සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව දෙහිවල නගරයේ දැන් විවෘතයි !

Share with your friend

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව දෙහිවල ගාලූපාරේ අංක 249 දරණ ස්ථානයේ දැන් විවෘතය. සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 46 වැනි ශාඛාව ලෙස විවෘත වූ දෙහිවල ශාඛාව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා, එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් ජයනාත් ගුණවර්ධන මහතා සහ ශ‍්‍රියානි රණතුංග මහත්මිය, දෙහිවල සහකාර පොලිස් අධිකාරී සමන් ජයසේකර සහ කරගම්පිටිය පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් 2023 ඔක්තෝබර් මස 24 වනදා විවෘත කෙරිණ. සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ෆාස්ට් ඩ්‍රාෆ්ට්, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් දෙහිවල ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්ය මණ්ඩලය වෙතින් ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ආරම්භ කිරීමෙහිලා දෙහිවල නගරය තෝරාගැනීම පිළිබඳ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සිය අදහස් දක්වමින් “අපේ රටේ විවිධ සමාජ ඒකකවල ඒ ඒ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරමින් ශ්‍රී ලාංකිකයන් ආර්ථිකමය සාර්ථකත්වය කරා රැුගෙන යාමේ අභිලාශය ඇතිව ආරම්භ කෙරෙන දීප ව්‍යාප්ත ශාඛා ජාලයට අලූතෙන්ම එකතු වූයේ දෙහිවල ශාඛාවයි. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන දෙහිවල නගරය ආශ‍්‍රිත ව්‍යවසායක ප‍්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ මෙම ශාඛාවේ ප‍්‍රධාන අරමුණ. දෙහිවල අවට සිටින සෑම තරාතිරමකම පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන්නට අවශ්‍ය සියළු පහසුකම් මෙම ශාඛාවට අප ඇතුලත් කොට තිබෙනවා.” යැයි පැවසීය.

පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී අරඹා ගතවූ වසර 18 ක කාලය ඇතුලත ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂිකර්මාන්තය හා සබැඳි ව්‍යවසායකයන් සහ ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නන් ඇතුලු දිරියෙන් නැගී සිටින්නට වෙර දරන ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වමිනි.

තිරසර හෙට දවසක් උදෙසා දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ “සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස දෙහිවල ශාඛාව විවෘත කිරීමට සමගාමීව දෙහිවල නගරය ආශ‍්‍රිත පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය උදෙසා ශාක 100ක් රෝපණය කිරීම සිදුකෙරිණ. එහි පළමු පියවර ලෙස ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ පරිසරයට හිතකාමී පැල 50ක් රෝපණය කරන ලදී. “සියපතෙන් මිහිකතට” සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන යටතේ මේ වනවිට 10,500 කට අධික පැල සංඛ්‍යාවක් මිහිකතට තිළිණ කොට ඇත.

සියපත ෆිනෑන්ස් දෙහිවල ශාඛාවේ සේවා 0117 605 665 අංකයෙන් විමසිය හැකි අතර සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් වීම සඳහා www.siyapatha.lk වෙත පිවිසෙන්න. පළපුරුදු වෘත්තීමය මූල්‍ය සේවා රැසක් අත්විඳින්නට දෙහිවල ප‍්‍රදේශවාසී ගනුදෙනුකාරභවතුන් වෙත සියපත ෆිනෑන්ස් පීඑල්සී ඇරයුම් කරසිටියි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply