Great Place to Work® සහතිකය දිනූ ප්‍රථම චීන අවන්හල බවට Chinese Dragon Cafe පත් වේ

Share with your friend

මෙරට ආහාර පාන සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන Chinese Dragon Cafe පෞද්ගලික සමාගම ‘Great Place to Work®’ (සේවය කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථානයක්) ලෙස නිල වශයෙන් නම් කර තිබේ. එය ඔවුන් සතු මානව සම්පත කේන්ද්‍ර කර ගත් ප්‍රවේශය සහ කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කර ඇති වැඩසටහන් වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීමකි. 1942දී ආරම්භ වූ මෙරට පළමු චීන අවන්හල් සන්නාමය වන Chinese Dragon Cafe පරම්පරා කිහිපයකට අනර්ඝ චීන ආහාර පාන රස විඳීමට අවස්ථාව සළසා දී ඇත. ආරම්භයේ සිට මේ දක්වා ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇති එම සමාගමේ ශාඛා බම්බලපිටිය, ගල්කිස්ස, රාජගිරිය, පැලවත්ත, වත්තල, කඳාන, කඩුවෙල, නුගේගොඩ, යාපනය යන නගරවල සහ  ඩුබායිහි පිහිටා තිබේ. එම සමාගම ඉවුම් පිහුම් ක්ෂේත්‍රයට අදාළ නව්‍යකරණය සහ විශිෂ්ට සේවයක් සැපයීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරයි. Great Place to Work ආයතනය Chinese Dragon Cafe සේවය කිරීම සඳහා වඩාත් සුදුසු සමාගමක් ලෙස හඳුනා ගත් අතර ඒ සඳහා ගෝලීය වශයෙන් පිළිගත් Trust Index සමීක්ෂණය සහ ඉතා පුළුල් සේවා ස්ථාන ඇගැයීම් ක්‍රමවේදයක් උපයෝගී කර ගෙන තිබේ. සේවක සේවිකාවන්ගෙන් 75%කට වැඩි පිරිසක් සමාගම ඉතා උසස් මට්ටමකට ස්ථානගත කර තිබීම සුවිශේෂ කරුණකි. අදාළ ඇගැයීම් සිදු කිරීමේදී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම, විශවාසනීයභාවය, නව්‍යකරණය, කඩිසරභාවය, සේවා විශිෂ්ටත්වය වැනි අංශ සැළකිල්ලට ගෙන තිබේ.

අපගේ සාර්ථකත්වයේ හදවත අපගේ කාර්ය මණ්ඩලයයි. ඔවුන්ගේ කැපවීම, නිර්මාණශීලීභාවය, කණ්ඩායම් හැඟීම අපට විශාල ශක්තියක්. සේවය කිරීම සඳහා වඩාත් සුදුසු සමාගමක් ලෙස තේරී පත් වීම අප සියලු දෙනා ලැබූ ජයග්‍රහණයක්. ඒ තුළින් නව්‍යකරණය සහ වර්ධනය යන අංශවලට අදාළව අප සතු කැපවීම යළි තහවුරු වෙනවා.ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ප්‍රනාන්දු සඳහන් කළේය. Chinese Dragon Cafe “සේවකයා පළමුවෙන්සංකල්පය තුළින් තීරණ ගැනීමේදී සහ වෘත්තීය සංවර්ධන කටයුතුවලදී සෑම කණ්ඩායමකම නියෝජනය සහතික කරයි. සේවා ස්ථානය තුළ සිදු වන හිරිහැර පිළිබඳව Zero-tolerance ප්‍රතිපත්තියක් අනුගමනය කරන එම සමාගම විනිවිදභාවයකින් යුතු සන්නිවේදනය සහ කාර්ය මණ්ඩලයේ සුවතාව ඉහළින් සළකයි. විවිධ පුහුණු හා සෞඛ්‍ය වැඩසටහන්ද එම සමාගම  පවත්වයි. විවිධත්වය හා සමානාත්මතාව ප්‍රවර්ධනය කරන Chinese Dragon Cafe නැවුම් අදහස් හා ඉවුම් පිහුම් නවෝත්පාදන දිරි ගන්වයි. වෘත්තීය සංවර්ධන අවස්ථා, සම්මාන, නවීන පහසුකම්, ක්‍රීඩා, සංස්කෘතික සහ සමාජ වැඩසටහන් වැනි බොහෝ අමතර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට කාර්ය මණ්ඩලයට හැකියාව තිබේ. Chinese Dragon Cafe ඉවුම් පිහුම් සන්නාමයක් ලෙස මෙන්ම ප්‍රශස්ත සේවා පරිසරයක් ලෙසද ජනතාව අතර කීර්තියක් දිනා ඇත.


Share with your friend