සැම්සුන්ග් 2021 සඳහා නව මාදිලියේ ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය සහිත Wind-Free වායු සමීකරණ පෙළක් වෙළෙඳපොලට හඳුන්වා දෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සන්නාමයක් වන සැම්සුන්ග් 2021 වසර සඳහා නව මාදිලියේ වායු සමීකරණ පෙළක් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර මෙයට වැඩිදියුණු කළ ස්මාර්ට් පාලක හා PM 1.0 ෆිල්ටර්ස් සහිත වායු සමීකරණ සහ පහසුවෙන් මාරුකළ හැකි ෆිල්ටර්ස් සහිත ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුතු මාදිලි පහකට වෙනස් කළ හැකි (5 in 1) වායු සමීකරණ පෙළක් ද අයත් වේ. මෙම නව වායු සමීකරණ පෙළ හඳුන්වා දී ඇත්තේ පිරිසිදු වාතය, බලශක්තිය පිරිමැසීම, පහසුව හා එක් එක් පාරිභෝගිකයාට ගැලපෙන සිසිල් කිරීමේ මාදිලි ආදී සෑම පවුලකම අවශ්‍යතා සපුරාලීම සඳහාය.

වේගවත් සුළං රහිත (Wind-Free) වායු සමීකරණය

ඔබගේ ජීවන රටාවේ අවශ්‍යතාවන්ට ගැලපෙන 2021 වසර සඳහා හඳුන්වා දෙන ලද මෙම නව නිෂ්පාදන පෙළ දැන් Softlogic, Singer, Singhagiri, Damro හා සැම්සුන්ග් e-Store වෙතින් ලබා ගත හැකිය. ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙසරය සඳහා සැම්සුන්ග් වෙතින් වසර 10ක වගකීමේ සහතිකය සමඟ මෙම ඉන්වර්ටර් වායු සමීකරණ පෙළ වෙළෙඳපොළට නිකුත් කර ඇත. මෙම නව වායු සමීකරණ පෙළෙ හි මිල රුපියල් 134,990 සිට ආරම්භ වන අතර අනෙකුත් වායු සමීකරණ රුපියල් 105,999ක් වැනි මිලකට ඔබට මිලදී ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දැක්වූ සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා ‘‘වායු සමීකරණයක් තවදුරටත් වසරේ එක් කාලයකදී පමණක් භාවිතා කරන නිෂ්පාදනයක් නොවේ. මිනිසුන් නිවසේ සිට වැඩ කිරීම හා ඉගෙනීම් කටයුතු කරනු ලබන මේ කාලයේදී ඔවුන් මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ පිරිසිදු වාතය ලබා ගැනීමේ අවශ්‍යතාවය, කල්පැවැත්ම හා බලශක්තිය පිරිමැසීම යන කරුණු පිළිබඳවය. අප සෑමදෙයක්ම කරනු ලබන්නේ පාරිභෝගිකයින් මුල් කරගෙන වන අතර මෙම නව මාදිලි නිෂ්පාදනය කර ඇත්තේ පාරිභෝගිකයින්ගේ ජීවන රටාවන්ගේ සිදු වන වෙනස්කම් සිහිතබා ගෙනයි. අපගේ PM 1.0 හා පහසුවෙන් මාරු කළ හැකි ෆිල්ටර්ස් සහිත නව වායු සමීකරණ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සහතික කරන අතර අපගේ මාදිලි පහකට වෙනස් කළ හැකි (5 in 1) ඉන්වර්ටර් වායු සමීකරණ මගින් බලශක්තිය පිරිමැසීම හා ඒ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන්ට අනුව සැකසීම ද කළ හැකියි. නවතම වේගවත් සුළං රහිත (Wind-Free) වායු සමීකරණ මාදිලියේ ස්මාර්ට් හා AI විශේෂාංග මගින් පහසුබවක් ඇති කරවයි. ශ්‍රී ලංකාවේ වායු සමීකරණ වෙළෙඳපොලේ අපගේ ස්ථානය ඉහළින්ම පවත්වා ගෙන යාමට මෙම නව වායු සමීකරණ මාලාව තවදුරටත් උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් සඳහන් කළේය.

මාදිලි පහකට වෙනස් කළ හැකි (5-in-1) වායු සමීකරණය

සැම්සුන් වායු සමීකරණ  සමඟ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම

වර්තමානයේදී පාරිභෝගික අවධානය සෞඛ්‍ය හා සනීපාරක්ෂාව කරා යොමු වෙද්දී මෙම නව නිෂ්පාදනයන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මග සලසයි. වයි-ෆයි මගින් ක‍්‍රියාත්මක කළ හැකි, වේගවත් සුළං රහිත (Wind Free) වායු සමීකරණ මාලාවේ PM 1.0 ෆිල්ටරය මගින් ඉතා සියුම් දුවිලි අංශු අල්ලා ගැනීමෙන් හා වෛරස් හා බැක්ටීරියා විෂබීජහරණයෙන් අනතුරුව පාරිභෝගිකයාට පිරිසිදු හා නැවුම් වාතය ලබා දෙයි. සේදීමට මෙන්ම නැවත භාවිතා කිරීමට ද හැකි PM 1.0 ෆිල්ටරය නිසා ෆිල්ටර නැවත මාරු කිරීමේදී සිදු කරනු ලබන අමතර නඩත්තු වියදම් ඉතිරි වන අතර නැවුම් සහ පිරිසිදු වාතය භුක්ති විඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසෙයි.

වැඩිදියුණු කළ බලශක්තිය පිරිමැස්ම

අද වන විට නිවස යනු සියල්ලෙහිම හරය බවට පත්ව ඇත. මෙම නව නිපැයුම් බලශක්තිය ඉතිරිකිරීම මෙන්ම සිසිල් සුවපහසු වාතාවරණයක් ලබා දෙන අතරම නිවසේ සිට වැඩ කිරීමට/ඉගෙනුම් කටයුතු කිරීමට සහ නව ජීවන රටාවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි මාදිලි 5 කට (5-in-1) වෙනස් කිරීමේ හැකියාවෙන් ද යුක්ත වේ. පාරිභෝගිකයින්ට විනෝද සාද මාදිලිය – Party Mode (120%), සාමාන්‍ය මාදිලිය – Normal Mode (100%), ප‍්‍රසන්න මාදිලිය – Pleasant Mode (80%), පරිසර මාදිලිය –  Eco Mode (60%) සහ නිවසේ තනිව සිටින විට – Home Alone Mode (40%) මාදිලිය වැනි විවිධ කාර්ය සාධන මට්ටම්වලින් යුත් වායු සමීකරණ මාදිලි 5ක් තෝරා ගැනීම සඳහා හැකියාව ඇත. මෙහිදී ඔවුන්ට වායු සමීකරණය අතින් හැසිරවීමකින් තොරව ප‍්‍රශස්ථ කාමර උෂ්ණත්වය ලබා දෙයි. මීට අමතරව, ඩිජිටල් ඉන්වර්ටර් ක‍්‍රියාත්මක වීම (Digital Inverter boost) මගින්, පාරිභෝගිකයාට නිතරම වායු සමීකරණය ක‍්‍රියාත්මක කිරීම හා අක‍්‍රීය නොකර අපේක්ෂිත උෂ්ණත්වය පවත්වා ගැනීමෙන් 41‍% ක් දක්වා බලශක්තිය ඉතිරි කර ගත හැකිය. 2021 සමස්ත ඉන්වර්ටර් වායු සමීකරණය මාලාව පරිසර හිතකාමී R32 ගෑස් වලින් සහ තඹ කන්ඩෙන්සර්වලින් සමන්විත වේ.

වර්තමානය වන විට මිනිසුන් නිවසේ වැඩි කාලයක් ගත කරන බැවින් වායු සමීකරණ භාවිතය ඉහළ ගොස් ඇති අතර තම නිවසේ සිට වැඩ කරන සහ ඉගෙන ගන්නා කාලයේදී සැම්සුන්ග් හඳුන්වා දී ඇති බලශක්තිය පිරිමැසුම්දායක ඉන්වර්ටර් වායු සමීකරණ භාවිතයෙන් ඔවුන්ගේ විදුලි බිල ද අඩු කර ගත හැකිය. මීට අමතරව, සැම්සුන් හඳුන්වා දී ඇති නවතම මාදිලි පහකින් යුත් (5-in-1) වේගවත් සුළං රහිත (Wind-Free) වායුසමීකරණ සිත් ගන්නා ලෙස පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට ගැලපෙන පරිදි මනා පෙනුමකින් යුක්තව නිර්මාණය කර තිබීම ද විශේෂිතය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply