CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ නැගෙනහිර පළාත් ශූරතාව මඩකලපුව පද්දිරුප්පු කලාපයට 

Share with your friend

CBL සමපෝෂ 100% දේශීය සමාගමක් ලෙස අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරන්තරයෙන් ක්‍රියා කරන සන්නාමයක් ලෙස කටයුතු කරයි.

සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දෙනු ලැබේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, ක්‍රීඩා කුසලතා වැඩි දියණු කිරීමට පවත්වනු ලබන ‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2023’ උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණ යන පළාත් 5 සඳහාම විහිදී ඇත. මෙම ක්‍රීඩා උළෙලේ තරග ඉසව් 70කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙන අතර ඒ සඳහා පාසල් 1800 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,500 කට වැඩි පිරිසක් සහභාගී වේ. 

CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ තවත් එක් අදියරක් ලෙස සංවිධානය කරනු ලැබූ නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගනයේදී පසුගියදා සාර්ථක අන්දමින් නිමාවිය.

තරගාවලියේ ශූරතාවය මඩකලපුව පද්දිරුප්පු කලාපය විසින් ජයග්‍රහණය කරනු ලැබූ අතර අනුශුරතාවය අක්කරපත්තු කලාපය හා කල්මුණේ කලාපය විසින් දිනා ගන්නා ලදි.

මෙහි අවසන් ක්‍රීඩා උළෙල වන දකුණු පළාත් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 05 වැනිදා සිට ඔක්තෝම්බර් මස 04 වනදා දක්වා බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ඒකායන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවියක් වීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා ශාරීර සුවතාවය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනා දිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply