SAMSUNG ඉලෙක්ට්‍රොනික්ස් 2021 Interbrand’s Best Global Brands හි ඉහළම ස්ථාන පහ අතරට ශ්‍රේණිගත වීම සමඟින් සිය වෙළෙඳ නාම වටිනාකම ශක්තිමත් කරයි

Share with your friend

සැම්සුන් ඇ.ඩො.බිලියන 74.6 ක වෙළෙඳ නාම වටිනාකමක් සමඟින් Interbrand’s Best Global Brands 100 අතරින් පස්වන ස්ථානයට ශ්‍රේණිගත වෙයි

2020 ට සාපේක්ෂව 20% ක වර්ධනයක්

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 Interbrand’s Best Global Brands හි ඉහළම වෙළෙඳ නාම පහ අතර සිය ස්ථානය නැවත වරක් තහවුරු කළ බව අභිමානයෙන් නිවේදනය කර සිටී.

ඔක්තෝබර් 20 වැනිදා මෙරට වේලාවෙන් ගෝලීය උපදේශන සමාගමක් වන Interbrand විසින් ප‍්‍රකාශයට පත් කරන ලද විශිෂ්ටතම ගෝලීය වෙළෙඳ නාම ලැයිස්තුවට අනුව සැම්සුන් ඇමරිකානු ඩොලර් බිලියන 74.6 ක වෙළෙඳ නාම වටිනාකමක් සමඟින් ඉහළම ස්ථාන පහ අතරට ශ්‍රේණිගත වූයේ පසුගිය වසරට සාපේක්ෂව 20% ක වර්ධනයක් ද අත්කර ගනිමින්ය. වසංගතයට පෙර තිබූ මට්ටමට සමාගම නැවතත් ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල අත්කර ගැනීම හේතුවෙන් සමාගමේ වෙළෙඳ නාම වටිනාකම මෙම වසරේදී 20% කින් ඉහළ ගියේය. එම වර්ධනය 2021  ඉහළම වෙළඳ නාම 100 අතර සිටින වෙළෙඳ නාමවල වෙළෙඳ නාම වටිනාකම වර්ධන වේගයේ සාමාන්‍ය මෙන් දෙගුණයක් වීම විශේෂත්වයකි.

පසුගිය වසරේ දී පළමු වරට ඉහළම ස්ථාන පහ අතරට ශ්‍රේණිගත වීම නිසා, සැම්සුන් 2013 වසරෙන් පසු සමාගමේ වෙළෙඳ නාම වටිනාකම අත්කර ගත් විශාලතම වර්ධනයට හිමිකම් කියමින් අඛණ්ඩව වසර දෙකක් සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.

Interbrand ට අනුව, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් කළමනාකරණ පද්ධතියකට මාරු වීම ඇතුළු ප‍්‍රධාන සාධක සැම්සුන් හි මෙම වර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලද අතර පාරිභෝගික අත්දැකීම් සහ වටිනාකම්වලට ප‍්‍රමුඛත්වය දීමට කැප වූ නව CX (පාරිභෝගික අත්දැකීම්) කණ්ඩායමක් ස්ථාපිත කිරීම ද මෙහිදී විශේෂයෙන් කැපී පෙනුණි. 

තවද, සමාගමේ ආයතනික සමාජ සත්කාර (CSR) වැඩසටහනේ දැක්ම වන ‘Together for Tomorrow! Enabling People’ මගින් මෙහෙයවනු ලබන විවිධ ප‍්‍රවර්ධනයන් මෙන්ම රූපවාහිනී සඳහා පරිසර හිතකාමී ඇසුරුම්කරණ භාවිතය සහ Galaxy Upcycling වැඩසටහන වැනි සැම්සුන් සමාගම පුරා ක‍්‍රියාත්මක කරන තිරසාරභාවය ප‍්‍රවර්ධනය කරන මුලපිරීම් ඇතුළු දැනට සමාගම පවත්වාගෙන යනු ලබන තිරසාර සංවර්ධනය සඳහා වූ සිය ප‍්‍රයත්නයන් ද මෙම ජයග‍්‍රහණයට දායක වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. 

Galaxy Z Fold3 5G හා Galaxy Z Flip3 5G, Neo QLEDs ඇතුළු සැම්සුන් මෑතකදී හඳුන්වා දෙන ලද නව්‍ය නිෂ්පාදන සහ කෘතිම බුද්ධිය (AI), 5G තාක්ෂණය, මෝටර් රථ සහ රොබෝ තාක්ෂණය වැනි උසස් තාක්ෂණික සංවර්ධනයන්ට අඛණ්ඩ ආයෝජනය කිරීම ද මෙම ජයග‍්‍රණයට හේතු වූ තවත් සාධකයකි. 

Visual Display Business තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 දී අඛණ්ඩව 15 වන වරටත් ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත් විය. වසර 15 ක් පුරාවට ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ නවෝත්පාදනයන් ඉදිරිපත් කරමින් ද නව පාරිභෝගික ජීවන රටාවන් පිළිබිඹු කරන අතිනවීන නිෂ්පාදන හඳුන්වා දෙමින් ද සැම්සුන් රූපවාහිනී ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වී සිටී. එමෙන්ම මෙම අංශය තුළ තිරසාරභාවය පවත්වාගෙන යාම සඳහා සැම්සුන් අඛණ්ඩ උත්සාහයන් ගෙන ඇති අතර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහ වර්ණ හඳුනා ගැනීමේ දුර්වලතාවයෙන් පෙළෙන පරිශීලකයින්ට ප‍්‍රවේශවීමේ හැකියාව වැඩි කරන නිෂ්පාදන සහ පරිසර හිතකාමී ඇසුරුම්කරණ දියත් කරමින් සිටී.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යු මහතා ‘‘සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් පසුගිය වසරේදී ලොව ඉහළම වෙළෙඳ නාම පහ අතරට ශ්‍රේණිගත වීම හා 2013 න් පසු අපගේ වෙළෙඳ නාම වටිනාකම අත්කර ගත් විශාල වර්ධනය අපව තව තවත් දිරිගන්වනවා. අපගේ පාරිභෝගික ජනතාවට ඇහුම්කන් දෙමින් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් අපගේ කළමනාකරණ ආකෘතිය උපරිමව ප‍්‍රයෝජනයට ගත හැකි පරිදි ඉහළ නැංවීමට අප පොරොන්දු වෙනවා. ලොව පුරා අපට ආදරය කරන පාරිභෝගික ජනතාවගෙන් ලැබුණු දැවැන්ත සහයෝගය වෙනුවෙන් අප ප‍්‍රතිඋපකාර කරන්නේ මෙලෙසයි.” යනුවෙන්  පැවසුවේය.

මූල්‍ය කාර්යසාධනය, මිලදී ගැනීම් කෙරෙහි වෙළෙඳ නාමයේ බලපෑම සහ වෙළෙඳ නාම තරගකාරිත්වය ඇතුළු සාධක කිහිපයක් පිළිබඳව සිදු කරන පුළුල් විශ්ලේෂණයක් මත පදනම්ව Interbrand ව්‍යාපාරවල වෙළෙඳ නාම වටිනාකම තක්සේරු කිරීමකට ලක් කරයි.

මේ අතර, ඔක්තෝබර් 12 වන දින, සැම්සුන් ලොව හොඳම සේවා යෝජකයා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් අඛණ්ඩව දෙවන වසරටත් අංක 1 ස්ථානයේ ශ්‍රේණිගත කරන ලදී. ලොව පුරා සේවකයින් සහ ව්‍යාපාර ගණනාවකින් සමන්විත ගෝලීය සංවිධානයක් ලෙස, සැම්සුන් නැවත වරක් අංක 1 සේවා යෝජකයා ලෙස තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

සෑම වසරකම, ෆෝබ්ස් විසින් රටවල් 58 ක විවිධ කලාපවල ව්‍යාපාර මෙහෙයුම් සිදු කරන සේවකයින් 150,000 ක් පමණ සමීක්ෂණය කරනු ලබයි. මේ වසරේදී සමීක්ෂණය සඳහා ප‍්‍රතිචාර දැක්වූවන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ සේවා යෝජකයන්ගේ COVID-19 ප‍්‍රතිචාර පිළිබඳව ඔවුන් තුළ ඇති කැමැත්ත ශ්‍රේණිගත කරන ලෙසත් ප‍්‍රතිරූපය, ආර්ථික පියසටහන, නිපුණතා සංවර්ධනය, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජ වගකීම යන සාධක මත ඔවුන්ගේ සේවා යෝජකයන්ට ලකුණු ලබා දෙන ලෙසත්ය. 

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply