DIMO Agribusinesses, LOVOL හාවස්ටර් පංච මහා නිධානයේ ජයග්‍රාහකයන් Agri Machinery Prestige Awards 2024/25 සම්මාන උළෙලේ දී ප්‍රකාශයට පත් කරයි

Share with your friend

DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන් LOVOL හාවස්ටර් පංච මහා නිධානය තුළින් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීමට LOVOL පාරිභෝගිකයන් පස් දෙනෙකු පසුගියදා සමත්විය. නොරොච්චෝලේ W.N.R. ප්‍රනාන්දු මහතා, දෙහිඅත්ත කණ්ඩියේ D.M. හීංමැනිකා මහත්මිය, මඩහාපොල K.W.S. සාන්ත මහතා, ඇතිළිවැව J.P.L. සංජීව මහතා සහ අතුන්ගහකොටුව W.S. සුරංග මහතා, මෙසේ DIMO බට්ටා ලොරි රථ  5 දිනාගැනීමට සමත් විය.

LOVOL හාවස්ටර් පංච මහා නිධානය මෙතෙක් මෙරට කෘෂි යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය තුළ දිනුම් ඇදීමක් හරහා ලබාදුන්  වටිනාම ත්‍යාගය ලෙස දැක්විය හැකි අතර  පසුගිය යල කන්නයේ දී, 2025 මැයි මස 01 වනදා සිට ජූලි මස 31 දක්වා LOVOL හාවස්ටර් යන්ත්‍රයක් මිලදී ගත් පාරිභෝගිකයන් අතරින් මෙම ජයග්‍රාහකයින් පස්දෙනා කුසපත් ඇදීමකින් තෝරාගනු ලැබිණි. මෙහිදී මෙම කාලවකවානුව තුළදී මිලදී ගත් සෑම නවතම LOVOL RG108 Plus හාවස්ටර් යන්ත්‍රයක්ම කුසපත් ඇදීම සඳහා සුදුසුකම් ලැබීය. 

මෙම දිනුම් ඇදීම පසුගියදා DIMO Agribusinesses කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ වෙළඳ නියෝජිත මහතුන් ඇගයීම සඳහා පැවති Agri Machinery Prestige Awards 2024/25 සම්මාන උළෙලේදී සිදු කෙරිණි. බස්නාහිර පළාතේ අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ  පූර්ණ  අධීක්ෂණය යටතේ මෙම දිනුම් ඇදීම  නීත්‍යානුකූලව විනිවිද බව රැකගනිමින් සිදු වූ අතර එය Facebook සමාජ ජාලය හරහා සජීවී ලෙස විකාශනය කරන ලදී. සංකේතාත්මක වශයෙන් ජයග්‍රාහකයින් වෙනුවෙන් ත්‍යාග ලබාගැනීම අදාළ LOVOL හාවස්ටර් යන්ත්‍ර විකිණීම කරන ලද අලෙවි නියෝජිත මහතුන් විසින් සිදු කරන ලදී. නුදුරේදීම මෙම ලොරි රථ අදාළ ජයග්‍රාහකයන්ට ලබාදීම සඳහා සමාගම දැනටමත් කටයුතු සැලසුම් කොට ඇත.

LOVOL හාවස්ටර් පංච මහා නිධානය වැනි වැඩසටහන් තුළින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය කෘෂිකර්මාන්තය තුළ කෘෂි යන්ත්‍රකරණය වේගවත් කිරීම දිරිගන්වයි. එසේම මෙවැනි වැඩසටහන් හරහා ලබාදෙන වටිනා ත්‍යාග තුළින් කෘෂි යන්ත්‍රෝපකරණ හිමිකරුවන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් නංවාලීම DIMO Agribusinesses හි මූලික අරමුණයි.

Agri Machinery Prestige Awards 2024/25 සම්මාන උළෙල Monarch Imperial හෝටලයේ දී පැවැත්වුණු අතර මෙහිදී DIMO Agribusinesses කෘෂි යන්ත්‍රෝපකරණ අංශය විසින් වෙළඳපොළට සපයන Mahindra, Swaraj tractors, Vikyno two wheel tractors, Bison boat tractors, LOVOL හාවස්ටර් අලෙවි, සේවා සහ අමතර කොටස් වල වෙළඳ නියෝජිත මහතුන් මුළු දිවයිනම නියෝජනය කරමින් මෙම සම්මාන උළෙලට සහභාගී විය. මෙහිදී අලෙවි, සේවා සහ අමතර කොටස් අංශයන් තුළ වැඩිම අලෙවියක් සිදුකරන ලද නියෝජිත මහතුන් ප්‍රාදේශීය සහ ජාතික වශයෙන් සම්මානයට පාත්‍රවිය. 135කට අධික DIMO Agribusinesses කෘෂි යන්ත්‍රෝපකරණ අංශය සතු වෙළඳ නියෝජිත ජාලය රටේ කෘෂි යාන්ත්‍රීකරණය සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබයි. සේවා අංශයේ ජාතික මට්ටමේ හොඳම වෙළඳ නියෝජිතයා ලෙස වව්නියාවේ MF Tractor Works හි එන්. පුවනේෂ්වරන්  මහතාත්, අමතර කොටස් අංශයේ සහ අලෙවි අංශයේ ජයග්‍රාහකයා ලෙස අනුරාධපුරයේ AVP Motors හි එන්. පී. එල්. ගුණවර්ධන මහතාත් සම්මානයට පාත්‍ර විය. මෙවර සම්මාන උළෙලේ  නැගී එන වෙළඳ නියෝජිතයා තේරීම හා දීර්ඝ කාලයක් සමාගම සමඟ රැඳී සිටි වෙළඳ නියෝජිතයින් ඇගයීම ද සිදුකෙරිණි.


Share with your friend