Christell Luxury Wellness අඛණ්ඩව 3 වන වරටත් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් විශේෂිත වූ Crystal Award සම්මාන දිනයි

Share with your friend

Christell Luxury Wellness අඛණ්ඩව 3 වන වරටත් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ‘CNCI Achiever’ සම්මාන දිනාගැනීමට පසුගියදා සමත් විය. 2023 ඔක්තෝබර් 18 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී පැවති ‘CNCI Achiever Awards for Industrial Excellence 2023’ සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ සේවා කාණ්ඩයේ ‘National Crystal Award’ කාණ්ඩයේ සම්මානය මෙලෙස Christell Luxury Wellness වෙත හිමි විය. මෙරට වඩාත්ම විශ්වාසය දිනූ Cosmetic & Wellness මධ්‍යස්ථානයක් වන Christell Luxury Wellness මේ වනවිට මෙම සම්මානය අඛණ්ඩව 3 වරක් දිනාගැනීමට සමත් වී තිබීම විශේෂත්වයකි. 

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින්, කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වන්නේ, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සාර්ථකත්වයන් ඇගයීමට ලක්කිරීම ය. සම්මාන සඳහා ඉදිරිපත් වන සමාගම් ඒවායෙහි ඵලදායීතාව, ආයතනික සැලසුම්කරණය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, සේවක සේවිකාවන්ට ලැබෙන ප්‍රතිලාභ සහ කම්කරු සබඳතා ආදිය සම්බන්ධයෙන් මෙන්ම සමාජයීය හා පාරිසරික වගකීම් සපුරාලීම සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයකට ලක්කෙරේ. 

 Christell Luxury Wellness හි සභාපතිනි මහාචාර්ය රමණි අර්සකුලරත්න, අධ්‍යක්ෂ ඉහාන් ජයවර්ධන සහ වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශානිකා අර්සකුලරත්න යන මහත්ම මහත්මීහු මෙම සම්මාන උළෙලේදී ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සම්මානය ලබාගත්හ. 

“මෙම සම්මානය හිමි වීම අප ලැබූ සුවිශාල ගෞරවයක්. ක්ෂේත්‍රයේ විශිෂ්ටතම තලයේ සේවාවක් අඛණ්ඩව සැපයීමට අප ගත් නිරන්තර උත්සාහයන් නිසා අපට මෙම සම්මානය හිමි වුණා. මේ ජයග්‍රහණයට උරදුන් අපගේ කාර්ය මණ්ඩලයටත්, ඒ සඳහා අපට සවියක් වුණු අපගේ සේවාදායකයන් සියලුම දෙනාටත් අප බෙහෙවින් ස්තූතිවන්ත වනවා. අඛණ්ඩව වසර 3 ක් මෙම සම්මානය හිමිකර ගැනීමට අපට හැකි වීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. මින් අපට පැහැදිලි වන්නේ, සාර්ථකත්වය යනු ගමනාන්තයක් නොව, දැඩි කැපවීම හා විශිෂ්ටත්වය ඔස්සේ නිරන්තරයෙන් පිය නැගිය යුතු මාවතක් බවයි.” මහාචාර්ය රමණි අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply