Silk Route Ventures, තම පළමු වෙළෙඳසැල Havelock City Mall හිදී විවෘත කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ කාබනික ආහාරපාන සහ ආහාර අතිරේක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Silk Route Ventures සිය පළමු වෙළෙඳසැල, සිය සෞඛ්‍ය හා සුවතා සන්නාමය වන Ancient Nutra යටතේ පසුගියදා විවෘත කරන ලදී. නවතම හැව්ලොක් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ බිම් මහලෙහි පිහිටි මෙම වෙළෙඳ කුටිය මගින් නිෂ්පාදන රැසක් දේශීය පාරිභෝගිකයින් වෙත සමීප කෙරේ. 

Ancient Nutra නිෂ්පාදන අතරට, ඖෂධීය සහ ඖෂධීය සාර ආහාර අතිරේක, ස්වාභාවික ආහාරපාන සහ ස්වාභාවික රූපලාවන්‍ය ද්‍රව්‍ය අයත් වේ. වර්තමානයේ බොහෝ දෙනෙක් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් වගකීම් සහගත ජීවන රටාවකට අනුගත වීමට වැඩි නැඹුරුවක් දක්වන බැවින් මෙම නිෂ්පාදන වෙත ඇති ඉල්ලුම ද වර්ධනය වී තිබේ. 

අතීත ප්‍රතිකාර සහ ඖෂධ නැවත ජනප්‍රිය කිරීමේ අදහසින් ද යුතුව හඳුන්වා දෙන මෙම නිෂ්පාදන සෑදීමේදී අමුද්‍රව්‍ය සපයා ගනු ලබන්නේ කෘෂි රසායනවලින් දූෂ්‍ය නොවූ මෙරට කුඩා පරිමාණ කාබනික වගා බිම්වලිනි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නිෂ්පාදන සඳහා USDA Organic, EU Organic වැනි සහතික හිමිව ඇති අතර, නිෂ්පාදන ක්‍රියාවලිය ද GMP, HACCP, ISO 22000, FSSC 22000 සහ ආයුර්වේද දෙපාර්තමේන්තු සහතික ලත් කර්මාන්තශාලාවක සිදුකෙරේ. 

මීට ඉහතදී පාරිභෝගිකයින්ට Ancient Nutra නිෂ්පාදන ලබාගත හැකිවූයේ මාර්ගගත ක්‍රමයට පමණි.  නව වෙළෙඳසැල විවෘත කිරීමත් සමඟ නවතම පාරිභෝගික අත්දැකීමක් සමීප කිරීමට සමාගම සමත්ව තිබේ. Silk Route Ventures සැපයුම් දාමය සහ ශක්‍යතා වර්ධනය තුළින් මේ වනවිට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ කිහිපයක් කරා ප්‍රවේශ වීමටත්, පසුගිය මාස කිහිපය තුළ එහි දැවැන්ත වර්ධනයක් ළඟා කරගැනීමටත් සමාගමට හැකිව තිබේ. 

මීට අමතරව Silk Route Ventures හි Plant Based Studios සන්නාමය යටතේ හඳුන්වාදෙන ශාක අනුසාරයෙන් නිෂ්පාදනය කරන ලද මයෝනීස්, චීස් ස්ප්‍රෙඩ්, කජු චීස්, නගට්ස්, බර්ගර් පැටීස්, මින්ස් මික්ස් සහ කොකනට් ජෑම් ඇතුළු නිෂ්පාදන රැසක් ද මෙම වෙළෙඳසැල හරහා ලබාගත හැක. 

Silk Route Ventures ඉදිරියටත් ඉහළ ගුණාත්මක භාවයකින් යුතු නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීමටත්, ආර්ථිකයට සහ දේශීය ගොවි ප්‍රජාවගේ ජීවනෝපායට ශක්තියක් සැපයීමටත් අපේක්ෂා කරයි. එමෙන්ම දේශීය ගොවීන් වෙත fair-trade අනුකූලතාව පිළිබඳ විද්‍යාත්මක පුහුණුවක් සහ දැනුම සැපයීමටත් සමාගම කටයුතු කරයි. 

2014 වසරේදී ආරම්භ කෙරුණු Silk Route Ventures සමාගම, ආහාරපාන ක්ෂේත්‍රයේ විස්තීර්ණ කොන්ත්‍රාත්ගත නිෂ්පාදන සේවා ලබාදීම සිදුකරයි. එනම්, අමුද්‍රව්‍ය සපයාගැනීම, නිෂ්පාදනය (මුල් සන්නාම නිෂ්පාදනය ද ඇතුළුව), ඇසුරුම්කරණය, ලේබල්කරණය සහ සේවා සැපයුම් ඇතුළු සියලු විසඳුම් සම්පාදනය කරයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply