DFCC බැංකුව වෙතින් ‘DFCC Leasing Flash Promo’ නමින් පැය 24ක සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Leasing Flash Promo’ නමින් සුවිශේෂී, මාර්ගගත (Online) ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් 2021 ජූලි 30 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ. පැය 24 කට සීමා වන මෙම වැඩසටහන මගින්, පවතින ලීසිං අනුපාතයන්ට වඩා 0.5% ක් අඩු අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන් වෙත ලීසිං පහසුකම් ලබාදීමට නියමිත ය. ඒ අනුව, වාර්ෂික පොලී අනුපාතය 8.5% සිට ඉහළට ලීසිං පහසුකම් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. 

COVID-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ  ව්‍යාපාර කටයුතු හා දෛනික ක්‍රියාකාරකම් බොහොමයක් අඩපණ වී ඇති නිසා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී බොහෝ දෙනෙක් දැන් මාර්ගගත (Online) ක්‍රමවේදයන් වෙත යොමුවෙමින් සිටිති. මෙවැනි තත්ත්වයක් හමුවේ අලුතෙන් වාහන මිලදී ගැනීමට මෙන්ම තමන් සතුව දැනට පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ තලයේ වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන සියලුම දෙනාට ලීසිං සඳහා පොලී වට්ටමක් ලබාදීම ‘DFCC Leasing Flash Promo’ වැඩසටහනේ අරමුණ වී තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් ලීසිං පහසුකම් ලබාගැනීමට කැමති ගනුදෙනුකරුවන් www.dfcc.lk වෙත පිවිසී ඒ සඳහා ලියාපදිංචි විය යුතු ය. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2021 ජූලි 30 දින පැවැත්වෙන අතර, එදින ලියාපදිංචි වී දින 60 ක් ඇතුළත ලීසිං පහසුකම් සඳහා අයදුම් කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලී අනුපාතයන්ට වඩා 0.5% ක් අඩුවෙන් ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබේ. 

ලීසිං සේවාවන් සම්බන්ධයෙන් දශක 3 කට වැඩි පළපුරුද්දක් හිමි DFCC බැංකුවට, රටේ ලීසිං සේවා අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන විසඳුම් ලබාදීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම සමාගම් හා ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්ථාවර ආදායම් උපයන්නන්, වෘත්තිකයන්, සහ ව්‍යවසායකයන් ඇතුළු කාණ්ඩ වලට DFCC ලීසිං පහසුකම් ලබාගත හැකි අතර, ඒ ඔස්සේ ලියාපදිංචි කළ හා නොකළ මෝටර් රථ, SUV, වෑන් රථ, ත්‍රිරෝද රථ, සැහැල්ලු ට්‍රක් රථ, ඉදිකිරීම් රථවාහන, සහ යන්ත්‍රෝපකරණ ආදිය මිලදීගත හැකි ය. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව සැලසුම් කරන ලද සේවාවක් සමගින් නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම හිමිවීම, ලිපිලේඛන අවම වීම, ආකර්ෂණීය පොලී අනුපාත, කඩිනම් සේවාව, රටපුරා ශාඛා 139 කදී සේවාවන් ලබාගත හැකි වීම සහ අත්දැකීම් බහුල කණ්ඩායමක් වෙතින් ලීසිං උපදෙස් ලබාගත හැකි වීම ඇතුළු වාසි රැසක්ද මෙමගින් හිමි වේ.  

DFCC ලීසිං පිළිබඳ වැඩිදුර තොරතුරු www.dfcc.lk වෙතින් ලබාගත හැකි අතර, එහි ඇති ‘ලීසිං ගණකය’ (Leasing calculator) භාවිතයෙන් තමන්ට අවශ්‍ය මුදල සඳහා ගෙවිය යුතු මාසික වාරිකය පිළිබඳ දළ අදහසක් ලබාගැනීමටද හැකි වනු ඇත. 

DFCC බැංකුව පිළිබඳව 

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply