SLIIT විසින් අනාගත සිසුන්ට සිය උපාධි වැඩසටහන් සහ වෘත්තීය මාර්ග පිළිබඳව දැනුම්වත් කෙරෙන පුළුල් අධ්‍යාපනික ප්‍රදර්ශනය වෙත ආරාධනා කරයි

Share with your friend

SLIIT විසින් සිසුන්ගේ අධ්‍යාපනික සීමාවන් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ආයතනයේ අධ්‍යාපනික අවස්ථා, ජාත්‍යන්තර හුවමාරු අවස්ථා සහ ජාලගත සබඳතා, රැකියා අවස්ථා හා නියැලීමේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනයක් සහිත සුවිශේෂී Hybrid විවෘත සතියක් (Hybrid Open Week) පැවැත්වීමට සූදානම් කර ඇත. එය ලබන මාර්තු මස 13 දා සිට 19 දක්වා මාර්ගගතව (Virtual event) සහ SLIIT පරිශ්‍රය තුළදී (On Campus) පැවැත්වේ.

මාර්ගගතව පැවැත්වෙන විවෘත දිනය (Virtual Open Day) 2022 මාර්තු 13 දා පෙ.ව. 9.00 සිට පැවැත්වීමට සූදානම් කර ඇති අතර එහිදී අනාගත සිසුන්ට සහ උනන්දුවක් දක්වන පුද්ගලයින්ට SLIIT ආයතනය මාර්ගගතව නැරඹීමට (Virtual campus tour) අවස්ථාව හිමි වේ. ඒ මඟින් ඔවුන්ට SLIIT හි ස්මාර්ට් පන්තිකාමර සහ අලුතින් ස්ථාපිත කර ඇති විද්‍යාගාර ඇතුළු පහසුකම් පිළිබඳව සොයා බැලීමට සහ ඒවා අත්විඳීමට හැකි වනු ඇත.

මීට අමතරව වර්තමාන සිසුන්ගේ ‘Life at SLIIT’ පිළිබඳ තොරතුරු සහ අත්දැකීම් පිළිබඳව ඔවුන්ගෙන්ම දැන ගැනීමට අවස්ථාව හිමිවේ. SLIIT හි පළපුරුදු විද්වතුන් සමඟ පැවැත්වෙන Q & A sessions සඳහා ද මාර්ගගතව කෙරෙන සැසිය අතර තුරදී සම්බන්ධ විය හැකි වේ.

මෙම වැඩසටහන මඟින් පරිගණක, ඉංජිනේරු, මානව ශාස්ත්‍ර හා විද්‍යා සහ ව්‍යාපාර වැනි සියලුම පීඨවල පීඨාධිපතිවරුන් සමඟ General session ද පවත්වනු ලබන අතර, ඔවුන් හරහා අධ්‍යයන වැඩසටහන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් සිසුන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි. ඉන් අනතුරුව පළපුරුදු කථිකාචාර්යවරුන්ගේ සහභාගීත්වය ඇතිව ප්‍රශ්නෝත්තර සැසි වාර ද පැවැත්වීමට නියමිතය.

ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම සූම් (Zoom) සහ ෆේස්බුක් (Facebook) හරහා සැසි දෙකක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන්නන් ඊට ඇතුළත්වීම සඳහා සැසිවාරයට පෙර ලියාපදිංචි විය යුතු වේ. වැඩිදුරටත් තොරතුරු අපේක්ෂාවෙන් සිටින අය සඳහා ප්‍රශ්නෝත්තර සැසියක් ද සංවිධානය කිරීමට නියමිතය.

සහභාගීවන්නන් හට සෑම වැඩසටහනක් තුළදී විවිධ වූ විශේෂ අවශ්‍යතාවයන් සලසාදීම වෙනුවෙන් සියලුම පීඨවලට අයත් ප්‍රශ්නෝත්තර සැසි සඳහා වෙන් වෙන්වූ Zoom break out rooms ස්ථාපිත කර ඇත. සිත්ගන්නා ප්‍රශ්නෝත්තර සැසියක් තෝරා ගැනීමට සහ කැමති විෂය ගවේෂණය කිරීමට හා සාකච්ජා කිරීම සඳහා ඔවුන්ව අවශ්‍ය Zoom break out rooms වෙත සම්බන්ධ කිරීම මඟින් සහභාගීවන්නන් දිරිමත් කිරීමක්ද සිදුවේ.

මාර්ගගත වැඩසටහන් සියල්ල අවසන් වීමෙන් පසුව 2022 මාර්තු මස 14 දා සිට 19 දක්වා පෙරවරු 10.00 සිට SLIIT පරිශ්‍රය තුළදී (𝗢𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀) සිසුන් සඳහා හමුවක් පැවැත්වීමට ද නියමිතය. සහභාගීවන්නන් හට SLIIT පරිශ්‍ර ගවේෂණය කිරීමට සහ ස්මාර්ට් පන්තිකාමර, අලුතින් ස්ථාපිත කර ඇති විද්‍යාගාර සහ අනෙකුත් පහසුකම් භෞතික වශයෙන් අත්විඳීමට හා විශ්වවිද්‍යාලය තුළ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමේ අවස්ථාව ද ඒ මඟින් හිමි වේ.

සහභාගීවන්නන්ට වර්තමානයේ සිටින සිසුන් සමඟ පුද්ගලිකව කතා කිරීමට සහ ‘Life at SLIIT’ පිළිබඳ ඔවුන්ගේ අදහස් තුළින් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. SLIITහි උපාධි වැඩසටහන් සහ වෘත්තීය මාර්ග පිළිබඳ වැඩිදුරටත් අවබෝධයක් ලබා ගැනීම සඳහා SLIITහි පළපුරුදු විද්වතුන් සමඟ සැසිවාරයක්ද සංවිධානය කර ඇත.

මේ වැඩසටහන් මාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු සහ විස්තර +94 11 7544801 දුරකථනය මඟින් හෝ info@slit.lk  විද්‍යුත් ලිපිනය මඟින් ලබාගත හැකිය. SLIIT, නව නුවර පාර, මාලබේ යන ලිපිනය වෙත පැමිණීමෙන් හෝ ලබා දී ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් මේ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව සැලසේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply