WSO2 සමාගමේ ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරන විධායක මට්ටමේ උසස්වීම් 3 ක්

Share with your friend

ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා – උප සභාපති සහ ප්‍රධාන සැලසුම් නිර්මාණ ශිල්පී; ආචාර්ය මලිත් ජයසිංහ – උප සභාපති (Research and AI); රධික් කොළඹගේ – උප සභාපති (ආයතනික අලෙවි)

ඩිජිටල් පරිවර්තන තාක්ෂණයේ ප්‍රමුඛයා වන WSO2 සමාගම, සිය ඉදිරි ගමන තවදුරත් ශක්තිමත් කිරීමේ අරමුණින් විධායක මට්ටමේ උසස්වීම් 3 ක් සිදුකිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, මීට පෙර උප සභාපති (පර්යේෂණ) ලෙස කටයුතු කළ ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන නිර්මාණ ශිල්පී ලෙස පත්කර ඇති අතර, මීට පෙර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (Platform Architecture) ලෙස කටයුතු කළ ආචාර්ය මලිත් ජයසිංහ උප සභාපති (පර්යේෂණ හා කෘත්‍රිම බුද්ධිය) ලෙස පත්කර ඇත. මීට පෙර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (අලෙවි සේවා) සහ වැඩබලන ආයතනික අලෙවි ප්‍රධානී ලෙස කටයුතු කළ රධික් කොළඹගේ හතා උප සභාපති (ආයතනික අලෙවි)  ලෙස පත්කර තිබේ.

ලොව පුරා දැවැන්ත සමාගම්, ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සහ රජයන් ඇතුළු බොහෝ සේවාදායකයෝ තම ඩිජිටල් පරිවර්තන උත්සාහයන් සඳහා WSO2 හි විවෘත හා ‘cloud native’ විසඳුම් භාවිතා කරති. මෙම සේවාවන් හරහා වසරකට ගනුදෙනු ට්‍රිලියන 18 කට වඩා සිදු වේ. තම ඩිජිටල් සේවා හා යෙදුම් සඳහා මෙම සේවාදායකයෝ WSO2 හි API management, Integration, Customer Identity සහ Access Management (CIAM), භාවිතා කරති.

“සමාගම් හා ආයතන වල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට අත්වැලක් වීම සඳහා අපගේ නවතම cloud native විසඳුම් වලට අවශ්‍ය සහයෝගය ලබාදීමට අපගේ ජාත්‍යන්තර කණ්ඩායම වේගයෙන් පුළුල් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. ඒත් සමගම, අප මෙතෙක් අත්පත් කරගත් සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබාදුන් අපගේ වර්තමාන සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කරමින් ඉදිරියට යාමට අපට අවශ්‍යයි. ශ්‍රීනාත්, මලික් සහ රධික් යන තිදෙනා සතු නවෝත්පාදන දැක්ම, නායකත්වය සහ වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධය මෙන්ම, අපගේ ගමනේ ඉදිරි පියවරේදී ඔවුන් ඉටුකරනු ඇති ක්‍රමෝපායික භූමිකාවන් සැලකිල්ලට ගනිමින් මෙම උසස්වීම් සිදුකිරීමට අප කටයුතු කළා.” WSO2 නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව වීරවර්ණ මහතා පැවසී ය.

ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා: ඩිජිටල් පරිවර්තනයේ ක්‍රමෝපායන් සැලසුම්  කිරීම

WSO2 සමාගමේ උප සභාපති සහ ප්‍රධාන නිර්මාණ ශිල්පී ලෙස ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා, සමාගමේ නිෂ්පාදන අනාගතයට ගැළපෙන පරිදි වැඩිදියුණු කිරීමටත්, දැනට පවතින ඩිජිටල් ක්‍රමෝපායන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් තම දායකත්වය ලබාදෙනු ඇත. මීට පෙර දැරූ තනතුර තුළ ලැබූ සාර්ථකත්වය සහ, ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන රාශියක් වෙනුවෙන් පද්ධති හා මෙවලම් සැලසුම් කිරීම හා නිර්මාණය කිරීම සම්බන්ධ වසර 17 කට අධික අත්දැකීම් සම්භාරය සමගින් ඒ මහතා නව තනතුර ඔස්සේ සමාගමේ දියුණුවට සුවිශාල මෙහෙවරක් ඉටුකරනු නිසැක ය.

අපාචි ඇක්සිස් 2 (Apache Axis2) ව්‍යාපෘතියේ සම-නිර්මාතෘවරයෙකු වන ශ්‍රීනාත් මහතා අපාචි මෘදුකාංග පදනමේ (Apache Software Foundation) හි සාමාජිකයෙකුද වේ. අපාචි ඇක්සිස් 2 (Apache Axis2), අපාචි අයිරාවටා (Apache Airavata), සහ සිද්ධි කම්ප්ලෙක්ස් ඉවෙන්ට් ප්‍රොසෙසින් එන්ජින් (Siddhi complex event processing engine) ඇතුළු ‘රියල් වර්ල්ඩ් ඩිස්ට්‍රිබියුටඩ් සිස්ටම්ස්’  (Real-world distributed systems) රාශියක් නිර්මාණය කිරීමට ඒ මහතා දායක වී ඇති අතර, ග්‍රන්ථ 2 ක් සහ ලේඛන  40 කට අධික සංඛ්‍යාවක්ද රචනා කර තිබේ. 2009 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා විශ්ව විද්‍යාලයෙන් ඒ මහතා සිය ආචාර්ය උපාධිය ලබාගත්තේ ය.

ආචාර්ය මලිත් ජයසිංහ: පර්යේෂණ හා AI තාක්ෂණය ඔස්සේ අඛණ්ඩව නවෝත්පාදනයේ ඉදිරියට

උප සභාපති (පර්යේෂණ හා කෘත්‍රිම බුද්ධිය) වශයෙන් මලිත් ජයසිංහ මහතා WSO2 හි පර්යේෂණ කටයුතු වල පෙරමුණ ගනිමින්, එම පර්යේෂණ වල ප්‍රතිඵල සමාගමේ අනාගත විසඳුම් සඳහා භාවිතා කිරීමට පසුබිම සකස් කරනු ඇත. ඩිස්ට්‍රිබියුටඩ් සිස්ටම්ස් (Distributed Systems), ක්ලවුඩ් කම්පියුටින් (Cloud Computing), පෆෝමන්ස් ඉංජිනියරින් (Performance Engineering), සහ මැෂින් ලර්නින් (Machine Learning) යනාදිය ඒ මහතාගේ අවධානය යොමුවන ප්‍රධාන අංශ වේ.

පරිගණක විද්‍යාඥයෙකු, කතුවරයෙකු, බ්ලොග් රචකයෙකු, සහ මෘදුකාංග නිර්මාණ ශිල්පියෙකු වන ආචාර්ය මලිත් ජයසිංහ, සංකීර්ණ මෘදුකාංග පද්ධති සැලසුම් කිරීම, වැඩිදියුණු කිරීම හා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් වසර 15 කට අධික පළපුරුද්දක් හිමි වෘත්තිකයෙකි. පරිගණ විද්‍යා සහ මෘදුකාංග නිර්මාණ ශිල්පී සම්මන්ත්‍රණ වල දේශකයෙකු වශයෙන් නිතර සහභාගී වන ඒ මහතා ‘පෆෝමන්ස් ඔෆ් වෙබ් සර්විසස්’ (Performance of Web Services) කෘතියේ සම-කර්තෘ වරයාද වේ. ඒ මහතා ඕස්ට්‍රේලියාවේ RMIT University වෙතින් පරිගණක විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධියක් ලබා ඇත.

රධික් කොළඹගේ: WSO2 සතු ජාත්‍යන්තර ප්‍රසිද්ධිය තවදුරටත් පුළුල් කිරීම

උප සභාපති (ආයතනික අලෙවි) ලෙස රධික් කොළඹගේ මහතා, open source අලෙවි සමාගමක් වශයෙන් WSO2 සමාගම මෙතෙක් අත්කරගෙන ඇති ජනප්‍රියත්වය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ඩිජිටල් පරිවර්තන හවුල්කරුවෙකු ලෙස එහි නව භූමිකාව ප්‍රචලිත කිරීමට කටයුතු කරනු ඇත. මීට පෙර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (අලෙවි සේවා) සහ වැඩබලන ආයතනික අලෙවි ප්‍රධානී ලෙස කටයුතු කළ ඒ මහතා මින් ඉදිරියට උප සභාපති (ආයතනික අලෙවි) ලෙස සමාගමේ ජනප්‍රියත්වය ඉහළ නැංවීම සඳහා අලෙවිකරණ වැඩසටහන් සහ අනෙකුත් ප්‍රවර්ධන වැඩසටහන් නිර්මාණය කිරීමට මූලිකත්වය ගන්නා අතරම, අලෙවි කණ්ඩායමේ කාර්යක්ෂමතාව හා කාර්ය සාධනය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

WSO2 සමාගම හා සම්බන්ධ වීමට පෙර රධික් කොළඹගේ මහතා Adidas සහ Reebok සන්නාම සඳහා ලොව විවිධ රටවල විකුණුම් හා අලෙවි වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සිදුකළේ ය. එමෙන්ම වසර 20 කට අධික පළපුරුද්දක් ඒ මහතා සතු වේ.

WSO2 පිළිබඳව

WSO2 සමාගම 2005 වසරේදී ආරම්භ විය. එහි cloud native, API-first ප්‍රවේශය නිසා නිර්මාණකරුවන්ට හා සැලසුම්කරුවන්ට නවෝත්පාදනයන් වේගවත් කරමින්, තම නිෂ්පාදන ඉක්මනින් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකි වී තිබේ. WSO2 හි පුළුල් සහ සහසම්බන්ධිත මෘදුකාංග ගොනුව, විවෘත (Open Source) ප්‍රවේශය, සහ ඩිජිටල් පරිවර්තනීය විධික්‍රමය නිසා පාරිභෝගිකයෝ එහි සේවාවන් තෝරාගැනීමට පෙළඹෙති. ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය. ජර්මනිය, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල WSO2 කාර්යාල පිහිටුවා ඇති අතර, ඉංජිනේරුවන්, උපදේශකවරුන් හා වෘත්තිකයන් ඇතුළු 800 කට අධික පිරිසක් ලොව පුරා සේවයේ යෙදී සිටිති. වර්තමානය වනවිට ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමයන් සහ ජාත්‍යන්තර ව්‍යාපෘති දහස් ගණනක් WSO2 තාක්ෂණයන් භාවිතයෙන් වසරකට ගනුදෙනු ට්‍රිලියන 18 කට අධික සංඛ්‍යාවක් සිදුකරයි.

වැඩි විස්තර සඳහා https://wso2.com වෙත පිවිසෙන්න. LinkedIn සහ Twitter ඔස්සේ W202 Follow කරන්න.

වෙළඳ ලාංඡන සහ ලියාපදිංචි වෙළඳ ලාංඡන වල හිමිකාරීත්වය අදාළ හිමිකරුවන් සතු ය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply