවා සැපයීම තුළින්ද එම පර්යන්තය සමග වර්ධනය වන ව්‍යාපාරික සම්බන්ධතාවයක් Ceyline Group පවත්වාගෙන යනවා. දැන් එහි අභ්‍යන්තර පර්යන්ත ප්‍රවාහන (ITT) සඳහා අපගේම ට්‍රක් රථ ලබාදීමත්, සහයෝගී ආයතන සමග ඵලදායක ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීමට අප දක්වන කැපවීම පිළිබඳ සාක්ෂියක්. CWIT හි ව්‍යාපාරික ගමන් මගට සහය දැක්වීම සඳහා දූරදර්ශී නායකත්වයෙන් යුත් එහි කණ්ඩායම සමඟ මෙවැනිම සමීප සහයෝගීතාවයන් පවත්වා ගැනීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා.”
ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයනකරුවන් මෙන්ම මෝටර් රථ ආනයනකරුවන් සඳහාම සුවිශේෂි වූ ප්‍රවාහන විසඳුම් සපයන පුරෝගාමි සමාගමක් වන Califolink Logistics, විශ්වාසනීය සහ කාර්යක්ෂම සැපයුම් සේවාවක් සැපයීම සම්බන්ධයෙන් විශේෂඥ සමාගමකි. මෙරට සැපයුම් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට කැපවී කටයුතු කරන මෙම සමාගම ප්‍රධාන මෙහෙයුම් කටයුතු වශයෙන් සැලකෙන, ප්‍රවාහන සේවාවන් සැපයිමට අමතරව, කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් කුලී පදනම මත බහාලුම් සැපයීම අතින්ද ක්ෂේත්රයේ පෙරමුණේ පසුවෙයි. සමාගමේ “OUT OF THE BOX” සන්නාමය යටතේ ඉවතලන නැව් බහාලුම් ගෘහ නිර්මාණ සඳහා උපෙයෝගී කර ගනිමින්, ශ්‍රී ලාංකිකයින් සඳහා සුඛෝපභෝගී ජීවන අවකාශයන්ද නිර්මාණය කිරීමටද කටයුතු කරයි. ඒ, අද්විතීය ක්‍රියාකාරීත්වය සමග නවතම සැලසුම් මුසු කිරීමේ සිය හැකියාව මනාව ප්‍රදර්ශනය කරමිනි.