DIMO සහ මහින්ද්‍රා ට්‍රැක්ටර්ස්   දේශීය ගොවීන්ට  මහ කන්නයේ දී  වගා ඉඩම්  සැකසීමට නොමිලේ  සහාය ලබා දෙයි

Share with your friend

DIMO සිය දීර්ගකාලීන හවුල්කරු වන මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමඟ එක්ව  මහ කන්නයට අවශ්‍ය වගා ඉඩම්  සැකසීමේ කටයුතු නොමිලේ සැපයීම උදෙසා  ක්‍රියාත්මක කරන ලද “ගොවි දිවි සුව පිණිස” ව්‍යාපෘතිය මෑතකදී නිම කරන ලදී. දේශීය ගොවි ප්‍රජාවට මෙම දුෂ්කර කාල වකවානුවේ ශක්තියක් වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම මාස 3ක ව්‍යාපෘතිය හරහා වගා ඉඩම්  අක්කර 250ක් සකස් කිරීම සිදු වූ අතර වගා ඉඩම්  සැකසීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ යොදා   ගැනීමට වත්කමක් නොමැති ගොවීන් 165කට අධික ප්‍රමාණයකට මින් සහන සැලසිණි. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් යුතුව මොනරාගල, කිලිනොච්චිය, දඹුල්ල සහ අනුරාධපුරය යන ප්‍රදේශවල ගොවි ප්‍රජාවන් වෙත සාර්ථකව සම්බන්ධ වීමට DIMO වෙත හැකියාව ලැබුණි. පසුගිය කාලය තුළ තුන් ගුණයකින් ඉහළ ගිය  වගා ඉඩම්  සැකසීමේ පිරිවැය සහ ඉහළ  ඉන්ධන මිල හේතුවෙන් ගොවි ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමට DIMO හට මෙහිදී හැකියාව ලැබුණි. එම ගැටලු වලට පිලියමක් වශයෙන් තෝරාගත් ප්‍රදේශවල ගොවීන් සඳහා  යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් නොමිලේ වගා ඉඩම්  සකස් කිරීම මෙහිදී සිදු විය.

මෙම ව්‍යාපෘතිය හරහා  මහින්ද්‍රා ට්‍රැක්ටර්, රොටෝවේටර්, තැටි නගුල්, ටයින් ටිලර් වැනි වගා ඉඩම්  සකස් කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සැපයීම සහ ඉන්ධන ලබා දෙන ලදී. මෙහිදී දඹුල්ල, අනුරාධපුරය සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල වී ගොවීන්ට සහ මොණරාගල ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන්ටද මහ කන්නය සඳහා වගා ඉඩම්  සකස් කර දීම සිදු කරන ලදී. 

මෙම  ව්‍යාපෘතිය පිළිබඳව  DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “DIMO සෑම විටම දේශීය ගොවි ප්‍රජාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය පූර්ණ සහාය සපයනවා. පර්යේෂණ සහ සංවර්ධන, කෘෂිකර්ම යෙදවුම්, නිෂ්පාදනය සහ අපනයනය යන සියලු අංශ හරහා මෙම සහාය අපි ඔවුන්ට ලබා දෙනවා. කෘෂිකාර්මික අංශයේ   සියලු අංශ කෙරෙහි අවදානය යොමු කරන ආයතන අතරින් එකක් වීමට  අපට හැකියාව ලැබීම  පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. අපගේ තිරසාර න්‍යාය පත්‍රයේ කොටසක් වන   අවස්ථාවන් සහ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම තුලින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණෙහි තවත් එක් පියවරක් ලෙස මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමඟ එක්ව අපි මෙම කර්තව්‍ය සිදු කරනු ලැබුවා”.

“රටේ පවතින තත්වය නිසා ගොවි ප්‍රජාව දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. පවතින  අභියෝග මධ්‍යයේ වුවද සමාජ සත්කාරයක් ලෙස වගා ඉඩම්  සැකසීමේදී ගොවි ප්‍රජාවට සහයෝගය දැක්වීමට DIMO, මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමඟ ඉදිරිපත් වීම සතුටට කරුණක්. පවතින ආර්ථීක අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම වැඩපිළිවෙළ ගොවි ප්‍රජාවට විශාල අත්වැලක් වන බව අපි තරයේ විශ්වාස කරනවා”. දඹුල්ල බෙල්ලන්ඔය ගොවි සමිතියේ  සභාපති සේරසිංහ බණ්ඩාර මහතා මෙසේ සිය  අදහස් පළ කළේය.

මහ කන්නයේ පැවති අයහපත් කාලගුණය ඇතුළු අභියෝග සහ බාධක රැසක් මධ්‍යයේ වුවද ඔවුන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් තවත් ගොවි සමිති කිහිපයක් ද DIMO සහ මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් වෙත සිය අවංක කෘතඥතාව දක්වන ලදී.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply