INSEE සංස්ථා, මෙවර SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය ලෙස අඛණ්ඩව 13 වන වරටත් පිදුම් ලබයි

Share with your friend

 INSEE සංස්ථා සන්නාමය, 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, එම සන්නාමය මෙම කීර්තිමත් සම්මානය අඛණ්ඩව දිනා ගත් 13 වැනි අවස්ථාව මෙය යි.  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ දී   ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා ජනතා සම්මානය දිනා ගැනීම,   INSEE සංස්ථා වසර ගණනාවක් පුරා  දිනා සිටින පාරිභෝගික විශ්වාසයට හොඳ ම උදාහරණයකි. 

මෙම සම්මානය පිළිබඳ ව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ වාණිජ අධ්‍යක්ෂ සෆීඛාන් සිද්දීක් මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවල දී පවා INSEE සංස්ථා සන්නාමය කෙරෙහි දක්වන අඛණ්ඩ සහයෝගය සහ විශ්වාසය වෙනුවෙන්  පාරිභෝගික ජනතාව වෙත සිය කෘතඥතාව පළ කරන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ සිද්දීක් මහතා,  “INSEE සිමෙන්ති ආයතනය මගින් හඳුන්වා දෙන සෑම නිෂ්පාදනයක් වගේ ම අප විසින් ක්‍රියාත්මක කරනු ලබන සෑම ක්‍රියාවලියක ම   විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපි නිරන්තරයෙන් ම කැප වෙනවා. පසුගිය දශක පහ තුළ, අපි අඛණ්ඩව හොඳ ම නිෂ්පාදන සහ විසඳුම් ඉහළ ම ගුණාත්මක භාවයෙන් යුතු ව පාරිභෝගික ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් කැප වුණා. මෙම සම්මානය එම විශිෂ්ටත්වය හා ගුණාත්මක භාවය ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා අපට උත්තේජනයක් සපයන බව පැවසිය යුතු ම යි. ” යනුවෙනි.

2007 වසරේ දී ආරම්භ කරන ලද SLIM Kantar ජනතා සම්මාන උළෙල, මෙරට ආයතනික ක්ෂේත්‍රය ආවරණය කරන වැඩසටහන් අතරින් ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස හඳුන්වා දිය හැකි ය.  මෙවර සම්මාන උළෙල 2024 මාර්තු 18 වැනි සඳුදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර, එම උත්සවය සඳහා වෙළෙඳ නාම සහ නියෝජිතායතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අලෙවි කරුවෝ සහ නිලධාරීහු රැසක් සහභාගි වූහ. 

ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Kantar ආයතනය විසින් සිදු කරනු ලබන පූළුල් සමීක්ෂණයක් හරහා මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගන්නා අතර, මෙරට ජනතාවගේ කැමැත්ත මත ජයග්‍රහණ හිමි වීම විශේෂත්වයකි.  

INSEE සංස්ථා යනු, ශ්‍රී ලංකාවේ මෙතෙක් නිපදවන ලද ප්‍රථම පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති නිෂ්පාදනය වන අතර, ඒකාබද්ධ සිමෙන්ති කම්හලක් සහිත එක ම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස ද හඳුන්වා දිය හැකි ය.  INSEE සිමෙන්ති, සිය පුළුල් නිෂ්පාදන සඳහා ‘පාරිසරික නිෂ්පාදන සහතිකය (EPD)’ ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම වන අතර, එම සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලියේ දී පරිසරය වෙත කාබන් මුදා හැරීම  අවම කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිරන්තරයෙන්  කැප වෙයි. INSEE සංස්ථා පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති, ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන හරිත ගොඩනැඟිලි සහතිකය හිමි කර ගත් ප්‍රථම ශ්‍රී ලාංකේය සිමෙන්ති සන්නාමය බවට පත් වූ අතර, එම සන්නාමය 2023 වසරේ දී Ceylon Institute of Builders වෙතින් රන් සහතිකය හිමි කර ගැනීමට ද සමත් විය. 

INSEE සිමෙන්ති පිළිබඳ ව :

INSEE සිමෙන්ති (ශ්‍රී ලංකා)  යනු අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන සියම්සිටි සිමෙන්ති පොදු සමාගමෙහි සාමාජිකයෙකි.  INSEE සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ එක ම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන අතර, එම සමාගම ශ්‍රී ලංකාව තුළ ඉහළ ඉල්ලුමක් සහිත INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් යන සන්නාම ඇතුළුව ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත පුළුල් නිෂ්පාදන පරාසයක්  හඳුන්වා දෙයි.   550 දෙනෙකුගෙන් යුත් වෘත්තික කණ්ඩායමකින් සමන්විත INSEE සිමෙන්ති සමාගම, නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධන යන අංශ සඳහා නිරන්තරයෙන් ආයෝජනය කරමින්, උසස් තත්ත්වයේ මිශ්‍ර සිමෙන්ති නිෂ්පාදන සහ තිරසාර ගොඩනැගිලි ද්‍රව්‍ය හඳුන්වා දීමට සහ ඉහළ ක්‍රියාකාරී, අඩු කාබන් විමෝචනයක් සහිත හා  අනාගතයට සරිලන ඉදිකිරීම් වෙනුවෙන් මෙරට  ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙහෙයවයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply