SLIIT ආයතනය විසින් ලංකාවේ ප්‍රථම වරට නීතිවේදී උපාධිය සඳහා නීති ආධාර ඒකකයක් ස්ථාපිත කරයි

Share with your friend

SLIIT ආයතනයේ මෙහයවීම යටතේ පවත්වාගෙන යනු ලබන එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය පූර්ණ බලයලත්, තෙවසරක උපාධි වැඩසටහනකි. ඉංග්‍රීසි නීතියේ මූලික සිද්ධාන්ත ඇතුළත් උපාධි වැඩසටහනක් වන මෙහි මානව හිමිකම්, වාණිජ නීතිය, මූල්‍ය අපරාධ නීතිය, ජාත්‍යන්තර නීතිය යනාදී විෂයයන් ඇතුළත් වේ.

මෙරට පිරිනමනු ලබන අනෙකුත් නිති උපාධි වලට වඩා වෙනස් වූ නවමු අන්තර්ගතයක් ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලයේ නීතිවේදී (ගෞරව) උපාධියේ දැක ගත හැකිය. වර්තමානයේ නීති ක්ෂේත්‍රයේ වඩාත් වේගවත්ව සංවර්ධනය වන සමථකරණය (Mediation), විකල්ප ආරවුල් විසඳීම (Alternative dispute Resolution) එනම් උසාවියෙන් පිටත ආරවුල් විසඳීම යනාදී ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමට නැඹුරුතාවයක් දක්වන නව විෂය මාලාවකින් මෙම උපාධිය සමන්විත වේ.

එහි තවත් එක් විශේෂත්වයක් ලෙස දෙවන හා තෙවන අධ්‍යයන වසර වලදී නීති වෘත්තිකයන්ගේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යනු ලබන නීති ආධාර ඒකකයක අත්දැකීම් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවේ. මෙම විෂය හරහා සිසුන්ට ජ්‍යෙෂ්ඨ නීතිඥයින් සමඟ සම්බන්ධ වීමට සහ නීතිමය ගැටළු පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබේ.

SLIIT ආයතනය විසින් LJMU නීතිවේදී (ගෞරව) උපාධිය වෙනුවෙන් මෙසේ ස්ථාපිත කරන ලද නීති ආධාර ඒකකය/ නීති සායනය සිසුන්ට මිල කළ නොහැකි ප්‍රයෝගික අත්දැකීමක් ලබා ගැනීමට සහයෝගය දක්වයි. ලංකාවේ පෞද්ගලික නීති විද්‍යාලයකින් මෙවැන්නක් ස්ථාපිත කළ පළමු අවස්ථාවද මෙයයි.

SLIIT හි මෙම නීති සායනය හරහා සිසුන්ට ප්‍රථමයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥයින්, සේවාදායකයන්ට නීති උපදෙස් හා ආධාර ලබා දීම නිරීක්ෂණය කිරීමට ඉඩ ලබා දෙන අතර ඒ හා සම්බන්ධ වී ජ්‍යෙෂ්ඨයන්ගේ උපදේශන කටයුතු පැවැත්වීම,නීති ලේඛන, කෙටුම්පත් සකස් කිරීම යනාදී වෘත්තීමය කටයුතුවලට අදාලව වටිනා අත්දැකීම් ලබා දීමට අපේක්ෂා කරයි. මෙය සිසුන්ගේ ‘සායනික නීති අධ්‍යාපනය’ යන විෂයට සමගාමීව සිදු කරන අංගයකි.

ඔවුන්ගේ ප්‍රායෝගික කුසලතා දියුණු කර ගැනීමට මෙම නීති සායනය සිසුන්ට පමණක් නොව ප්‍රාදේශීය ප්‍රජාවට තම නීතිමය ගැටළු විසඳා ගැනීමට හා යුක්තිය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දීමට අවශ්‍ය අඩිතාලම සැපයීමටත් දායකත්වය ලබා දෙයි.

SLIIT නීති විද්‍යාලය මගින් මනඃකල්පිතව නඩු පිළිබඳව තර්ක කෙරෙන අනුරූපී අධිකරණයක අත්දැකීම ප්‍රායෝගිකව ලබා ගත හැකි අතර, ඒ තුළින් වර්තමාන සැබෑ ලෝකයේ නීතිමය ගැටළු හා සම්බන්ධ පෙරහුරු නඩු විභාග, ලිඛිත සහ වාචික උපදේශනය පිළිබඳ අත්දැකීම් සිසුන්ට ලබා දෙනු ඇත. මේ හරහා සිසුන්ට සැබෑ නීතීඥයින්ගේ ශිල්පීය ක්‍රම සහ ක්‍රියාවලීන් උපයෝගී කර ගනිමින් සැබෑ අධිකරණයක් තුළ  තර්ක කිරීමට හැකියාව ලැබෙන අතර ඔවුන්ව අවශ්‍ය උපදේශන කුසලතා වලින් ද බල ගන්වනු ලබයි. 

ක්ෂේත්‍රයේ කීර්තිමත් නීති විශාරදයකු වන මහාචාර්ය නාගනාදන් සෙල්වක්කුමාරන් මහතා SLIIT නීති විද්‍යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ඉහළ සුදුසුකම් සහ පළපුරුදු කථිකාචාර්ය මඩුල්ලක් යටතේ සිසුන්ට සිය අධ්‍යයන කටයුතු කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.  ඊට අමතරව (ආරාධිත දේශණයන් හරහා) පිළිගත් නීතිවේදින්ට, ජ්‍යෙෂ්ඨ නීතීඥයින් හමුවේ ඔවුන්ගෙන් දැනුවත් වීමේ වැඩි අවස්ථා සලසා දීමට SLIIT නීති විද්‍යාලය කටයුතු කරයි.

නීති උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු, උපාධි අපේක්ෂකයින්ව දේශීයව පමණක් නොව ගෝලීය තලයේ තරඟ කිරීමට සුදුසුකම්ලත් නීතිඥයින් බවට පත් කරනු ඇත. උපාධිධාරීන් එක්සත් රාජධානියේ සොලිසිටර් නියාමන අධිකාරිය සහ නීතිඥ ප්‍රමිති මණ්ඩලය විසින් ද පිළිගැනීමට ලක් කර ඇති අතර, ඔවුන්ට එක්සත් රාජධානියේ නීතීඥයෙකු වීමටත්, එක්සත් රාජධානියේ ඕනෑම තැනක නීතීඥවරයෙකු ලෙස කටයුතු කිරීමටත් හැකියාව ලබා දෙනු ඇත. 

මීට අමතරව, මෙම නීති උපාධියට ශ්‍රී ලංකා නීති අධ්‍යාපන කවුන්සිලයේ විධිමත් අනුමැතිය ලැබී ඇති අතර ඒ මඟින් සිසුන්ට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග වලට පෙනී සිට එම විභාග සමත් වීමෙන් ශ්‍රී ලංකාවේ නීතිඥයින් ලෙස දිවුරුම් දීමටත් වෘත්තියේ නියැලීමටත් අවස්ථාව ලැබේ. 

SLIIT පිරිනමන LJMU LLB (ගෞරව) උපාධිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (MOHE) යටතේ පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් විශ්වවිද්‍යාල පනත යටතේ අනුමත කර ඇත. SLIIT යනු පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ (ACU) මෙන්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ ද (IAU) සාමාජිකයෙකි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 754 4801 දුරකථන අංකයෙන් හෝ ljmu@sliit.lk විද්‍යුත් තැපෑලෙන් ලබා ගත හැකිය. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply