SDB බැංකුව මගින් 2025 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී බැංකු ක්ෂේත්රයේ කුසලතා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින්, කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී 20 වැනි වරටත් පැවැත්වූ මෙම උත්සවයේදී SDB බැංකුව මෙම ඇගයීමට ලක්විය.

වම සිට දකුණට:
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, පැට්රික් අල්විස් මහතා; SDB බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී, චිත්‍රාල් ද සිල්වා මහතා; ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්, රේණුකා වීරකෝන් මහත්මිය; SDB බැංකුවේ තිරසාර බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී, නිලුපමා මධුරාවල මහත්මිය; ශ්‍රී ලංකාවේ උස්බෙකිස්තාන තානාපති, අලිෂර් ටුක්ටයෙව් මැතිතුමා; සහ NBEA 2025 තාක්ෂණික කමිටු සාමාජික, ශ්‍යාමලී අමරතුංග මහත්මිය.
මෙම සම්මානය මගින් SDB බැංකුවේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ සමාජ බලපෑම ඒකාබද්ධ කළ මූල්‍ය සේවාවන්හි විශිෂ්ටත්වය පිළිබිඹු කරයි. එය බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය මෙන්ම වගකීම් සහගත, ප්‍රජා-කේන්ද්‍රීය බැංකුකරණය හරහා ජාතික ප්‍රගතියට ලබාදුන් දායකත්වය ද ඉස්මතු කරයි.
NBEA සම්මාන උළෙල, පාලනය, තිරසාරභාවය, නවෝත්පාදනය සහ සමාජ වටිනාකම් උදෙසා විශිෂ්ටත්වය පෙන්වන ආයතන ඇගයීමට ලක් කරන ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය වේදිකාවකි. Ernst & Young ආයතනය විසින් මෙහෙයවන ලද මූල්‍ය හා තාක්ෂණික කමිටුවක් මඟින් සිදුකළ දැඩි ඇගයීමකින් පසු, මහාචාර්ය අජන්තා ධර්මසිරි සහ ලසන්ත සල්ගාදෝ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලය විසින් SDB බැංකුව මෙම සම්මානය සඳහා නිර්දේශ විය.
SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසුවේ, “NBEA 2025 උළෙලේදී බැංකු ක්ෂේත්රයේ විශිෂ්ටතා සම්මානය දිනාගැනීම අපට ගෞරවයක් මෙන්ම, අපගේ මූලික අරමුණ වන බැංකුකරණය මඟින් සියලුම ගනුදෙනුකරුවන්ට මූල්‍ය, සමාජීය හා පාරිසරික වශයෙන් අර්ථවත් වටිනාකමක් ලබාදිය යුතු බව තහවුරු කිරීමකි. එසේම, මෙය බැංකු ක්ෂේත්රය තුළ අපගේ ආචාරධාර්මික හා තිරසාර ප්‍රවේශයට සාක්ෂියක් වන අතර, ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් අතර බැංකුවේ දැක්ම ඉහළ නංවනවා. එමෙන්ම, අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන්ගේ දිගුකාලීන විශ්වාසය තවදුරත් තහවුරු කරනවා.”
SDB බැංකුව මෙම ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ පරිවර්තනයට තවදුරටත් දායක වීමටත්, නවෝත්පාදනය තුළින් ඉදිරියට යාමට ශක්තිමත් මගක් පාදයි.