ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, ලෝක නිර්මාණශීලීත්ව හා නවෝත්පාදන දිනය වෙනුවෙන් ‘Bin-novate’ නමින් විශේෂ තරඟයක් දියත් කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී කටයුතු කළේ ය. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල තැබීමට සුදුසු, අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ බඳුන් සඳහා නිර්මාණාත්මක සැලසුම් ඉදිරිපත් කිරීමට ජනතාව දිරිගැන්වීම මෙහි අරමුණ විය.

අවුරුදු 8 – 13 කාණ්ඩය ඇතුළුව කාණ්ඩ තුනක් යටතේ තරගය පවත්වන ලදි. කුඩා කල සිටම දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන හැකියාවන් දිරි ගන්වන අතරම, ප්ලාස්ටික් නිසා ඇති වන පරිසර දූෂණය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම මෙහි ඉලක්කය විය. වෙරළබඩ ප්‍රදේශවල පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට, තිරසාර අමු ද්‍රව්‍ය යොදා ගෙන නිෂ්පාදනය කළ හැකි පරිදි මෙම අපද්‍රව්‍ය බහාලන බඳුන් සැලසුම් කළ යුතු වූ අතර, උපචක්‍රීකරණය හෝ ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමු ද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කළ හැකි පරිදි ඉදිරිපත් කරන ලද සැලසුම් සඳහා අතිරේක ලකුණු ලබා දෙන ලදි. මුදල් ත්‍යාගවලට අමතරව, කිසියම් ජයග්‍රාහී සැලසුමක් පදනම් කරගෙන අනාගතයේ දී අපද්‍රව්‍ය බහාලන බඳුනක් නිෂ්පාදනය කරන්නේ නම්, එහි නිර්මාතෘට ඒ සම්බන්ධයෙන් නිසි ගෞරවය ලබා දෙනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති සහ ආයතනික මූල්‍ය, සමූහ බදු සහ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘති ප්‍රධානී නිස්රීන් රේමන්ජී මහත්මිය කියා සිටියේ, ප්ලාස්ටික් භාවිතය අවම වන පරිදි ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම සඳහා Plasticcycle සෑම විටම උත්සාහ දරන බවයි. “මෙවැනි තරඟ ඔස්සේ අපට ප්‍රජාවන් සමග එක් වී වගකීම් සහගත ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට ඔවුන් යොමු කරවීමට මෙන්ම, ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් සහ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට හැකියාව ලැබෙනවා. වගකීම් සහගත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම, අපගේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ වලින් එකක්. මේ වනවිට අප ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා බඳුන් 250 කට අධික සංඛ්‍යාවක් රටේ විවිධ ස්ථානවල තබා තිබෙනවා. ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසකට, වෙරළබඩ ප්‍රදේශවල පාරිසරික තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දෙන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ බඳුන් ලබා දීම අපගේ ඉලක්කයයි.” නිස්රීන් රේමන්ජී මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.
නිර්මාණ ශිල්පී ලී බැසල්ගෙට්, වරලත් වාස්තු විද්‍යාඥ රුචිරා වික්‍රමසිංහ සහ නිස්රීන් රේමන්ජී යන මහත්ම මහත්මීන් විසින්, තරඟයට ඉදිරිපත් වූ නිර්මාණ අතරින් ජයග්‍රාහී නිර්මාණ තෝරා ගන්නා ලදි. අත්තිලිගොඩ ගමගේ පුමිදු කල්හාන් (වයස අවුරුදු 8 – 13 කාණ්ඩය), සවීන් උවිෂ්ක සේරසිංහ (වයස අවුරුදු 14 – 19 කාණ්ඩය) සහ නබීලා නුෂින් ඉම්ටියාස් (වයස අවුරුදු 20 ට වැඩි කාණ්ඩය) මෙහි ජයග්‍රහණය හිමි කර ගත් අතර, ඔවුන්ට හිමි ත්‍යාග 2022 ජූලි 31 දින පිරිනමන ලදි.
Plasticcyle යනු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (පීඑල්සී) මගින් ක්‍රියාවට නංවා ඇති සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියකි. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.