SLT Digital Services වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්‍රණයේදී ඩිජිටල් අවකාශය තුළ ව්‍යාපාර සාර්ථක කරගැනීම කෙරෙහි වැඩි අවධානයක්

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL අනුබද්ධිත SLT Digital Services (පුද්.) සමාගමේ (SLT-DIGITAL) වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්‍රණය පසුගියදා පැවැත්විණි. ‘Connecting Businesses to Grow’ යන තේමාව යටතේ පැවති මෙහි මූලික අරමුණ වූයේ, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තම ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන්නා ආකාරය සම්බන්ධයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය දැනුවත් කිරීම ය. 

මෙම සම්මන්ත්‍රණයට ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටේ සංවර්ධනයට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මගින් ලැබෙන දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක්වූ අතර, ව්‍යාපාරවල දෛනික කටයුතු කාර්යක්ෂම ලෙස පවත්වාගැනීම සඳහා SLT Digital Services මගින් ලබාදෙන සේවා ඵලදායී ලෙස භාවිතා කරන ආකාරය මෙහිදී පෙන්වා දෙන ලදි. 

ඩිජිටල් අවකාශය තුළ සාර්ථක වීමට අත්‍යවශ්‍යවන විසඳුම් මාලාවක් SLT-DIGITAL වෙතින් ව්‍යාපාර වෙත හිමි වේ. විශිෂ්ට තලයේ මාර්ගගත ප්‍රවර්ධන වැඩසටහන්, ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය කිරීම, පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ විසඳුම් සහ ඉහළම තලයේ සම්බන්ධතා විසඳුම් මීට ඇතුළත් ය. 

මෙම විසඳුම් සමගින් ලැබෙන අමතර ප්‍රතිලාභ වන ඩිජිටල් නාමාවලි සේවාව, ඩිජිටල් අලෙවිකරණය, නිර්මාණශීලී අන්තර්ගත, Automobile.LK ඩිජිටල් නාමාවලිය සහ FortArc Gaming වේදිකාව ආදිය ද මෙහිදී පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙන ලදී.

මෙහිදී SLT Digital Services (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා ‘සමාගමක ව්‍යාපාර පරිවර්තනය සහ එහි ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම සඳහා නිෂ්පාදන එකතුව ප්‍රතිනිර්මාණය කිරීම’ යන මාතෘකාව යටතේ අදහස් දැක්වූ අතර, SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා, වර්තමාන ව්‍යාපාර පරිසරය සහ, ක්ෂුද්‍ර, සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරවලට SLT-MOBITEL සේවාවන්ගෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අදහස් දැක්වී ය. මෙම අවස්ථාවට SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක යන මහත්වරුද එක්වූහ. 

B2B ව්‍යාපාර කාණ්ඩයට වැදගත් වන ආකාරයට ඩිජිටල් තාක්ෂණයේ සිදු වී ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ SLT-MOBITEL සමූහ Smart විසඳුම් සාමාන්‍යාධිකාරී කල්හාර ගමගේ මහතා මෙහිදී ‘පරිවර්තනයන්ට ලක්වූ ඩිජිටල් නාමාවලි එකතුව සහ B2B කාණ්ඩයට වැදගත් වන විද්‍යුත් වාණිජ හැකියා’ නමින් ඉදිරිපත් කිරීමක් සිදුකළේ ය. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර සංවර්ධන සහ උත්සව) රුවන් විජේතුංග මහතා automobile.lk ඩිජිටල් නාමාවලිය සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව විස්තර කළේ ය. 

Sherry Bakery Equipment Suppliers (Pvt) Ltd.  හි අධ්‍යක්ෂ – විකුණුම් හා අලෙවි, රුහාර කංකානිගේ මහතා SLT-DIGITAL Business Directory මගින් තම ආයතනයට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව අදහස් දැක්වී ය. 

SLT Digital සමඟ අත්වැල් බැඳගැනීම මගින් ව්‍යාපාරවලට SLT-MOBITEL වෙතින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභවලට අමතරව එකම විසඳුමක් තුළින් ඩිජිටල් සහ දැන්වීම්කරණ සේවා ඇතුළු සේවා සහ ප්‍රතිලාභ රාශියක් ලබාගත හැකි වේ. 

SLT Digital යනු දැන්වීම්කරණය සඳහා සුවිශේෂී වූ ඒකාබද්ධ සේවා එකතුවක් පිරිනමන සේවා සම්පාදකයෙකි. එහි අතිශය ජනප්‍රිය වෙබ් අඩවියවන www.rainbowpages.lk වෙත දිනකට පිවිසෙන සංඛ්‍යාව 10,000 ඉක්මවයි. ව්‍යාපාරවලට වැඩි ප්‍රචාරයක් ලබාගැනීමට හැකිවීම සඳහා මේ හරහා ඩිජිටල් නාමාවලියක්, මුද්‍රිත නාමාවලියක්, ජංගම යෙදවුමක්, eBook එකක්, ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444), IVR ප්‍රවර්ධන සේවාවක්, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්‍ය දැන්වීම්කරණය සහ වෙබ් නිර්මාණය වැනි සේවා රැසක්ද හඳුන්වා දී තිබේ. මෙහි ලියාපදිංචි සැපයුම්කරුවන්ට රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට හැකි වීම අමතර වාසියකි. 

වැඩිදුර තොරතුරු 1212 ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානයෙන්, 0112 399 399 ඔස්සේ ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ www.rainbowpages.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply