HAMRO හි ප්‍රධාන විධායක නිලධාරී Q Khan මහතා Dambulla Giants හි නව හිමිකරු බවට පත් වෙයි

Share with your friend

2020-2024 සඳහා වූ ලංකා ප්‍රිමියර් ලීග් (IPG) නිල අයිතිය හිමි Innovative Production Group (IPG) FZE තරගාවලිය තුළ Island Nation T20 league   හි නව හිමිකරු වශයෙන් ලන්ඩනයේ කැනරි වෝර්ෆ් හි ප්‍රධාන කාර්යාලය පිහිටි Dambulla Giants හි ප්‍රධාන විධායක නිලධාරී Q Khan මහතාව අද දින අභිනවයෙන් තෝරා පත්කරනු ලැබිණී. 

දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ව්‍යවසායකයෙකු හා ප්‍රසිද්ධ ධානපතියෙකු වූ ඛාන් මහතා ක්‍රීඩාව කෙරෙහි දක්වන උන්දුව ඇගයිය යුතුය. ඔහු බිම් මට්ටමේ මෙන්ම වෘත්තීමය වශයෙන් ඉහළ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහාද අනුග්‍රහය දක්වයි. ඛාන් මහතාගේ ව්‍යාපාරික විඥානය සහ ක්‍රීඩාව කෙරෙහි ඇති ඇකි ඇල්ම හේතුවෙන් ඔහු විසින් ඇරඹූ ක්‍රීඩා පදනම දැනටමත් Lord Taverners, Essex Cricket Foundation, Surrey Cricket Foundation, MCC Foundation ආදී සංවිධාන වලට උපකාර කිරීමට පියවර ගෙන ඇත. අනාගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහය වීමට සහ එක්සත් රාජධානිය පුරා සහ ක්‍රිකට් ක්‍රීඩා කරන සියලුම ආයතන සඳහා සැලකිය යුතු අරමුදල් රැස් කිරීමට ද ඔහු කැපවී සිටී.

Innovative Production Group FZE හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා මෙසේ පවසයි “ක්‍රීඩාවේ සැබෑ ආධාරකරුවෙකු වන කියු ඛාන්ගේ විශිෂ්ට වෘත්තීය ජීවිතයේ තවත් පිටුවක් සඳහා මම සහ IPG කණ්ඩායම ඔහුට සුබ පතන්නට කැමතියි. ඔහු සමඟ වැඩ කිරීමට අපි සැවොම සතුටින් බලා සිටිනවා.” 

IPG සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ජාවද් ගුලාම් රසූල් මහතා විසින් Dambulla Giants හි නව හිමිකරු ලෙස කියු ඛාන් මහතාව පිළිගැනිමින් මෙසේ කීවේය: “ඛාන් මහතා අතිශයින්ම ක්‍රිකට් ක්‍රීඩාව ට ඇල්මක් දක්වන කෙනෙක්. ඔහු සමඟ වැඩ කිරීමට හා ඔහුගේ අත්දැකීම් තුළින් අපට බෝහෝ දේ ඉගෙනුමට ඇති බව මගේ අදහසයි ”

පසුගිය වසර 20 තුළ ඔහු ක්‍රිකට් සභාපති සහ ක්‍රීඩා සමාජයේ උප සභාපති වශයෙන් සක්‍රීයව සම්බන්ධ වූ Buckhurst ක්‍රිකට් සමාජය 2020 පෙබරවාරි මාසයේදී  පකිස්ථානයේ පැවති ඵෙතිහාසික MCC සංචාරය සහභාගි වූ අතර එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ද ඛාන් මහතා කටයුතු කරන ලදි.

නව හිමිකාරිත්වය ගැන කතා කරමින් ඛාන් මහතා මෙසේ පැවසීය: “මෙම සුවිශේෂී අවස්ථාව ගැන මම සතුටු වන අතර Dambulla Giants LPL තුළ විශිෂ්ට කණ්ඩායමක් බවට පත් කිරීමේ දී මගේ වෘත්තීය ජීවිතය තුළින් ලබාගත් අත්දැකීම්ද එකතු කර ගැනීමට මම බලාපොරොත්තු වෙමි.”

පැහැදිලි නායකත්වය, කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, ක්‍රීඩාවේ ගෞරවය සහ ක්‍රීඩාවේ වින්දනය යන කරුණු අවධාරණය කරමින්, කියු ඛාන් මහතාගේ සහ ඔහුගේ කණ්ඩායමේ අවසාන අරමුණ වී ඇත්තේ Dambulla Giants තරගාවලියේ ජයග්‍රාහකයින් බවට පත් කිරීමයි.

HAMRO පදනමේ අභිප්‍රාය වන්නේ ක්‍රීඩාව තුළින් ක්‍රීඩකයන්ගේ පූර්ණ හැකියාවන් වර්ධනය කර ගැනීමට සහ යෞවනයන්ගේ සිහින සැබෑ කර ගැනීමට මෙන්ම නායකත්වය සහ කණ්ඩායම් හැඟීම දිරිමත් කිරීමට ද සහය වීමයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply