සම්ප්‍රදායික අරාබි රස රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ

Share with your friend

අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත කිරීමේ උත්සවයට මැද පෙරදිග කළාපයේ තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද සහභාගී වූහ. ලෙබනන් චෙෆ් පෞද්ගලික සමාගම ඇරැඹූ පළමු අවන්හල මෙය වන අතර ඉදිරියේදී මෙරට සංචාරක කේන්ද්‍රස්ථාන රැසකට සිය අවන්හල් ජාලය ව්‍යාප්ත කිරීමට සමාගම අපේක්ෂා කරයි.

උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා ලෙබනන් චෙෆ් අවන්හල විවෘතව පවතී. සාම්ප්‍රදායික අරාබි කෑම වට්ටෝරුවලින් සපිරි ලෙබනන් චෙෆ් අවන්හලේ සියලුම සූපවේදීන් අරාබි ජාතිකයන් වීමද සුවිශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් පවතින මොහොතක විශේෂයෙන් මැද පෙරදිග සංචාරකයන් ඉලක්ක කර ගෙන මෙම අවන්හල විවෘත කළ බව එහි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ මහතා පැවසීය.

“ලංකාවට ඉතා සමීපව පිහිටා ඇති මැද පෙරදිග බොහෝ රටවල සිට සතියකට සෘජු ගුවන් ගමන් වාර රැසක් ලංකාවට ක්‍රියාත්මක වෙනවා. විශාල ජනගහණයක් සිටින මැද පෙරදිගින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉහළ විභවතාවක් පවතිනවා. වසර 40ක පමණ සිට ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් මැද පෙරදිග රැකියාවල නිරත වී ඇති නිසා එම රටවල ජනතාව හා ශ්‍රී ලාංකිකයත් අතර සමීප සම්බන්ධතාවක් පවතිනවා. වසරකට අරාබි සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට තමන්ට ආවේණික ආහාර රස විඳීමට දිවයින පුරා පැතිරුණු අරාබි අවන්හල් ජාලයක අවශ්‍යතාව ඉතා තදින් පවතිනවා. එම අඩුව සම්පූර්ණ කිරීමට තමයි අවන්හල් ජාලයක පළමු අවන්හල ලෙස ලෙබනන් චෙෆ් කොල්ලුපිටිය ප්‍රධාන ශාකාව විවෘත කළේ.” බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ මහතා වැඩි දුරටත් පැවසීය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply