DFCC බැංකුවට එක්සත් රාජධානියේ Global Brands වෙතින් සම්මාන 2 ක්

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා 2021 Global Brands සම්මාන 2 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ Global Brands සඟරාව මගිනි. මෙහිදී ‘බැංකු හා මූල්‍ය සේවා’ කාණ්ඩය යටතේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සන්නාමය’ සහ ‘විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි. 

ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනංවන අතරම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනාගේ යහපත උදාකර දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වය, මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වේ. එමෙන්ම, 2015 වසරේදී ඒකාබද්ධ වීමෙන් අනතුරුව මෙම සම්මාන DFCC බැංකුව වෙත හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම ජයග්‍රහණය බැංකුවේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 

Global Brands සම්මාන යනු, විවිධ ක්ෂේත්‍ර වල සමාගම් හා ආයතන වල විශිෂ්ට ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනකි. මූල්‍ය, අධ්‍යාපනය, සත්කාරක සේවා, ජීවන විලාසිතා, මෝටර් රථ සහ තාක්ෂණය යනාදී ක්ෂේත්‍ර රාශියක විශිෂ්ට ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරන සමාගම් හා ආයතන මෙම සම්මාන වැඩසටහන තුළදී ඇගයීමට ලක්වේ. එමෙන්ම ඉහළම ගුණාත්මක බවකින් යුත් පාරිභෝගික සේවාවක වැදගත්කම පෙන්වා දෙමින්, එබඳු සේවාවක් සලසන සමාගම් හා ආයතන වලට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීම මෙම සම්මාන උළෙලේ තවත් ඉලක්කයකි. 

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයට මෙය මනා සාක්ෂියක්. අප ලබාදෙන සම කළ නොහැකි පාරිභෝගික සේවාව මේ ආකාරයට ජාත්‍යන්තර ඇගයීමකටද ලක්වීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. පාරිභෝගිකයන්ට මුල්තැන දෙන, සහ ඩිජිටල් තාක්ෂණය පුළුල්ව භාවිතා කරන බැංකුවක් වශයෙන්, නිර්මාණශීලී, ප්‍රායෝගික සහ කාටත් විවෘත වූ ක්‍රියාවලි සහ පද්ධති භාවිතා කිරීමට අප කවදත් උත්සාහ කළා. එහිදී අප අත්කරගත් සාර්ථකත්වය මෙම සම්මාන මගින් මැනැවින් පැහැදිලි වනවා. වඩාත්ම විශ්වාසය දිනූ සහ විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදෙන බැංකුවක් ලෙස මෙලෙස ඇගයීමට ලක්වීම, ඉදිරියේදී අපගේ සේවාවන් තවදුරටත් වැඩිදියුණු කරමින් බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමට අප නිරන්තරයෙන් දිරිමත් කරන සාධකයක් බවට පත්වේවි. එමෙන්ම මේ උත්සාහය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් ලෙස තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සම්බන්ධ අපගේ ප්‍රතිඥාවේ අනිවාර්ය අංගයක් ලෙසත් හැඳින්විය හැකියි.” 

COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ අනපේක්ෂිත අභියෝග හමුවේ පවා පසුගිය වසර 2 ක පමණ කාලය තුළ වෙහෙස නොබලා කැපවෙමින්, එහි අහිතකර සමාජ-ආර්ථික බලපෑම අවම කිරීමට දායක වීම සඳහා DFCC බැංකුවේ කාර්ය මණ්ඩලය සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී. තම ප්‍රධාන වටිනාකම් හා ඉලක්ක මූලික කරගෙන කටයුතු කරන අතරම, Global Brands Magazine සම්මාන වැනි ජාත්‍යන්තර ඇගයුම් හිමිවන මට්ටමේ සේවාවක් පිරිනැමීමට හැකිවීම ගැන DFCC බැංකුව නිහතමානීව සතුටු වෙයි. එමෙන්ම මෙම දුෂ්කර කාලසීමාවේදී පවා ගනුදෙනුකරුවන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්ෂා කරදීමට තම ක්‍රමෝපාය තුළ මුල්තැන දෙමින්, අනාගත පරම්පරාවන් වෙනුවෙන් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයට මෙම සම්මාන මනා සාක්ෂියකි. 

DFCC බැංකුව පිළිබඳව 

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2021 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply